Who guards the guardians?

මුරකරු මුරකරනුයේ කවුරුන් විසින්ද?


මෑතකාලීනව Black lives matter සමාජ ව්‍යාපාරය මුල් කොටගෙන ලොව පුරා සමානාත්ව අයිතිවාසිකම් පිළිබඳව විශාල අවධානයක් යොමු වී ඇති අතර,මේ සමගම සාකච්ජාවට බඳුන්වූ තවත් සුවිශේෂී කාරණයක් ලෙස භහිර්නීතික ඝාතන නැතහොත් Extra judicial executions හැඳින්විය හැක.ශ්‍රීලංකාව තුළද ඉහත මාස 6 තුළ අසන්නට ලැබුණු මාකඳුරේ මදුෂ් ඝාතණය, නවගමුව පොලිස් භාරයේදී 25 හැවිරිදි තරුණයකු මිය යාම,21 හැවිරිදි පූගොඩ තරුණයකු මියයාම,මහර බන්ධනාගාරයේ සිදුවූ මරණය ආදිය තුළ “භහිර්නීතික ඝාතන” දැඩි කතාබහකට ලක්විණි. අප රටේ මෙම ගණයේ නීතිවිරෝධී ඝාතණයන්හී ප්‍රවණතාව වර්තමානයේ සැලකිය යුතු ලෙස ඉහල යමින් පවතින බව මෑතකාලීනව (2020, ජූනි) තීන්දු වූ කඳවලගේ දොන් සමන්ත පෙරේරා එ හෙට්ටිපොල පොලිස් ස්ථානාදිපති නඩු තීන්දුවෙහිදීද පැහැදිලිව ප්‍රකාශ විය.පොලිස් ප්‍රචණ්ඩත්වය,රැඳවුමේදී ඇති වන කෲර සැලකීම් හා රැඳවුමේදී සිදුවන මරණ වල අනුරූපී රටාවක් පවතින බව අධිකරණයට ඉදිරිපත් වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ප්‍රමාණය තුළින් හෙළි වී ඇති බව මෙහිදී දැක්විණි.


බහිර්නීතික ඝාතන යනු මොනවාද?


බහිර්නීතික ඝාතන යන්නෙහි සරල අදහස නම්, රජය විසින් හෝ එහි නියෝජිතයන් විසින් කරනු ලබන අත්තනෝමතික හෝ නීතිවිරෝධී ඝාතණයන් යන්න වේ. අධිකරණ කාර්යපටිපාටියෙන් බැහැරව නීති නිලධාරීන් විසින් තම භාරයේ සිටින සිරකරුවන් රැඳෙවියන් සම්බන්ධව කෙරෙන ඝාතණයන්,අතුරුදන් කරවීම් ආදිය මේ ගණයට අයත් අපරාධ ලෙස සැළකිය හැකිය. රටක යහපැවැත්ම තීරණය කරන සාධකයක් ලෙස නීතියේ ආධිපත්‍යය යනු රටක් තුළ පවතින නීතිය කෙරෙහි සියලු දෙනා සමානව යටත් වීමයි.නීතියේ ආධිපත්‍යය තහවුරු වූ කල රටක ඇති පාලකයන්ගේ අභිමතානුසාරී බලය සීමා කරවයි,නිසි කාර්යපටිපාටියක් තුළ ජනතාවට යුක්තියේ පිළිසරණ ලබා දෙයි.කෙසේ නමුත් අත්තනෝමතික ඝාතණයකදී ඉහත සියලු කාරණා බිඳ වැටේ.අභිමතානුසාරී බලය වඩා ඉස්මතු වන අතර නෛතික කාර්යපටිපාටිය ජනතාවට හිතකර නොවන ප්‍රථිපල ගෙන දෙයි,එනම් මරණයයි.

මරණය යනු දිවිතොර කිරීමකි.එබැවින් මනුෂ්‍යයකු වශයෙන් යමකු අත්කරගත් ජිවත් වීමේ අයිතිය පැහැදිලිවම මෙවැනි ඝාතණයන් තුළින් කඩවීමකට ලක්වේ.ජීවත් වීමේ අයිතිවාසිකම යනු අනෙකුත් සෑම මානව අයිතිවාසිකමකම ප්‍රභවයට තුඩු දුන් අයිතිවාසිකම ලෙස සැලකීම නිවැරදි ය.කුමක් හෙයින්දයත් ජීවයකින් තොරව ඉහත කිසිඳු අයිතිවාසිකමක් නොපවතින බැවිණි.මෙහිදී මිනිසා යන්නට සමාජයේ සෑම පුද්ගලයකුම අයත් වන බැවින් මෙය නිදහස සීමාකිරීමකට ලක්කළ සිරකරුවන්ටද,රඳවාගෙන සිටින රැඳෙවියන්ට වුවද භුක්ති විඳිය හැකි අයිතිවාසිකමකි. ජීවත්වීමේ අයිතිවාසිකම හා සබැඳි අන්තර්ජාතික ප්‍රතිපාදන සැලකීමේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයේ 3වගන්තිය තුළින් ප්‍රකාශිතවම ජීවත්වීමටත්,නිදහස්ව සිතීමටත්,පෞද්ගලික ආරක්ෂාවට ඇති හිමිකමත් තහවුරු කරයි.මීට අමතරව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) 6(1)වගන්තිය තුළින් තවදුරටත් තහවුරු කරයි.කෙසේ නමුත් අප ලංකා නීතිය තුළ ජීවත් වීමේ අයිතිය සෘජුවම ප්‍රකාශිතවී නොමැති අතර විවිධ නඩු තීන්දු ආශ්‍රිතව ව්‍යංගයෙන් මෙම අයිතිය හඳුනාගෙන ඇති බව පෙනී යයි.


මෙලෙස අප රටේ පවත්නා ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ලෙස 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අඩංගු 3වන පරිච්ජේදයේ මූලික අයිතිවාසිකම් තුළ ජීවත් වීමේ අයිතිවාසිකම අඩංගු වන බවට ශ්‍රියානි සිල්වා එ ඉද්දමල්ගොඩ නඩු තීරණයෙන් ප්‍රකාශ විය. මෙහි දැක්වෙන පරිදි ජීවත් වීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 ව්‍යවස්ථාව හා 13(4) ව්‍යවස්ථාව තුළින් හඳුනාගැනෙන බව දැක්වේ.එනම්,
11-කෲර හා අමානුෂික අවමන්සහගත සැලකිල්ලෙන් මිදීමේ අයිතිවාසිකම
13(4)-නීතියෙන් නියම කළ නිසි කාර්යපටිපාටියට පරිබාහිරව කිසිවකු මරණ දණ්ඩනයට හෝ බන්ධනාගාරගත කිරීමකට යටත් කළ නොහැක යන්න තුළිනි.


තවද ජීවත් වීමේ අයිතිය පුළුල්ව අර්ථනිරූපණය කළ යුතු බවද එම මූලික අයිතිවාසිකම ආරක්ෂා කිරීමෙහි ලා ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් පැවරි ඇති බවත් මෙහි තවදුරටත් දැක්විණි.
මීට සමාන ලෙසම සිරභාරයේදී ජීවිතක්ෂයට පත්වීමක් සම්බන්ධ ලමාහේවගේ ලාල් වෑවල,රාණි ප්රනාන්දු එ සීදුව පොලිස් සුළු අපරාධ අංශයේ පොලිස්පති නඩු තීන්දුවද ජීවිතයට ඇති අයිතිය ඉහත ව්‍යවස්ථාවන් 2 තුළින් පෙන්වාදුණි. එමෙන්ම පොලිස් රැඳවුම්භාරයේ සිටින්නකු මරණයට පත් කිරීම ජීවත්වීමේ අයිතිවාසිකම උල්ලංඝණය කරවන්නක් බව මෑතකාලීන නඩු තීන්දුවක් වන(2019) රත්නායක තරංගා ලක්මාලි එ නිරෝෂන් අබේකෝන් නඩුවේදී තීරණය විය.මෙමගින් තවදුරටත් භහිර්නීතික ඝාතනයන් කෙරෙහි ඇති නෛතික අර්ථකථනය පුළුල් කෙරිණි.


Human Rights Watch ආයතනය අනුව මෙවැනි නීතිවිරෝධී ඝාතණ නිතිය ඉදිරියට පැමිණවීම කෙරෙහි ඇති ප්‍රායෝගික බාධා රාශියක් පවතියි.බලධාරින් කෙරෙහි ඇති බිය,සිදුවන තර්ජන,නඩු කටයුතු ඇදීයාම,මූල්‍ය ගැටළු.මීට නිදසුනක් ලෙස, 2011 වසරේ දොම්පේ පොලිස්භාරයේදී මරණයට ලක්වූ ගයාන් රසංග පිළිබඳව පැවති නඩුවේදී පැහැදිලි මරණ පරීක්ෂණයක් ලැබූ පසුවද වසර ගණනක් පුරාවටම නඩු කටයුතු ඇදී යාම දැක්විය හැක.
“තමන්ව ආරක්ෂා කිරීමට සිටින පාර්ශවය විසින්ම ඔවුන්ගේ කෝපය මුදා හැරීම මගින් සිදුවන හානිය හේතුකොටගෙන නීතිය හා සාමය පිළිබඳ අඳුරු රූපයක් ජනතාවට ඇතිවේ” මේ බව ශිරානි බණ්ඩාරනායක විනිසුරුතුමිය විසින් ප්‍රියන්ත ඩයස් එ ඒකනායක නඩුවේදී දක්වන ලදී.


එබැවින් මෙවැනි අපරාධවලින් රටේ ජනතාව ආරක්ෂා කිරීමට රජය අසමත් වීම හෙළා දැකිය යුතු වන අතර මෙවැනි අපරාධ මැඬලීමට නව ප්‍රතිසංස්කරණයන් ඇති විය යුතුවේ.මෙලෙස ජනතාව කෙරෙහි නීතිය ගැන ඇති විශ්වාසය තුරන් වීමට පෙර පවත්නා නීතිය ,එහි ක්‍රියාපටිපාටිය ක්‍රමවත් කිරීමත් නීතිය ක්‍රියාත්මක කරන්නා වූ නිලධාරීන් දැඩි ශික්ෂණයකට හුරු කරවීමත් අනිවාර්යෙන්ම විය යුත්තකි.එබැවින් රෝම රචක Juvenal ගේ පැනය අදටද වලංගු වේ.”මුරකරු මුරකරනුයේ කවුරුන් විසින්ද?” (Quis custodiet ipsos custodes)

Who guards the guardians?


Recently, with the rise of the Black Lives Matter movement in the United States, equal rights have caught the attention of the whole world. At the same time, here in Sri Lanka extrajudicial executions have become the talk of the town due to a series of unfortunate incidents such as the murder of Makandure Madush, the death of a 25-year-old in Nawagamuwa police, the brutal murder of a 21-year-old in Pugoda police, and the killings at the Mahara prison. The recent (June 2020) verdict of the Kandawalage Don Samantha Perera v Hettipola OIC case also made it clear that the incidence of such extrajudicial killings in our country is currently increasing significantly. It was also held that the number of fundamental rights petitions filed in the courts reveal that there is a corresponding pattern in the police brutality and the incidents of torture and killings in the police custody.


What are extrajudicial killings?


The extrajudicial killings can be defined as unlawful and arbitrary ways in which the people are murdered by the government or its agents. Murders and disappearances of prisoners held by law enforcement officers outside the judicial process can be considered as crimes belonging to this category. It is undisputed that the rule of law is vital for the well-being of a country. When the equal protection of the law is guaranteed for everyone it constrains the powers of the rulers considerably. It brings justice for the citizens within the due process of law. But extrajudicial killings represent an exception to all these norms. They facilitate the arbitrariness and ultimately generate severe consequences for the people whose lives can be in question due to the lack of adherence to the rule of law by the state. The right to life is the origin of all the other rights as no right can exist if the person is not alive. This right is available to all citizens irrespective of whether they are inmates and detainees by virtue of them being human beings. But extrajudicial killings do not tolerate this right.

The right to life, liberty, and security of a person has been affirmed by Article 3 of the United Nations Universal Declaration of Human Rights as well as Article 6 (1) of the International Covenant on Civil and Political Rights (ICCPR). However, none of these rights are directly enshrined in Sri Lankan law though they have been implicitly recognized in various judgments. Thus, in Sriyani Silva v. Iddamalgoda, the Supreme Court held that the right to life is guaranteed by Chapter 3 of the 1978 Constitution.


Both Article 11 and Article 13 (4) of the Constitution were paid attention to by the Supreme Court in coming to its conclusion.
11-The right to freedom from cruel and inhumane treatment
13 (4) -No one shall be liable to death or imprisonment outside the proper procedure prescribed by law.
It further stated that the right to life should be broadly defined and that the Supreme Court has clear jurisdiction to protect that fundamental right.


Similarly, a series of judgments which include the murder trial of Lamahewage Lal Wewala and Rani Fernando v. IGP of the Seeduwa Police Minor Crimes Division also pointed out the right to life within the ambit of the aforesaid Articles. Also, in the recent case of Ratnayake Tharanga Lakmali v. Niroshan Abeykoon (2019), it was decided that the death of a police detainee is a violation of the right to life. This further expands the legal definition of extrajudicial killings.


According to Human Rights Watch, there are several practical hurdles to bring such cases of extrajudicial killings before the court of law. These include the fear of the authorities, threats, lawsuits, and financial problems.  For example, in the case of Gayan Rasanga, who was killed by the Dompe police in 2011, the case was dragged on for years even after the post-mortem examination.


Justice Shirani Bandaranayake in the case of Priyantha Dias v Ekanayake stated that “the people have a dark image of law and order due to the damage caused by the release of anger by those who are ought to defend them (people).” (emphasis added)
Thus the failure of the government to protect the people of the country from such heinous crimes must be condemned and new reforms must be put in place to curb them. It is imperative that the due process of law to be enforced and that law enforcement officers be severely disciplined before the loss of public confidence in the law. Finally, all these incidents prove that the question “who guards the guardians?” (Quis custodiet ipsos custodes) raised by Juvenal, a Roman writer is still valid today.

பாதுகாவலர்களை பாதுகாப்பது யார்?

அண்மையில் அமெரிக்காவில் இடம்பெற்ற கறுப்பின மக்களின் வாழ்வு தொடர்பான பிரச்சினையை தொடர்ந்து ,சமத்துவ உரிமையானது உலகளாவிய ரீதியில் பேசுபொருளாக அமைந்துள்ளது.அதேவேளை, இலங்கையில் நவகமுவை போலிஸ்,25 வயதான  மாக்கந்துர மதுஷ் இன் கொலை, பூகொடை பொலிஸ் பிரிவு 21 வயதான நபரின் கொடூர மரணம் மற்றும் மஹர சிறைச்சாலை கொலை சம்பவம்  போன்ற பல அசாதாரண நிகழ்வுகளை தொடர்ந்து நீதித்துறைக்கு அப்பாற்பட்ட மரணதண்டனையானது பேசுபொருளாக மாறியுள்ளது.

அண்மைய வழக்கொன்றான ( யூன்,2020) சமந்த பெரேரா எதிர் ஹெட்டிபொல OIC இன் தீர்ப்பும் இலங்கையில் இத்தகைய நீதித்துறைக்கு அப்பாற்பட்ட நடவடிக்கையானது அதிகரித்து வருவதனை தெளிவாக  எடுத்துக் காட்டியுள்ளது. மேலும்  அடிப்படை உரிமைகள் தொடர்பான முறையீடுகள் காவல்துறையால் தடுப்புக்காவலில்  நிகழ்த்தப்படும் சித்திரவதைகள் மற்றும் கொலைகள் தொடர்பிலும் எடுத்துக் காட்டுகிறது.

நீதிமுறைக்கு அப்பாற்பட்ட கொலைகள்  என்றால்  என்ன?

அரச  அல்லது  அதன் நிர்வாகிகளால் தன்னிச்சையாக  அல்லது சட்டவிரோதமாக மேற்கொள்ளப்படும் கொலைகள் என நீதித்துறைக்கு அப்பாற்பட்ட கொலையினை வரையறுக்கலாம். இவை குற்றவியல் குற்றங்களாகவும் கருதப்படலாம்.ஆனால் நாட்டின் சட்டங்கள் தொடர்பான பற்றாக்குறை காரணமாக நீதிமுறைக்கு அப்பாற்பட்ட இத்தகைய கொலைகள் தண்டணைக்குட்படுத்தப் படுவதென்பது கடினமாகின்றது. சட்டவாட்சி என்பது இந்நாட்டின் நலனுக்கு இன்றியமையாதது.இது சரியான சட்ட நடபடி முறைகளிற்கிணங்க பிரஜைளிற்கு நீதியைப் பெற்றுத்தர  ஏதுவாயிருக்கும்.

உயிர் வாழ்வதற்கான உரிமை, சுதந்திரம் மற்றும் பாதுகாப்பு போன்ற உரிமை என்பன  UDHR Article 3 மற்றும் ICCPR Article 6(1) ஆகியவற்றில் உறுதிசெய்யப்பட்டுள்ளது.எனினும் இவற்றில் எவையும் இலங்கை சட்டத்தில் நேரடியாக உள்வாங்கப்படவில்லை எனினும் பல நீதிமன்ற தீர்ப்புக்கள்  இதனை ஏற்றுக்கொண்டுள்ளன.
சிரியானி சில்வா எதிர் இதமல்கொட வழக்கில் உயர்நீதிமன்றமானது உயிர்வாழும்  உரிமையானது இலங்கையின் 1978ஆம் ஆண்டு அரசியலமைப்பின் பாகம் 3 இல் உறுதிசெய்யப்பட்டுள்ளதாக எடுத்துக்காட்டியது.
Article 11 – கொடூரமான மற்றும் மனிதாபிமானமற்ற நடத்தையிலிருந்து பாதுகாப்பு பெறல்.
Article 13 (4)-  எந்த நபரும் சட்டத்தால் குறித்துரைக்கப்பட்ட நடபடி முறைகளிற்கிணங்கவன்றி கொலைசெய்யப்படவோ சிறைத்தண்டனைக்கு உட்படுத்தப்படவோ முடியாது.
உயிர்வாழ்வதற்கான உரிமையென்பது பரந்தளவில் நோக்கப்பட வேண்டுமென்பதுடன் உயர் நீதிமன்றம் அதற்கான நியாயாதிக்கத்தை கொண்டுள்ளது.அதேவேளை  Lamahewage Lal Wewala and Rani Fernando V. IGP of the Seeduwa Police Minor Crimes Division வழக்கிலும் இது
 எடுத்துக் காட்டப்பட்டது.
Ratnayake Tharanga Lakmal V. Niroshan Abeykoon (2019) வழக்கில் பொலிஸ் தடுப்புக்காவலில் இருந்த நபரின் இறப்பானது உயிர்வாழ்வதற்கான  உரிமை மீறலாகும் என்றனர்.இது நீதித்துறைக்கு அப்பாற்பட்ட கொலை தொடர்பான சட்ட வரைவிலக்கணத்தை விரிவுபடுத்துகின்றது. .ஆனால்  உயர் அதிகாரிகள் தொடர்பான பயம்,அச்சுறுத்தல், வழக்கிடல். பொருளாதா பிரச்சினைகள் என்பன இத்தகைய நீதித்துறைக்கு அப்பாற்பட்ட வழக்குகள் தொடரப்படுவதை தடுக்கின்றன. எடுத்துக்காட்டாக, Gayan Rasanga என்ற வழக்கில் காவல் துறையினரால் குறித்த நபர் கொல்லப்பட்டார். ஆனால்  அது பிரேதப் பரிசோதனைகளிற்கு கூட உட்படுத்தப்படாது, வருடகாலமாக கொண்டுசெல்லப்பட்டது.


 Priyantha Dias V.Ekanayake வழக்கில் நீதியரசர் ஷிரானி பண்டாரநாயக்க। ” மக்களை பாதுகாக்க வேண்டியவர்களால் வெளிப்படுத்தப்படும் பாரதூரமான வெளிப்பாடுகளின் விளைவாக ஏற்படும்  இழப்புக்களின் காரணமாக சட்டத்தின் மீதான மக்களின் பார்வை இருண்டதாகவே உள்ளது. “

இவ்வாறு இத்தகைய கொடூரமான குற்றங்களிலிருந்து நாட்டு மக்களைப் பாதுகாக்க அரசாங்கம் தவறியதைக் கண்டித்து, அவற்றைக் கட்டுப்படுத்த புதிய சீர்திருத்தங்கள் அமுல்படுத்தப்பட வேண்டும்.
மக்கள்  சட்டத்தின் மீதான  நம்பிக்கையை இழப்பதற்கு முன்பு சட்டத்தின் சரியான செயல்முறை அமுல்படுத்தப்பட வேண்டியது அவசியமாவதுடன் அரச அதிகாரிகள் நடவடிக்கைகள் சிறப்பாக  ஒழுங்குபடுத்தப்பட வேண்டும். 

இறுதியாக, இந்த சம்பவங்கள் அனைத்தும் ஜூவனல் என்ற ரோமானிய எழுத்தாளரால் எழுப்பப்பட்ட “பாதுகாவலர்களை யார் பாதுகாக்கிறார்கள்?” ( Quis custodiet ipos custodes ) என்ற கேள்வி தற்காலத்திற்கும் பொருந்துகின்றது  என்பதனை நிரூபிக்கின்றது.

Written in Sinhala by Ashinika Perera ( Third Year Undergraduate, Faculty of Law, University of Colombo)

Translated into English by Ishan Lashitha

Translated into Tamil by Shaaieswary Pathmaseelan

One Reply to “Who guards the guardians?”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: