
වර්තමානය වන විට සමස්ත ලෝකයම ඩිජිටල් යුගයකට පා තබා ඇති බව නොරහසකි. මානව ජීවිතයේ සෑම පැතිකඩක් සේම ගිවිසුමික සහ වාණිජමය ක්ෂේත්‍රයන් ද ඩිජිටල්කරණලේ ප්‍රබල ග්‍රහණයට හසු වී ඇත. ගෝලීය වශයෙන් ලොව අන්තයන් දෙකක සිටින පාර්ශවයන් අතර ඇතිවන ගනුදෙනුවක් වුවද ඇඟිලි තුඩකට ගෙන ඒමට නූතන තාක්ෂණික දියුණුව සමත් වී තිබේ. කාර්‍යක්ෂමභාවය, ඵදායිතාවය සහ ගෝලීය වශයෙන් වාණිජ්‍යමය කටයුතුවල යෙදීමේ පහසුව හේතුවෙන් ඉලෙක්ට්‍රොනික ගණුදෙනු පසුගිය දශකය තුළ අතිශය ජනප්‍රියත්වයට පත්වුව ද මෙම ක්ෂේත්‍රය පාලනය වන නෛතික රාමුව පිළිබඳ සාක්ෂරතාව අල්ප වීම හේතුවෙන් බොහෝවිට ඩිජිටල් ගණුදෙනු ආශ්‍රිතව නීති විරෝධී භාවිතයන් සහ හැසිරීම් හඳුනාගත හැකිය .
ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් ගණුදෙනු පාලනය වීම සම්බන්ධ විධිමත් නීතියක් සම්පාදනය වීම සිදුවූයේ ඉතා මෑතකාලීනවය. එය සමාජමය වශයෙන් සිදු වූ පරිවර්තනයන්, ගෝලීය සබඳතා හමුවේ මතු වූ නොවැළැක්විය හැකි අවශ්‍යතාවල ප්‍රතිඵලයක් සේ දැක්විය හැකිය .
ගෝලීය සයිබර් අවකාශය තුළ රාජයන්ට මඟ පෙන්වීම සඳහා 1996 දී , United Nations Commission On International Trade Law (UNCITRAL) නමැති නීති පද්ධතිය සම්පාදනය විය. මෙය රාජ්‍යයන් 60 ක් පමණ ආදර්ශ නීති පද්ධතියක් ලෙස යොදාගන්නා අතර රාජ්‍යයන් කෙරෙහි බන්ධනීය නොවේ. ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් සිදු කෙරෙන ගිවිසුම්, වාණිජ්‍ය, සන්නිවේදන කටයුතු සහ තොරතුරු ආරක්ෂිතව ගබඩා කර තැබීම ආදිය කෙරෙහි මේ හරහා මඟ පෙන්වීමක් සිදුවේ.
එසේම UN Electronic Commiunications Covention (e-CC) ද ගෝලීය වශයෙන් මෙම ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා හේතු වී තිබේ. මෙය ඉලෙක්ට්‍රොනික ගණුදෙනු පිළිබඳව එකම අන්තර්ජාතික සම්මුතිය වන අතර වරක් අපරානුමත කළ පසු අදාළ රාජ්‍ය කෙරෙහි බන්ධනීය වේ. රාජ්‍යයන් අතර ඉලෙක්ට්‍රොනික වෙළඳාම, ඩිජිටල් අත්සන් තැබීම, අන්තර් රාජ්‍ය ගිවිසුම් ඇතිකර ගැනීම ආදියට පහසුකම් සපයයි. ලංකාව ද ඇතුළුව ආසියා පැසිෆික් කලාපීය බොහෝ රාජ්‍යයන් මෙම සම්මුතියේ පාර්ශවකරුවන් වේ.
ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් වාණිජ්‍ය ආමන්ත්‍රණය කෙරෙන නීති සම්පාදනය වීමේදී උක්ත නෛතික ස්ථිතීන් අත්‍යවශ්‍යයෙන් ම බලපා තිබේ. විශේෂයෙන්ම මෙරට මෙම ක්ෂේත්‍රය සේම්බන්ධයෙන් බලධාරී නීතිමය තත්ත්වයක අවශ්‍යතාව මත, UNCITRAL ආදර්ශ නීති මත පදනම්ව 2006/19 දරන ඉලෙක්ට්‍රොනික ගණුදෙනු පනත සම්පාදනය විය. මෙම පනත 2017/25 දරන පනතින් සංශෝධිතය. මේ හරහා ගෝලීය නියමයන් සමඟ යාවත්කාලීනව ගමන් කිරීමේ ප්‍රවේශයක් ශ්‍රී ලංකාවට සපයනු ලැබිණ.
ඉලෙක්ට්‍රොනික ගණුදෙනුවක් යන්න ,
‘In lay terms ‘Electronic Commerce’ or ‘E-Commerece’ is the buying and selling of goods and services using electronic means.’’2 ලෙස හඳුනාගත හැකි ය .
ඉලෙක්ට්‍රොනික ගණුදෙනු පනතෙහි ප්‍රතිපාදන අතර ඉතාම වැදගත් අවස්ථාවන් ලෙස,
2 (අ) උපවගන්තිය අනුව, නෛතික අවහිරතා තුරන් කිරීම සහ නෛතික නිශ්චිතතාව තහවුරු කිරීම හරහා දේශීය සහ ජාත්‍යන්තර ඉලෙක්ට්‍රොනික වාණිජ කටයුතු සඳහා පහසුකම් සැලසීම පනතේ පරමාර්ථයක් බව දක්වා ඇත.
3 වගන්තිය අනුව, ඉලෙක්ට්‍රොනික ස්වරූපයෙන් පැවතීම යන හේතුව මත යම් වාර්තාවක / ලේඛනයක නෛතික වලංගුතාව හා පිළිගැනීම අහෝසි නොවිය යුතු බව සහතික කරයි. 2017/25 දරන පනතින් සංශෝධිත 7 වන වගන්තිය හරහා ඉලෙක්ට්‍රොනික අත්සන් වලට නෛතික පිළිගැනීම ලබා දී තිබේ. මෙය, ඊ වාණිජ්‍ය කටයුතු තවදුරටත් ව්‍යාප්ත වීමට පදනමකි.
පනතේ 11 වගන්තිය හරහා ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් ඇතිකරගන්නා ගිවිසුම් වලට නෛතික බලාත්මකභාවය ලබාදීම සුවිශේෂී වේ. මේ හරහා ගිවිසුමක අත්‍යවශ්‍ය සාධක වූ අර්පණය සහ ප්‍රතිග්‍රහණය ඩිජිටල් තලයකට ගෙන එන අතර, 2017 සංශෝධන පනතින් එක් කළ 11 අ) උපවගන්තිය හරහා අර්පණ වලට ආරාධනා කිරීම ද මේ යටතට ගෙන තිබේ.
පනත තුළ ‘’ඉලෙක්ට්‍රොනික මාධ්‍යයන්’’ ලෙස දක්වා තිබුණ ද භාවිත කළ යුතු තාක්ෂණික මාධ්‍යයක් නිශ්චිතව නිම කර නොතිබීම වැදගත් වන්නේ එය ව්‍යාපාර සඳහා තෝරාගැනීමේ අවස්ථා රාශියකට ඉඩ සලසන බැවිනි.
Payment & Settlements Systems Act No.28 of 2005 හරහා තවදුරටත් ජංගම දුරකථන හරහා සිදු කෙරන ඩිජිටල් ගණුදෙනු පහසු කර තිබේ. ගණුදෙනු වලදී ඇතිවන අවිධිමත් තත්තවයන්, මූල්‍ය වංචා, සයිබර් ප්‍රහාර ආදිය අවම කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවට අවශ්‍ය බලය දෙමින් මෙම පනත සම්පාදනය වේ.
ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් සිදු කරන ගණුදෙනු වලදී යම් කරුණක් සාක්ෂි ලෙස ආවේශ්‍ය කරගැනීමේ හැකියාව සැලකීමේදී , 1995 අංක 14 දරන සාක්ෂි (විශේෂ විධිවිධාන) පනතේ 4 සහ 5 වගන්ති මඟින් යාන්ත්‍රික ස්වරූපයේ සාක්ෂි වලට නෛතික පිළිගැනීම සහතික කරයි. ඉලෙක්ට්‍රොනික ගණුදෙනු පනතේ 21 වගන්තියේ ප්‍රතිපාදන ද මෙහිදී අදාළ කරගත හැක.

Digital Commerce and Law
It is not a secret that the entire world has set foot to a digital era. Digitalization has captured the entire scope of human lifestyles. Similarly, it has acquired a prominent role in contractual and commercial matters. The modern technology has been capable of bringing any transaction between two parties in two different ends of the world at the fingertips. Electronic transactions were popular in the previous century due to its efficiency, productivity and convenience of engaging in global commercial activities. However, due to the lack of literacy regarding the legal framework that regulates this field, number of illegal uses have been identified with respect to digital transactions.
It was not until the recent times, that a proper law was drafted in Sri Lanka with regards to Digital Transactions. Such law was introduced as a result of social transformation occurred through digitalization and due to the need of meeting the requirements arisen through global connections.
The United Nations Commission on International Trade Law (UNCITRAL) is a legal framework introduced in 1996 which guides the nations in global cyber space. Approximately 60 countries use this as a model legal framework although it is not binding on nations. Electronic transactions, commercial and communication activities and data storage are certain aspects regulated through this.
Similarly, UN Electronic Communications Convention (e-CC) has impacted towards the upliftment of this field. This is the sole International Convention related to Electronic transactions and once it is accepted by a state it is indeed binding on that particular state. This creates efficiency and convenience in Electronic trade between states, digital signatures and entering in to bilateral and multilateral international agreements. Many countries in Asia-Pacific region including Sri Lanka are partners for this convenance.
The above-mentioned legal status necessarily influences in drafting laws in Sri Lanka which addresses Digital Commerce. Specially, due to the requirement of legal authority pertinent to this field, the Electronic Transactions Act no. 19 of 2006[1] was introduced based on the UNCITRAL guidelines. This act was amended by the Amendment Act no.25 of 2017 through which Sri Lanka was provided with a path to update laws parallel to the dynamic global norms.
In lay terms “‘Electronic Commerce’or É-Commerce’is the buying and selling of goods and services using electronic means”.[2]
The important provisions in the Electronic Transaction Act
- According to sub section 2(a), “Facilitating domestic and international electronic commerce by eliminating legal barriers and establishing legal certainty” is regarded as an objective of the Act.
- According to Section 3 “No data message, electronic document, electronic record or other communication shall be denied legal recognition, effect, validity or enforceability on the ground that it is in electronic form.” According to the Amended section 7 of the Act no 25 of 2017, “electronic signatures were given validity.” This has resulted in further expanding E-Commerce.
Through the Section 11 of the Act, legal enforceability was provided to agreements entered into by the means of Electronic media. Accordingly, the essential requirements of an agreement (Offer and Acceptance) were brought into a digital platform. Through sub-section11(a) of the amendment act 2017 the ‘invitation to offer’ was also brought into the digital platform.
Although the Act states the word ‘Electronic Media’ it does not specify the technological media that should be used. Hence, it provides number of opportunities for businesses in which they could select which medium to be used.
Payment & Settlements Systems Act No 28 of 2005 further increased convenience in digital transactions through mobile phones. This Act grants authority to the central Bank of Sri Lanka, in order to eliminate the risks of financial frauds, cyber attacks that could occur in the cyberspace.
Ability to infer a fact as evidence in transactions made through electronic media is guaranteed by the section 4 and 5 of the Evidence (Special Provisions) Act No 14 of 1995 which certifies legal acceptance of any evidence which is in electronic forms. The provisions of Section 21 of the Electronic Transactions Act may also apply in this regard.
[1] The Preface of this Act provides that it facilitates the creation of Electronic Contracts, Exchange of Data and Information, Communication matters within Sri Lanka.
[2] Chinthaka Fernando, ‘Junior Bar Law Journal’(2016) Vol 7 Adequacy Of Sri Lankan Laws to Face The Challenges Posed By Electronic Contracts: A brief Overview p138
இலத்திரனியல் வர்த்தகமும் சட்டமும்
உலகம் முழுவதும் இன்று டிஜிட்டல் சகாப்தத்திற்குள் தடம் பதித்து விட்டது என்பது மறுக்க முடியாத உண்மை. இலத்திரனியல்மயமாக்கம் மனித வாழ்க்கை முறையை முழுவதுமாக ஆட்கோண்டது போல் வர்த்தக மற்றும் ஒப்பந்தம் தொடர்பான விடயங்களிலும் முக்கிய இடத்தைப் பிடித்துள்ளது. மேலும் நவீன தொழினுட்பமானது, உலகின் எப்பாகங்களிலும் உள்ள திறத்தவர்களிற்கிடையிலான பரிமாற்றல்களை விரல்நுனியில் சாத்தியமாக்கியுள்ளது. செயல்திறன் மற்றும் இலகுவான தன்மை காரணமாக, முந்தைய நூற்றாண்டுகளிலும் இலத்திரனியல் பரிமாற்றல்கள் பிரசித்தமாக இருந்திருப்பினும் , இத்துறையின் சட்டரீதியான பாதுகாப்பு தொடர்பான குறைவான அறிவு காரணமாக, பல்வேறு சட்டவிரோத சிக்கல்கள் எழுந்தவண்ணமுள்ளன.
உலகளாவிய ரீதியில் நாடுகளை இணையம் தொடர்பில் நெறிப்படுத்த 1996இல் அறிமுகப்படுத்தப்பட்ட சட்டப்பின்னணியே தேசிய தொழிற்சங்க சட்டம் தொடர்பான ஐக்கிய தேசிய ஆணையம்(UNCITRAL) .
இது நாடுகளை கட்டுப்படுத்தாவிடினும் , அண்ணளவாக 60 நாடுகள் இதனை மாதிரியாக கொண்டு செயற்படுகின்றன.
இலத்திரனியல் பரிமாற்றல்கள், வர்த்தக மற்றும் தொடர்பாடல் நடவடிக்கைகள் மற்றும் தரவுப் பதிவு என்பனவே இதன் முக்கிய கூறுகள்.
அதேபோல், UN இலத்திரனியல் தொடர்பாடல் உடன்படிக்கை (e- CC) இலத்திரனியல் பரிமாற்றல்களுடன் தொடர்புபட்ட ஒரே உடன்படிக்கையாக உள்ளதுடன், அதனை ஏற்றுக்கொண்ட அரசுகள் அதற்கு கட்டுப்படல் அவசியம்.இது நாடுகளிற்கிடையிலான இலத்திரனியல் பரிமாற்றங்களை செயற்திறன் மிக்கதாயும், இலகுவானதாயும் மாற்றுகிறது.இவ்வுடன்படிக்கையை இலங்கை போன்ற பல்வேறு ஆசிய-பசிபிக் நாடுகள் ஏற்றுக்கொண்டுள்ளன.
இலத்திரனியல் வணிகம் தொடர்பான இலங்கை சட்டங்கள் இயற்றப்படுமிடத்து மேற்குறிப்பிட்ட சட்டநிலைமை கட்டாயம் தாக்கம் செலுத்தும்.ஆகவே UNCITRAT வழிகாட்டல்களை அடிப்படையாக கொண்டு Electronic Transaction Act No.19 of 2006 உருவாக்கப்பட்டதுடன் , Amendment Act No.25 of 2017 இனால் நவீன மாற்றங்களிற்கேற்ப இச்சட்டம் திருத்தப்பட்டது.
இதன்படி, ” இலத்திரனியல் வணிக அல்லது இ- வணிகம்” என்பது பொருட்கள் மற்றும் சேவைகளை இலத்திரனியல் ஊடகங்கள் மூலம் விற்பனை மற்றும் கொள்வனவு செய்தல் ஆகும்.”
Electronic Transaction Act இன் முக்கிய ஏற்பாடுகள்
1) . உபபிரிவு 2(a) இற்கு இணங்க, “சட்டரீதியான தடைகளை நீக்கி சட்டநிச்சயதன்மையை நிறுவுதல் மூலம், உள்நாட்டு மற்றும் சர்வதேச இலத்திரனியல் வணிகத்திற்கான வசதி செய்து கொடுத்தல்” இச்சட்டத்தின் ஒரு நோக்கமாக உள்ளது.
2) . பிரிவு 3 இற்கமைய, ” தரவுச் செய்திகள், இலத்திரனியல் ஆவணங்கள், இலத்திரனியல் பதிவுகள் அல்லது ஏனைய தொடர்பாடல்கள் இலத்திரனியல் வடிவில் இருக்கும் காரணத்திற்காக அவற்றின் சட்ட ரீதியான அங்கீகாரம், வலிதான் தன்மை அல்லது பிணிக்கும் தன்மை என்பன மறுக்கப்பட்ட கூடாது.”. மேலும் 2017 திருத்தச்சட்டத்தின் பிரிவு 7 இற்கு அமைய ‘ இலத்திரனியல் கையொப்பங்களும் ‘ சட்ட வலிதுடைமை பெற்றுள்ளன.
இச்சட்டத்தின் பிரிவு 11, இலத்திரனியல் ஊடகங்கள் மூலம் செய்யப்படும் உடன்படிக்கைகளிற்கும் சட்டரீதியான பிணிக்கும் தன்மையை வழங்குகிறது.2017ஆம் ஆண்டு திருத்தத்தின் உப பிரிவு 11(a) ஆனது , ஒப்பந்தத்திற்கு அவசியமான ‘கொடைமுனைவு மற்றும் ஏற்பு’ என்பனவற்றை இலத்திரனியல் ஒப்பந்தங்களிற்கும் தேவைப்படுத்தியுள்ளது.
மேலும் இச்சட்டமானது ‘ இலத்திரனியல் ஊடகம்’ என்பதை தொழில்நுட்ப ஊடகத்தினுள் மட்டுமே உள்ளடக்காது பரந்தளவில் பொருள்கோடலை வழங்கியுள்ளது.
Payment & Settlements Systems Act No 28 of 2005 சட்டமானது, இலங்கை மத்திய வங்கிக்கு இலத்திரனியல் ஊடக மோசடி,சைபர் க்ரைம் என்பனவற்றை ஒழிக்கும் அதிகாரத்தை வழங்கியதன் மூலம், கையடக்க தொலைபேசி மூலமான டிஜிட்டல் பரிமாற்றங்களிற்கு வசதி செய்து கொடுத்துள்ளது.
மேலும், Evidence (Special Provisions) Act No 14 of 1995 இன் பிரிவுகள் 4 மற்றும் 5 மற்றும் Electronic Transaction Act இன் பிரிவு 21 என்பன, இலத்திரனியல் ஊடகமாக உள்ள எந்த சான்றுகளும் சட்ட ஏற்புடைமை பெறுவதை உறுதி செய்கின்றன.

Written in Sinhala by Shayamani Madhurangi , Third Year Undergraduate, Faculty of Law
Translated into English by Udeep Tennakoon
Translated into Tamil by Shaaieswary Pathmaseelan
Worth reading!
LikeLike