මා ඇය මුලින්ම දුටුවේ “සෙත්සිරිපාය” කාර්යාල සංකීර්ණය ඉදිරිපිටදී ය. බත්තරමුල්ලේ පිහිටි මිතුරෙකුගේ වීඩියෝ හලක් වෙත ලෑන්ඩ්කෲෂර් යානයකින් පියාසර කරමින් සිටි මා පාර මාරු වෙමින් සිටි ඇගේ ගත ගෑවෙන නොගෑවෙන දුරින් රිය නතර කරගත්තේ තිරිංග මත නැගී සිටිමිනි. ඒ මොහොතේ ඇගේ දෑසේ ඇඳී ගිය තැතිගැන්මත්, තත්ක්ෂණයකින් ඒ මුවපුරා ගැලූ අහිංසක සිනා රැල්ලත් දුටු මන් අතින් මගේ සිතෙහි චලනයක්, කම්පනයක් ඇති වූයේ කුමක් නිසා දැයි මට නිශ්චිතව කිව නොහැකිය. කෙසේ වුවද ඒ දිනය අප්‍රේල් 30 බව මගේ මතකයෙහි සනිටුහන් වී ඇත්තේ පසු දාට යෙදී තිබූ “මැයි දිනය” නිසා ය. අපගේ මාක්ස්වාදී කම්කරු සන්ධානයේ කිහිප දෙනෙකු විසින් මැයි දිනය නිමිති කොට ගෙන විවෘත සම්මන්ත්‍රණයක් සංවිධානය කරනු ලැබ තිබූ අතර ලෙනින් චරිතාපදානය හා අදාළ කෙටි වීඩියෝ පටයක් ද එහිදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබිණ. ලෙනින් පිළිබඳව ලේඛනගතව තිබූ ඇතැම් ලිපි, ඡායාරූප ආදිය කපා කොටා පුරුද්දා සංස්කරණය කරන ලද ඒ වීඩියෝ පටය ලබා ගැනීම සඳහා යමින් සිටි මගේ සිත තුළ වූයේ මහත් නොසන්සුන්තාවකි. ඊට හේතුව වූයේ දුනුවිල මහප්පාත් අම්මාත් ඉදිරිපත් කළ ‘ප්‍රිම්රෝස්’ පිළිබඳ යෝජනාව ය.
“ප්‍රිම්රෝස් ට මොනවයින් අඩුවක්දැ” යි දුනුවිල මහප්පා ඇසුවේ දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව ය.
“මේ සැරේ මිස් ශ්‍රී ලංකා කම්පිටිෂන් එකටත් කන්ටෙස්ට් කරනවලු එයා.”
“කන්ටෙස්ට් කරපු තරමින් රූප රාජිනියණියක් වෙනවැයි? මා ඇසුවේ උපහාසයෙනි. එහෙත් එය උපහාසය හඳුනා ගැනීමට තරම් වූ මුවහත් මනස් ඔවුන් සතු නො වූ බව මට පසක් වුණේ අම්මා ඊට දුන් පිළිතුර නිසාය.
“පළවෙනියා නූනත් දෙක තුන වත් වරදින එකක් නෑ ඒ ළමයට, කෙල්ල හරියට ඉටිරූපෙ වගේ.”
“තෙන්නකෝන්ලා කියන්නේ කොයි තරම් රෙස්පෙක්ට්ටබල් ෆැමිලි එකක් දැ” යි දුනුවිල මහප්පා අතුරු ප්‍රශ්නයක් නැඟූවේ ය.
“ඕපන් ඉකොනොම් එකට පිංසිද්ධ වෙන්න අද ඊයෙ සල්ලිකාරයො වෙච්ච අය නෙමෙයි ඒ ගොල්ල”
“මට රූප රැජිනියො ඕන නෑ. කොටිම් ම මං ඔය යෝජනාවට කැමති නැහැ” යි මම කීවෙමි. එතෙකින් හෝ දුනුවිල මහප්පා නිහඬ වනු ඇතැයි මා සිතුව ද එය එසේ වූයේ නැත. ඔහු එකම කරුණක් පිළිබඳව පුන පුනා වමාරමින් අවනත කර ගැනීමට යත්න දැරූහ.
“මෙයා මේ කවුදෝ සමසමාජ කොමියුනිස් කාරයෝ ටිකක් එක්ක එක්කහු වෙලා මේ ළඟාකදි හිට” යි අම්මා කියද්දී රේඩියෝ ග්‍රෑමය මත වූ වීනස් පිළිමය ඔසවා පොළොවේ ගැසීමට තරම් කෝපාවේගයක්, මා තුළ නැගුණේය. එහෙත් දුනුවිල මහතා ද ළඟපාත සිටින බව සිහි වූයෙන් “දන්,නෙ නැති දේට කට නොදා ඉන්න” යි තර්ජනාත්මක ලෙස පැවසීමෙන් පමණක් මම සෑහීමට පත් වුණෙමි.
අම්මාගේ ප්‍රශ්නයෙන් මා එතරම් සසල වූයේ කුමක් නිසා ද? එසේ වන්නට ඇත්තේ ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ වර්තමාන අර්බුදය හා අරාජික භාවය පිළිබඳ සාපරාධී චෝදනාව මුලින්ම එල්ල විය යුත්තේ වමේ යැයි කියාගන්නා ශ්‍රී ලංකාවේ ආරම්භක දේශපාලන පක්ෂ නායකත්වයට ය යන්න මගේ ඒකායන විශ්වාසය වීම හේතුවෙන් ද? නිදහස ලැබීමෙන් පසු ’53 හරි කාලයේදී ’71 තරුණ කැරැල්ලේදීත් එක රැයකින් කළ හැකි විප්ලවයක් පිළිබඳව තරුණ සිත් අලාමුළාවට පත් කොට තරුණයින් සී සී කඩ විසිරුවා හරිනු ලැබුවේ, ඒ අදූරදර්ශී නායකත්වය විසින්ය යන්න අපගේ සන්ධානයේ ද පොදු පිළිගැනීම වූයේය. “රාජ්‍යය” මෙන්ම නිලධාරී පෙලැන්තිය ද එක රැයකින් මර්දනය කොට “සමාජවාදී රාජ්‍යය” පිහිටුවීමේ මනෝරාජික සිහිනය, මාක්ස්වාදයෙන් පරිබාහිර වූවක් බවත්, ඉකුත් යුගයේ වාමාංශික ව්‍යාපාරය තුළ ඒ අනුව බහුල වශයෙන් වාරණයට ලක් වූයේ තරුණයින් බවත් අපගේ විශ්වාසය විණ. මේ සියලු කරුණු සැලකිල්ලට ගෙන සංවිධානගත වීම යුගයේ අවශ්‍යතාවයක් ලෙසිනි අපට පෙනුණේ.
“ඔය ආතක් පාතක් නැති රැලට වැටුණයින් පස්සේ තමයි මෙයාගේ ඔලුවට ඔය බහුබූත ඔක්කොම ආවේ.” ඒ අම්මා යළිත් වරක් කීවාය.
මා නිහඬව කරබා ගත්තේ ඉන් එහාට කළ හැකි කිසිවක් සිතාමතා ගත නොහැකි වූ නිසාය. සාම්ප්‍රදායික චින්තනයේ රැකවලුන් හා වහලුන් බවට පත්ව සිටින මොවුන්, මා වටා ඉදිකර ඇති පවුරු වළලු සියල්ල පුපුරුවා හරිමින්, පරිසරය හඳුනා ගැනීමට, ලෝකය දැකීමට ම සිත යොමු ව තිබුණේ බොහෝ කලක සිට ය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය හෝ වෙනයම් වූ හේතු සාධකයක් මුල් වීමෙන් සිදු වූවක් නොවේ.
කෙසේ වුවද තාක්ෂණ යුගයේ වංශෙ කබල් ගෑමට සැරසෙන මොවුන් මට පෙනෙන්නේ, ස්වභාව ධර්මයේ නීති නියාම, විධි නියාම හා අනුගත වනු නොහී අකලට වඳ වූ ඩයිනෝසරයන් වැනි සත්ත්ව විශේෂයක් ලෙසිනි.
“කැම්පස් එකෙන් පාස් අවුට් උනාට පස්සේ මොකක් හරි රස්සාවක් කරන්න මගක් හදලා හදල දුන්නනම් මේවා මේ විදියට සිද්ධ වෙන්නෙ නෑ.”
“රස්සාවක් නො කළාට මේ තියන දේ පරම්පරා හතකට මදැයි කියලා මං හිතුවෙ” අම්මා කිවා ය.
“ඒත් ඉතිං අයියා කිව්වත් වගේ දැන් බලනකොට ඒකෙ වැරද්දක් තමයි.”
කාමරයට වැදී ලහිලහියේ හැඳ පැළඳගත් මා රිය පණ ගැන්වුයේ ඉහවහා යන කෝපයකින් යුතුව ය. කාසල් වීදිය ඔස්සේ පියෑඹු මගේ රථයේ වේගය රාජගිරිය හතර මං හන්දියේදී මදක් බලවී බත්තරමුල්ල පාරට වැටුණු සැණින් යළි දෙගුණ විණි. ඈ පාර හරහා පනිනු සිහිනයකින් මෙන් මා දුටුවේ ඒ මොහොතේදී ය.
අනතුරුව ඇය හඹා යාමට මා තුළ පෙළඹීමක් ඇති වූයේ ඇය සතු වූ ආකර්ෂණිය රූ සපුව නිසා ද? ධනය බලය හා භාණ්ඩ පරිභෝජනයෙහි ගිජු ලෙස ඇලුණු මගේ ඥාතීන් වෙතින් පළා යාමේ චේතනාවක් දැයි මට නිශ්චිතව කිව නොහැකිය. කෙසේ වුවද ඇය හොබවන තනතුර ලිපිකාරිනියකගේ නැතහොත් යතුරු ලේඛිකාවකගේ මට්ටමින් ඉහළ තලයක වූවක් විය නොහැකි බව පසක් කරගත් කල මා තුළ නැගුණේ ගුප්ත සතුටකි. මා එවැන්නියක සමඟ විවාහ ගිවිස ගැනීම අම්මාගේ සතුටට හේතු නොවන බව මට සහතිකය.
ඉන් අනතුරුව ගතවුණු සති තුන තුළ අපගේ මාක්ස්වාදී සන්ධානයේ ප්‍රධාන සංවිධායක සහෝදරයාගේ කඩුවෙල පිහිටි නිවසට යාම මා අතින් වතාවතක් මෙන් ඉටු කෙරුණේ ඒ ගමන්මග වැටී තිබුණේ බත්තරමුල්ල හරහා වූ නිසා ය. සවස 5 පමණ වන විට ඇය සුභූතිපුර මාවත ඉදිරියෙන් වූ බස් නැවතුමෙහි රැඳී සිටිනු මම කිහිප වර දුටුවෙමි. එසේ වුවද ඒ කිසි විටෙකත් අගේ අවධානය මා කෙරෙහි යොමු වූ බවක් නො පෙනිණ. අවසානයේ මගේ රථය උවමනාවෙන්ම සුභුතිපුර මාවතට හරවා වැරදීමක් වැරදීමක් සිදුවූ ව්‍යාජයෙන් ආපස්සට ගැනීමේදී අවසානයේ ගීතවත් හඬකින් වැයුණු වාහනයේ නළා හඬ අසදෝ ඈ මා දෙස බැලුවා ය. අගේ දෙතොලේ ඇඳී ගිය ඒ සමන් කැකුළු සිනාව මා දෙවන වරට දුටුවේ ඒ මොහොතේදී ය.
කෙසේ වුවද මේ ගමන් වලදී මගේ ලෑන්ඩ්කෘෂර් රිය බත්තරමුල්ල්ල මං සන්ධියට නුදුරින් පිහිටි වීඩියෝ හල ඉදිරියෙන් වූ පටු බිම් තීරුවේ ගාල් කොට, බස් රියකින් කඩුවෙල කරා ගමන් කිරීමට මා යොමු වූයේ කුමක් නිසා දැයි මට පැහැදිලිව කිව නො හැකිය. “වම” නියෝජනය කරන්නේ තිරිසනුන් මෙන් නරුමයන් මෙන් නික්ලේශීව ජීවත් විය යුතු බවක් මා නොඇදහුවද කම්කරු පක්ෂයක සාමාජිකයෙකු පක්ෂ මුලස්ථානය කරා යන ගමනේදී සිය පෞද්ගලික රියේ සුක්කානම කැරකවීමේ අනුචිත බවක්, නො ගැලපීමක් මට හැඟී තිබිණ. එහෙයින් වහනය මඟ දමා බස් රියකින් ගමන් කිරීම උගුරට හොරා බෙහෙත් කෑමක් ලෙස මට පෙනී ගියේ නැත.
‘අරුන්දතී’ මගේ රථයට නංවා ගැනීමට මට හැකි වූයේ තවත් සතියක් ඇවෑමෙනි. ඇගේ රවුම් මුහුණ, උල් වී බේරුණු නිකට නිසා අතිශයින් සුන්දර වූ අතර නලල මැදින් පිහිටි සඳුන් තිලකයක් වැනි වූ උපන් ලපය හේතුවෙන් එය වඩාත් රමණීය වූවේ ය. (මේ තිලකය පැන්සලකින් අඳින ලද්දක් බව මා දැන ගත්තේ පසු දිනක ය.)
සැඳෑ සමයන්හි මා බොහෝ විට අරුන්දතී කැඳවාගෙන ගියේ ගල්කිස්සේ මහ හෝටලය වෙත ය. මුහුදට නෙරා පිහිටි සැඳැල්ලකට වී හිරු බැස යන යාමේ ක්ෂිතිජයේ ඇඳී යන විචිත්‍ර වර්ණ සංකලනය දෙස බලමින් මන්ද ස්වරයෙන් නැගෙන සංගීතයට සවන් දෙමින් සිහින ලෝකයක සැරි සැරූ වූ සිහඒ සිහි කටයුතු දින කිහිපය තවමත් මගේ මතකය පතුලේ නිදහනක්ව පවතී.
අරුන්දතී සන්සුන් ඉරියව්වෙන් සහ නිහඬ ඇවතුම් පැවතුම් වලින් යුතු තරුණියක වූවාය ඇඟේ අඩවන් දෑස් දෑසේ වූ අනුරාගී කිරණට යටින් දැඩි කල්පනාකාරී බවක අඳුරු සෙවණැල්ලක් ඇඳී තිබෙනු මම ඇතැම්විට දුටුවෙමි. අප උණු උණු හඳුනා ගැනීමට වෙහෙසෙමින් සිටී සිටි වකවානුව අතරතුර පවා ඇය බොහෝ විට කිසියම් සිතුවිල්ලක දැන් ගතව සිටින අයුරු මට පෙනී ගියේය. ඒ පිළිබඳව ඇගෙන් හාරා පාර විමසීමට මා යොමු නොවූයේ එය ඇගේ ස්වභාවික ලක්ෂණයක් ලෙස දුටු නිසාත් කිසියම් ශෝකී බවක් ද කැටි වූ ධ්‍යානමය ස්වභාවය මගේ හද ඇද බැඳ ගැනීමෙහි සමත් වූ නිසාත් ය.
අරුන්දතී ගේ තරාතිරම, පවුල් පසුබිම, රැකියාව ආදී වැඩි වැඩිමනත් තොරතුරු සෙවීමට මම වෑයම් නොකළෙමි. ඒ ඇය නියෝජනය කරන පහළ මැද පන්ති ස්තරය මගේ ඥාතීන් අනු නොදකින්නන් ලෙස පෙනී යාම හේතුවෙන් හටගත් ගුප්ත සන්තෝෂයක් මා තුළ වූ නිසාය. කෙසේ වුවද දිනක් ගල්කිස්ස හෝටලය මුහුදට මුහුණ ලා පිහිටි වේවැල් පුටු දෙකක් මත හිඳ සිටියදී “ඔයා වැඩ කරන්නෙත් සෙත්සිරිපාය මොන ඩිපාර්ට්මන්ට් එකේදැ” යි මම නිකමට මෙන් ඇගෙන් විමසුවෙමි.
බැස යන හිරුගේ අන්තිම රස්තාර පරාවර්තනය වීමෙන් එළිය වී තිබූ ඇගේ මුහුණේ ත් මුහුණේත් දෑසේත් කිසියම් නො සංසුන් බවක් කලබලයක් ඇඳීයනුයේ මොහොතේ මට පෙනී ගියේය. මොහොතක් නිනවු නැති ස්වභාවයකින් පසු ඈ “ප්‍රතිපත්ති සැලසුම් අමාත්‍යංශයෙ” යැයි තතනමින් කීවා ය. එය එතරම් වැදගැම්මකින් යුතු සිදුවීමක් ලෙස නො හැඟුනෙන් ඉන් අනතුරුව මම ඒ ගැන නො සිතුවෙමි.
අරුන්දතී, තරමක් දුරට හෝ දොඩමළු වූයේ අපගේ සන්ධානය හා මගේ දේශපාලන දර්ශනය පිළිබඳව ය. මෙය ශුභ ලකුණක් ලෙස මම දුටුවෙමි. සමාජවාදය පිළිබඳව මා ඉතා ලිහිල් බසින් කළ විස්තරය ඇගේ සිත් ගැනීමෙහි සමත් වූ බව මට පෙනී ගියේය. සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සියලු වැර යොදා සටන් කරන්නේ ජනතාව වෙනුවෙන් වෙසෙසින්ම නිර්ධන පන්තිය වෙනුවෙන් බව අවධාරණය කරද්දී සතුටක උද්යෝගයක බලාපොරොත්තුවක සේයාවක් ඇගේ දෑසේ ඇඳී ගිය බවකි, මා දුටුවේ. එසේ වුවද සමාජවාදය ක්ෂණිකව ඇති කළ නොහැකි බවත් ඒ සඳහා සමස්ත ධනපති පන්තිය ටත් පන්තියට සියලු ආණ්ඩු වලටත් කෙරෙහි වූ දරුණු අරගලයක් දියත් කළ යුතුව ඇති ආකාරයද මා කියද්දී ඇගේ සිතුවිලි සසල වූ අයුරක් මට පෙනී ගියේය. එවැනි අරගලයක් සඳහා දේශපාලන නිදහස අවශ්‍ය වන මුත් වන මුත් ඒ තිබූ පමණින් දුගී දුප්පත්කම තුරන් කළ නොහැකි බවත් එසේ වුවද දුගී භාවයට එරෙහිව සටන් වැදීම සඳහා දේශපාලන නිදහස අවියක් කර ගත හැකි ආකාරයක් මම ඇයට පැහැදිලි කලෙමි. එම විප්ලවීය මාවත ඇය අනුදක්නා මුත් මා ඊට සම්බන්ධ වීම ඇගේ සතුටට හේතු නොවූ බව මට පෙනිණ.
“අනේ රුචිර ඒත් ඔයා නං ඕවට කෙලින්ම සම්බන්ධ වෙන්න එපා” යි ඈ මාගේ ඇඟිලි තුඩු පිරිමදිමින් කීවා ය.
“ඕව කරල නිකං හිරේ විලංගුවෙ වැටෙන්න සිද්ධ උණොත් මොන දෙයියන්ට ද කියන්නෙ? අනික ඉතින් ඔයා සම්බන්ධ නෝනයි කියලා ඒක නො කෙරී තියන එකකුත් නෑනෙ.”
“හැම මිනිහෙක්ම ඔය විදිහට විදියට හිතන්න ගියොත් විප්ලවයේ නිකම්ම නිකං හීනයක් විතරක් වේවි.” මම සිනාසෙමින් කීවෙමි. කෙසේ වුවද කවදා හෝ සිය භූමිකාව හඳුනා ගැනීමට හඳුනා ගැනීමට හැකි වන අන්දමේ සියුම් මනසක් ඇය සතුව තිබූ බව මට පෙනී ගොස් තිබිණ.
අරුන්දතී පිළිබඳව මා මුලින්ම සැලකෙළේ උපනන්දට ය. ඒ, එවැනි මතභේදයකට තුඩු දිය හැකි වූත්, අති පෞද්ගලික වූත් කරුණක් අනාවරණය කිරීම සඳහා ඊට වැඩි සුදුස්සෙකු මට සිතා ගත නොහැකි වූ හෙයිනි. මට වඩා දස වසරකින් පමණ වැඩිමහළු වූ උපනන්ද, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාරයෙකු කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කළ අවිවාහකයකු වූයේය. ඔහු අපේ නිවසට නිතර දෙවේලේ යාම් ඊම් කළේ තරමක් දුර ඥාති සබඳතාවක් ඇත්තෙකුද වූ හෙයිනි.
කෙසේ වුවද පැහැදිලිව වටහාගත නොහැකි කිසියම් හේතුවක් මත උපනන්දගේ සමාගමය මට ප්‍රියජනක වූයේය. එහෙත් ඔහු කෙබඳු ගණයේ පුද්ගලයෙකුද යන්න ඒ සමීප ඇසුර තුළින් හෝ මට එක එල්ලේම නිශ්චය කළ හැකි වූයේ නැත. ඔහු බොහෝ කරුණු පිළිබඳව ගැඹුරින් කතා බහ කළ ද මේ කිසිවක් කෙරෙහි සිය ස්ථාවරය පැහැදිලි කිරීමට මැලිකමක් දැක්වූවාක් මෙනි, මට පෙනුණේ.
දක්ෂිණාංශිකයෙකු හෝ වාමාංශිකයෙකු නොවූ උපනන්ද අඩු තරමින් ජාතික චින්තනය කරපින්නා ගත්තෙකු ද නොවූවේය. කිසිදු මිනිසෙකුට එවැනි විශ්වයක රැඳී සිටිය නොහැකි යැයි තරයේ ඇදහූ හෙයින් ඔහුගේ මේ උකටලී බව බව ඇතැම් විට මා තුළ ජනිත කළේ කෝපයකි.
“පුංචි රට හොඳයි කියලා කියල හිතෙනවනම් ඒක ඇති ප්‍රශ්නයක් නෑ.”යි අරුන්දතී පිළිබදව මා කී සියල්ල අසා සිටි උපනන්ද කීවේය.
“හැබැයි ඉතින් වැදගැම්මකට නැති දේ හැටියට සලකන ඔය කළමනා පවුල් පසුබිම, සංස්කෘතිය වගේ කාරණා ගැන උනත් පස්සෙදි ප්‍රශ්න මතු වෙන්න බැරි කමක් නෑ.”
“මොනවා උණත් මම ඒ ළමයව ප්‍රසාද බඳිනවා.” යි උපනන්ද ගේ ප්‍රකාශයේ සැඟවුණු අරුත හඳුනා ගැනීමට තැත් නොදරා ම මම කීවෙමි.
අරුන්දතී විසින් මා දළදා වන්දනා සඳහා පොළඹවා ගනු ලැබීම එක්තරා අන්දමක ආශ්චර්යයක් ලෙස මට හැගෙන්නේ එවැනි මිත්‍යාවන් පිළිබඳව පිළිබඳව කිසිදු තැකීමක්, විශ්වාසයක් හෝ ප්‍රසාදයක් මා තුළ නොවූ නිසාය. දෙදිනක චාරිකාවක් පිළිබඳව වූ මෙවැනි යෝජනාවක් ඇය වෙතින් මතු වීම සිතෙහි විමතිය දනවන්නක් වුවද වුවද එය මගේ ඉමහත් සතුටට හේතු නො වූවේද නොවේ. එහෙත් ඒ සතුට එක්වරම එළි දැක්වීමට යොමු නොවූ මම, “කටින් කොච්චර බතල කොළ හිටෙව්වත් අපේ මිනිස්සුන්ට මේ මේ විඥානවාදී ආකල්ප වලින් ඔලුව බේරගන්න තාමත් පුළුවන් වෙලා නෑ” යි සිනාසෙමින් කීවෙමි.
“ඒ උණාට අපි නං ඒවයිං මුලින්ම කැඩිල”
“අම්ම නැති වෙලා ලබන දෙවෙනිදට අවුරුද්දක් සම්පූර්ණ වෙනවා” යි මගේ උපහාසය වටහා නොගත් අරුන්දතී කීවාය.
“ඒකයි මං හිතුවෙ ඒ දවස් දෙකේ වන්දනාවෙ යන්න ඇත්තං හොඳයි කියලා. අපේ ගෙදර ඒ වෙනුවෙන් කියලා වෙන මොකුත් පින්කමක් කෙරෙන්නෙත් නැති නිසා”
දළදා වන්දනාව ගැන දිගින් දිගටම වාද විවාද කිරීමට මා යොමු නො වූයේ ඇය සමග සිට කඳුකරය ගත කළ හැකි දින කිහිපය පිළිබඳව සුන්දර සිතිවිල්ල මා මා අමන්දානන්දයට පත් කළ නිසාය.
උස්ව නැඟුණු ප්‍රාකාර වැනි වූ හන්තාන කඳු වලල්ලෙන් වට කළ නිවාඩු නිකේතනය හි ගත වූ දෙදින අප තුළ ජනිත කළ චමත්කාරය ඉමහත් ය. අනතුරුව උදාවූ බොහෝ සති අන්තයන්හි එහි යාමට අප පොළඹවන ලද්දේ ඒ චමත්කාරය විසිනි.
මහවැලි ගඟේ නිල්වන් දිය රැලි රැළි පිස හමන සීත සුළං රැලි වල පහස විඳිමින් හන්තාන පාර ඔස්සේ අප එල්ලයක්, අරමුණක් නැති ගමනක යෙදී සිටි hicci කටයුතු දිනෙක අරුන්දතී ගේ දෑස් කඳුළින් බොඳ ව ඇති අයුරු මම දුටුවෙමි. සැණෙකින් ඇයගේ කොපුල් තල ඔස්සේ ගලා බසින්නට වූ කඳුළු පිස හරිමින් “ඇයි මේ?” යි මම ඇසුවෙමි.
“අනේ රුචිර මට එකපාරටම අම්ම මතක් උණා” යි ඈ කීවාය. එය සැබෑවක් නොවන බව ඒත්තු ගිය ද මම නිහඬ උණෙමි. එහෙත් මා ඔලමොට්ටලයකු, මන්ද බුද්ධිකයෙකු ලෙස ඈ දකින්නී ද? යන පැනය සමග හටගත් සියුම් කෝපයකින් මගේ සිත මැඩුණේ ය.
“අම්මෝ ඕන නම් මෙහෙම ජීවිතයක් ගත කරන්න වෙන එකක් නෑ යි ඇයි කියලා හිතෙනවා මට” යි ඈ යළිත් වරක් කීවාය.
මා තුළ මහත් විමතියක් හා කම්පණයක් පැන නැගුණේ ය. ගැහැනියකගේ වටිනාකම් පිළිබඳ සාම්ප්‍රදායික සම්මතයන් හා මිනුම් දඬු අරුන්දතී ඉස්මුදුනින් පිළිගෙන සිටීම මගේ ධෛර්යය හීන කරවන සුළු විය. ඇය කී දෙයින් මෙයදෙයින් ගම්‍ය වූයේ සිය ජීවිතයේ අගනා වූ කිසිවක් ම විසින් බලෙන් පැහැර ගනු ලැබ ඇති බව ද? එය එසේ නම් ඊට පසු නොව සකස් වූයේ කෙසේද ? මෙවැනි දුර බැහැර ගමන් බිමන් සඳහා අප යොමු වූයේ ඇගේ අවස්ථාවේ මත මිස මගේ පෙළඹවීමකින් නොවේ.
“ඇයි අරුණී ඔයාට මං ගැන අවිශ්වාසයක් හෙම තියනව ද?” යි සිත තුළ හටගත් සියුම් කළකිරීම මැඩ ගැනීමට තැත් දරමින් මම ඇසුවෙමි. ඇගේ ස්වරයෙහි වූ හැඟීම් හැඟීම්බර ස්වභාවය නිසා ඈ ඊට දුන් පිළිතුර මට එකවරම තෝරා බේරා ගත බේරාගත නොහැකි වූ මුත් දෙවන වර මම එය පැහැදිලි ලෙස ම වටහා ගතිමි.
ඈ කීවේ “අනේ රුචිර අපි බඳිමු” යි කියාය.
ජයනාත් සූර්යවංශ සහෝදරයා ගේ දේශනයට මා සවන් යොමා සිටියේ කලෙකින් සිතට නොදැනුන අන්දමේ ප්‍රබෝධයකින් යුතුවය. විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබද්දී අපට විද්‍යාත්මක මාක්ස්වාදී චින්තනය හඳුන්වාදුන් හඳුන්වා දුන් මහාචාර්යවරයා වූවේ ය. එවැන්නෙකුට අපගේ නව කම්කරු සංවිධානයේ අරමුණු හා ඉලක්ක සමඟ පහසුවෙන් අනුගත විය හැකි බව මම දැනගතිමි. ඔහු සිය දේශනය පැවැත්වූයේ “මාක්ස් චින්තනය” තේමා කර ගනිමිනි. ස්වභාවික ඓතිහාසික ක්‍රියාවලියක් ලෙසට පැරණි සමාජය නව සමාජයට පරිවර්තනය වීමේ ආකෘති මෙන්ම, නිර්ධන පංති ව්‍යාපාරික සැබෑ අත්දැකීම් ද පිරික්සුමට ලක් කළ යුතු ප්‍රායෝගික පාඩම් උගත්තෙකු ලෙසින් ඔහු “මාක්ස්” හුවා දැක්වුවේ ය.
අපගේ මාක්ස් ලෙනින්වාදී සන්ධානයේ අරමුණු පැහැදිලි කිරීම සඳහා සංවිධානය සංවිධානය කරන ලද මෙම සම්මන්ත්‍රණයට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙන්ම විරුද්ධ මත දැරූ ලේඛක ලේඛිකාවන් කිහිප දෙනෙකු ද පැමිණ සිටිනු දැකීම අපට මහත් ධෛර්යයක් වූවේය. මේ අවස්ථාවට සහභාගී වන නිසා මම උපනන්දට ද ආරාධනා කළෙමි.
සංවාද මණ්ඩපය ආරම්භ කිරීමෙන් අනතුරුව වරින් වර මතු කෙරුණු විවාදපන්න ප්‍රශ්න අතරේ “ගබ්සාව” සඳහා කාන්තාවක සතු අයිතිය ද සාකච්ඡාවට භාජනය විය. මේ මොහොතේ upananda වරින් වර මගේ මුහුණ බලනු දුටු මුත් මුත් එය නුදුටුවාක් මෙන් පසුවීමට මා යොමු වූයේ කුමන හේතුවක් යුක්තියක් මතදැයි මත දැයි මට නිශ්චිත ලෙස කිව නොහැකි ය. (අරුන්දතී ගෙයි ගර්භනී භාවය පිළිබඳව මා පෙර දිනක ඔහු සමග පැවසුයේ කුමන අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා ද යන්න එවැනිම වූ අවිනිශ්චිතතාවයකි.)
අරුන්දතී හා මා අතර විවාහය තව දෙවසරකින් පමණ සිදු කළ යුත්තක් ලෙස මා නිගමනය කර තිබුණේ ඊට පෙර ඉටු කළ යුතු කිසියම් දේශපාලනය කාර්යභාරයක් මා වෙත පැවරී තිබූ නිසාය. එහෙත් මේ පිළිබඳව මා විසින් කරන ලද කරුණු පැහැදිලි කිරීම් සියල්ල නෙළුම් පතක ලූ දිය බිඳු මෙන් අරුන්දතී ගේ සිත පතුලට කිඳා නොබැසම රූටා ගියාක් මෙනි. මට හැඟුණේ. ඒවා සිතෙහි ධාරණය කර ගැනීමට ඇය කිසිදු ආයාසයක් නොදැරූ බවද නො දැරූ බව ද ඒ හැම අවස්ථාවකදීම මට පෙනී ගියේය.
මගේ ඒ කතාව අවංකත්වයෙන් තොර වූවක් බව මටම ඒත්තු ගිය නිසාදෝ අවසාන වචනය තොල් අතරින් ලිස්සා ගියේ කිසිවෙකුටත් නෑසෙන තරමේ පහත් හඬකිනි. මගේ ඇතුලාන්තය ගිනි වැදී සිතුවිලි උඩුයටිකුරු වී යක්ෂාවේශයකින් මා උමතුව සිටියේ අරුන්දතී “සෙත්සිරිපාය” ගොඩනැගිල්ලේ තුන් වෙනි තට්ටුවෙ සේවය කරන්නේ “ෆ්ලෝෂයින් සර්විස්” නම් වූ පිටස්තර ආයතනයක සනීපාරක්ෂක කම්කරු සේවාවක බව දැනගැනීම නිසාම ද?
“මටනම් ඔය කොයි දේත් එකයි. ඒත් මහලොකුවට කිව්වේ කොහොමද? ප්‍රතිපත්ති සැලසුම් අමාත්‍යංශය තුන්වෙනි තට්ටුවේ වැඩ කරනවයි කියලා.”
“ඒ අමාත්‍යංශ තියෙන්නේ තුන්වෙනි තට්ටුවේ තමයි. මං වැඩ කළේත් තුන්වෙනි තට්ටුවේ”
“ඔව් තුන්වෙනි තට්ටුවේ කක්කුස්සි හේදුවා.” යි කියවෙන්නට ගියද මම එය ආයාසයෙන් මැඩ ගතිමි. මා අධමයෙකු යැයි ඒ හා සමගම මට සිතිණ. සිතින් ඒත් ඒ අරුන්දතී ගේ හැඩීම් වැළපීම් නිසා හටගත් දයාපරවශ හැඟීමකින් නො වේ. කෙසේ වුවද “මටනං ඔය කෝකත් එකයි” කියද්දි මා හර්දය සාක්ෂිය හා කෙතෙක් දුරට අනුගත වී සිටියේද යන පැනය සිත පාරමින් මා තුළ නැගුණේ ය.
මොරදී ගෙන කොළඹ අතට දුවන දුම්රියක මරලතෝනිය පරිසරය වෙව්ලූම් කවමින් හැඟෙයි. සාගර රැලි ප්‍රචණ්ඩ ලෙස පෙරළෙනු පෙනේ. සිතිජ වළාකුළු එකිනෙකට දැවටී ඝනීභූත වී ඇති අයුරකි. ගිනි ගුලියක් ව ඇති හිරුගේ රතුපාට ලකුණු රැස් අරුන්දතී හැඳ සිටින නිල් ගව්ම දම් පැහැයකට පෙරළා තිබේ.
මා ගල්තලාවේ නැගී සිටියේ ද නොනිමි කෝපයෙන් යුතුව ය .
අරුන්දතී රාජගිරියට ඇරලා ෂාලිමාර් හෝටලය වෙත ගිය මා විස්කි බෝතලය හිස් කළේ ඉවක් බවක් නැති ආකාරයෙනි. මා ආපසු නිවසට පැමිණියේ කෙසේද ? රිය පැදවූයේ කෙසේද? වැනි ප්‍රශ්න මා තුළ නැගුනේ පසුදා ඉර එළිය දැකීමෙන් පසුවය.
“මොකද ඊයෙ රෑ උනේ?” කාමරයට එබෙමින් අම්මා ඇසූ කල මා තුළ නැගුනේ විලියට හුරු හැඟුමකි.
“පාටියකට ගියාද?”
“හ්ම්”
අනන්ත අප්‍රමාණ වූ බරක් මගේ හිස මත පැටවී ඇති අයුරක් මට හැඟෙයි. දැන් මට ඇත්තේ අරුන්දති විවාහ කරගැනීම හෝ ඇගෙන් සමු ගැනීම පිළිබඳව තීරණයක් ගැනීම ය. මා අරුන්දතී සරණ පාවා නො ගන්නේ ඇයි? නිර්ධන පන්ති අරගලය සඳහා දර දිය අදින කම්කරු සංවිධානයක කේන්ද්‍රරයක් නියෝජනය කරන මට එය ඉතා ප්‍රායෝගික අත්දැකීමක් නොවේ ද ?
වැසිකිලි කටකට විෂබීජ නාශක දියර විශේෂයක් ඉසින ඈ, බුරුසු මිටට සිරුරේ සියලු වෙර යොදා එහි ඇති පැල්ලම් ඉවත් කිරීමට තැත් කරයි. පිළුණු ගඳ හමන ඉඳුල් කොළවලින් පිරුණු බාල්දියක් ඔසවාගෙන විත් පොදු කසල ගොඩට හෙළීමෙන් අනතුරුවය, ඇගේ රාජකාරි කටයුතු නිම වන්නේ. ඉනික්බිතිව කාර්යාල වේලාව ඉක්ම යන තුරු සිමෙන්ති පත්තියක් මත වාඩි වී ගිමන් හරින අරුන්දතී, සේවක සේවිකාවන් පිටව යත්ම මුව කට දොවා නිල ඇඳුම් ඉවත් කොට, සීරුමාරුවට නවා ඇති සාප්පු ගවුම ඇඳ වත්සුනු හා විලවුන් ද ගල්වා ගනී. ඈ ශාන්ත දාන්ත ලෙස මා වෙත පිරිනමන්නේ මේ වෙස් මාරුවෙන් අනතුරුව ය.
මගේ සිත තුළ වන කෝපය බුරබුරා දැල් වී යයි. අරුන්දතී සූක්ෂම ලෙස මා රවටා තිබේ. ඇගේ ගති පැවතුම් චර්යාවන් හා ඇතැම් අංග ලක්ෂණ සියුම් ලෙස නිරීක්ෂණය කළේ නම් මට මේ සියල්ල දැන ගත හැකිව තිබිණ. සාය හැට්ටය හා ගවුමෙන් මිස ඈ කිසි විටෙක සාරියකින් සැරසී නැත. එහෙත් ඒ පිළිබඳව මෙන්ම කාර්යාල වේලාව ඉක්ම අඩ පැයක් ගත වන තුරු ඇය ප්‍රමාද වන්නේ කුමන හේතුවකින් ද යන්න කෙරෙහි ද මා කිසි විටෙකත් සිත එළවා නැත. ඒ ඇය කෙරෙහි සිත තුළ පැවති අචල විශ්වාසය හේතුවෙන් නොවේද? එහෙත් ඒ විශ්වාසය ඇය කෙතරම් උපක්‍රමශීලී ලෙස සිය වාසියට යොදා ගෙන ඇද්ද?
මේ හා සමාන බරපතළ විශ්වාස ඝාතනයකින් අනතුරුව සියල්ල අමතක කොට යළි සුපුරුදු අයුරින් ඇය වෙත ස්නේහවන්ත වීමට තරම් ශක්තියක් ධෛර්යයක් මා තුළ ඇත්දැයි මම සිතා බැලුවෙමි. හය මසකට නොවැඩි අපගේ ප්‍රේම සම්බන්ධය මෙතෙකින් නතර කළ යුතුව ඇතැයි එහිදී මට සිතුණේය.
එහෙත්…… ඇගේ ගර්භණීභාවය?
මේ ප්‍රේම සම්බන්ධතාව බිඳ දැමීම සාධාරණීකරණය කර ගැනීම සඳහා මට ගොනුකර ගත හැකි වූයේ කරුණු අතලොස්සක් පමණි .
අරුන්දතිත් මාත් කෙතරම් ස්නේහ කින් බැඳී සිටියෙම් ද? අප තුළ වූ අපේක්ෂාවන් කොතෙක්ද ඒ සෙනෙහස වෙනුවෙන් අප කළ පරිත්‍යාගයන් කැපවීම් කෙබඳු ද? කිසියම් කරුණක් පිළිබඳ ව ඇය සත්‍ය වසන් කිරීමේ වරද වෙනුවෙන් එවැනි වූ සෙනෙහසක් බිලි විය හැකිද? මරාගෙන මැරෙන ගමනක් ආ ත්‍රස්තවාදියෙකු පොද වැස්සකින් බේරී සිටීම සඳහා ගසක් යට නතර වන්නේ ද ?
කෙසේ වුවද අප කුමන නිගමනයකට එළඹුන ද කවර හෝ ක්‍රියා මාර්ගයක් වෙත හෝ අවතීර්ණ වීමට ප්‍රථම මේ ගර්භණීභාවයේ බරින් ඇය නිදහස් කළ යුතු යැයි මම අවසාන වශයෙන් නිගමනය කළෙමි.
මරණය…….රමණය……..මරණය…….රමණය…….
හදිසියෙන් සිතට නැඟුණු මේ දෙපදය තුළ ගැබ්ව ඇත්තේ අපූරු ආකාර සමානාත්මතාවයක් නොවේදැයි ඒ යළි යළිත් තොල් මතුරන අතරේ රුචිරට සිතිණ. එහෙත් කදිමට සැසඳෙන අක්ෂර සංයෝගයකින් සැදුණ ද එහි අදහස පරස්පරය ඒ පරස්පරය සිදුවී ඇත්තේ එකම අකුර එහා මෙහා වීමෙනි.
මරණය…..රමණය……මරණය…..
ඇඳ රෙද්ද ඇද පොරවා ගත් රුචිර දෑත් දෙපා ගස්සමින් පහසු ඉරියව්වකට මාරු වීමට තැත් කළේ උදලු තලයකින් කැපීගිය ගැඩවිල් පණුවෙකු මෙනි. බිලී කොක්ක ඇමිණු මත්ස්‍යයකුගේ මෙන් තමාගේ සකල සර්වාංගයම සලිත වනු ඔහුට හැඟෙයි.
මල් ශාලාවේ මෘත ශරීරාගාරය තුළ තුල උල්පිහි කතුරු හා කියත් තල වලින් දෙවන වරටත් ව්‍යවච්ඡේදනය කෙරෙන අරුන්දතී ගේ මළ සිරුර රුචිර ට පෙනේ. (එය මුල්වරට කැපීගිය කැපී කෙටී ගියේ හදිසි මරණ පරීක්ෂකගේ තියුණු සැත් කටු වලිනි.
කියතකින් පලා විවර කරන ලද සිරුරින් පිටතට ගනු ලැබූ අක්මාවත් හිස් කෘමිනාශක දියර කුප්පියත් මාරුවෙන් මාරුවට ඉව කර බැලූ කොර්නෙල්ගේ රුව රුචිර දකින්නේ මනසිනි. ඊයේ මැදියම් රෑ කළුබෝවිල රෝහලේ දී සැබැවින්ම සිදු වූ මෙම ක්‍රියාවලිය ඇසින් දැක ඇත්තේ උපනන්දය.
අරුන්දතී ගේ මරණය සියදිවි නසා ගැනීමක් ලෙස විනිශ්චය කිරීමට තුඩු දුන් සියළු සාධක පිළිගැනී ඇතත් ඒ වෙනුවෙන් අල්ප මාත්‍ර වූ සහනයක් සැනසීමක් රුචිරගේ සිතට කාන්දු වී නැත. කිව නොහැකි වේදනාවකින් බියකින් හා කුහුලකින් ඔහුගේ ඇතුළාන්තය ගිනි වැදී තිබේ. ජීවිත කාලය මුළුල්ලේ මෙතෙක් විඳ ඇති සියලු දුක් දොම්නස් මේ පීඩනයට අලගු තැබීමට හෝ නො තරම්ය.
” මරණය” වූ කලී මෙතරම් බියකරු වූ ගුප්ත වූ රුදුරු වූ තත්ත්වයක් ලෙස තමා කිසිවිටෙකත් දැන හඳුනා සිටියේද? මරණය ප්‍රත්‍යක්ෂ සත්‍යයක් ලෙස ඒත්තු ගෙන ඇතත් ස්වකීයකු ඊට ගොදුරු වන තුරු එහි යථා තත්ත්වය අවබෝධ කරගත හැකි වේද?
මල් ශාලාවේ කුටියක මස් වැද්දෙකු ගේ තියුණු අවියකින් කැපී කෙටී විවරවන සිරුරේ සම් මස් නහර අතුණුබහන් පිටතට ගැනීමෙන් අනතුරුව බෙහෙත් ගල්වා පුළුන් පුරවා සුදෝසුදු මංගල ඇඳුමින් සැරසෙන අරුන්දතී ගේ මෘත දේහය පිළිබඳව විවිධ සිත්තම් රුචිර ගේ සිත තුළ චිත්‍රණය වන්නේ සිරුරේ මස්පිඬු ඝනීභූත කරමිනි. බැලූ බැලූ අත නිවසේ ඇඳ පුටු මේස මත පවා මරණය බියකරු සෙවන ලියැවී තිබේ. සෝමාවතී වා මඬලට විදින සමන් පිච්ච සුවඳ කැවූ දියරයෙන්ද නික්මෙන්නේ මිනීමල් ආග්‍රහණය කි මේ සියල්ලෙන් අත් මිදිය හැක්කේ කෙසේද? කවදාද?
සැරව පිරුණු තුවාලයක් මෙන් කකියන පනු කැවිල්ලක් මෙන් නලියන අරුන්දතී පිළිබඳව ස්මරණය පිටුදැකීම තමාට ලේසි පහසු කාර්යයක් නොවනු ඇතැයි විප්ලවවාදී පක්ෂයෙන් මාසික ප්‍රකාශනයේ මංගල කලාපයේ දිගහැර බලන අතරේ රුචිරට සිතින.
අරුන්දතී ගේ භූමදානයෙන් අනතුරුව උදා වූ අටවැනි දිනයට ද හිරු නැගී තිබේ. එහෙත් ඇගේ මරණය ගැන ඇසූ මොහොතේ හටගත් ආකූල ව්‍යාකූල මානසිකත්වයෙන් තමා තවමත් අත්මිදී නැත .
එහෙත්……..?
ම්ලේච්ඡ ෆැසිස්ට්වාදයට ධනවාදයට එරෙහිව නැගී සිටීම සඳහා කම්කරුවන්, නිර්ධනීන් පෙළගැස්වීමේ භාරදූර කර්තව්‍යයට උර දී සිටින විප්ලවවාදී පක්ෂයක ක්‍රියාකාරී සාමාජිකයෙකු වන තමාගේ ඒ පරමාර්ථ ගවේශ ජීවිතය අති පෞද්ගලික වූ හේතු කාරකයක් මත මෙවැනි දෙදුරුම් කෑමකට බඳුන් විය යුතුද නැත .
විශ්ව විද්‍යාලයෙන් පිට වීමෙන් අනතුරුව ගෙවී ගිය ජීවිත කාලයෙන් වැඩි හරියක් තමා මිඩංගු කර ඇත්තේ අවට පරිසරයක් අධ්‍යනය කිරීම හා ලෝකය තේරුම් ගැනීම සඳහාය. නව කම්කරු සංවිධානයක් බිහි කිරීමේ කාලීන අවශ්‍යතාව තමාට ඒත්තු ගොස් ඇත්තේද ඒ ව්‍යායාමය තුළිනි .
එහෙත්……?
ලෝකය කෙසේ වෙතත් තමාට තමා හඳුනාගත හැකි වූයේ අරුන්දතී ජීවිතෙන් වන්දි ගෙවීමෙන් අනතුරුව නොවේද ?
නොඑසේනම් කම්කරු පක්ෂයක සන්ධානයක කේඩරයක් නියෝජනය කරන තමා කම්කරු සේවාවක නිරත වීමේ හේතුව මත ඇය පිටුදැකීමේ පිළිකෙව් කිරීමේ අරුත කුමක්ද?
අරුන්දතී වෙතින් පලා යාමට තමා යොමු වූයේ කුමක් නිසාද ?
රුචිරගේ සිත නව ඉසව්වකට යොමු කරමින් ඇත්තේ මේ පිළිබඳව දීර්ඝ ලෙස කරුණු දැක්වූ තමා වළකමින් උපනන්ද පළ කළ කෙටි අදහසකිනි.
මාක්ස් ටැකල් නොකළ දෙයක්නෙ මේ මනුස්සයගෙ හිත කියන එක ?
කැත්ලීන් ජයවර්ධන
✨
LikeLike