ශ්‍රමය සූරාකැමට එරෙහිව කම්කරු අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මූතීන් හරහා කම්කරු ප්‍රජාව ආරක්ෂා කරගැනීමේ අදහස 19වන ශතවර්ෂයේ මුල්කාල වකවානුවේ පමණ ඈත කාල පරිච්ඡේදයක කථිකාවට භාජනය වීම ආරම්භ වී වර්තමානය දක්වාම සමාජය තුළ පවා නොනැවතී සාකච්ඡාවට ලක්වන කාලීන මාතෘකාවකි.ජාත්‍යන්තර ගිවිසුම් හා නෛතික ප්‍රතිපාදන හරහා කම්කරුවන්ගේ තත්ත්වය වර්ධනය කිරීම පිළිබඳ අදහස පළමු ලෝක යුධ සමයේදී වඩාත් ඉදිරියට ගමන් කරන ලදී. එකී බලපැම මත 1919 දී ජාත්‍යන්තර කම්කරු සංවිධානය කම්කරු අයිතීන් පිළිබද වඩාත් අවධානය යොමුකරන ලදී. ජගත් කම්කරු සංවිධානයේ වඩාත් තීව්‍ර බලපෑම ආරම්භ වන්නේ දෙවන ලෝක යුද්ධය අවසන් වීමත් සමගය.ජගත් කම්කරු සංවිධානයේ ප්‍රතිපත්ති හා පරමාර්ථ අතර, ශ්‍රමය යන්න වෙළද භාණ්ඩයක් නොවන බවත් , ජාති ආගම් හෝ ලිංග භේදයකින් තොරව සියලුම මනුෂ්‍යන්ට නිදහස , ආත්මාභිමානය , ආර්ථික සුරක්ඪ්ෂිතතාව හා සමාන ඉඩ ප්‍රස්ථාවන් සහිත තත්ත්වයන් යටතේ තමන්ගේ ලෞකික සුභසිද්ධියත් අධ්‍යාත්මික සංවර්ධනයත් උදෙසා කටයුතු කිරීමේ අයිතිය ඇති බව මෙම සම්මේලනය හරහා පිළිගන්නා ලදී.
හරයාත්මක කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වඩාත් වැදගත් වන මෙවලම් ලෙස ජගත් කම්කරු සංවිධානයේ මූලික සම්මුතීන් 8ක් තිබේ. මේවා සියල්ල මූලික මානව අයිතීන් යටතට ගැනේ.ඒවා නම්,
- එක් රැස්වීමේ නිදහස හා සංවිධානය වීමේ අයිතිය සුරැකීම.
- සංවිධානය වීමේ අයිතිය හා සාමූහික කේවල් කිරීම පිළිබඳ අයිතිය
- බලහත්කාරයෙන් සේවයේ යෙදවීමට එරෙහි වීමේ අයිතිය
- බලහත්කාරයෙන් සේවය යෙදවීම අවසන් කිරීමේ අයිතිය
- සේවයේ යෙදවීමේ අවම වයස ප්‍රමිතිගත කිරීම හරහා ළමා ශ්‍රමය සක්‍රීය ලෙස යෙදවීම තහනම් කිරීම- මේ හරහා සේවයේ යෙදවීමේ අවම වයස අවුරුදු 15 ලෙස සළකන අතර අවදානම් සහගත වෘත්තීන් සඳහා අවුරුදු 18 අවම වයස් සීමාව ලෙස දක්වා තිබේ.
- ළමා කම්කරු සේවය මුලිනුපුටා දැමීම
- සමාන පාර්ශ්‍රමික- එනම් සමාන කාර්යයන් සඳහා යොදවනු ලබන කාන්තා පිරිමි දෙපාර්ශවයටම සමාන වැටුපක් ලැබීමේ අයිතිය සුරක්ෂිත කිරීම.
- සියලුම ආකාරයේ වෙනස්කොට සැළැකීම්වලින් වැළකීමේ අයිතිය.
මෙම සම්මුතීන්හි පවත්නා අයිතීන් සමාජික රාජ්‍යයන් විසින් ජගත් කම්කරු සම්මේලනයන්හීදී අනුමත කරන ලද ඒවා නමුත් ඒවා තම රටවල නීතිගත කොට ක්‍රියාත්මක කිරීම අතපසු කර ඇති අවස්ථා සුලභව දැකගත හැකිය. බහුතරයක් තත්ත්වයන් තුල දැකගත හැක්කේ තම රාජ්‍යයන් තුළ මෙකී කම්කරු අයිතීන් නිතිගත කොට තිබුනද ඒවා සතුටුදායක මට්ටමට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පාර්ශ්වකාර රාජ්‍යයන් අසමත් වීමයි. මෙම සම්මුතීන් ක්‍රියාවේ යෙදවීම සම්බන්ධයෙන් ජගත් කම්කරු සංවිධානය විසින් නිරන්තරයෙන් අධීක්ෂණයට ලක්කෙරේ. එනම් සම්මුතීන්වලට අත්සන් කරන ලද පාර්ශවකාර රාජ්‍යයන් මෙම සම්මුතීන් තුළින් නිශ්චය කරන ලද ප්‍රමිතීන්වලට අනුකූලව ගන්නා ලද පියවරයන් සම්බන්ධයෙන් ජගත් කම්කරු සංවිධානය වෙත වාර්තා කළ යුතුය. මූලික කම්කරු අයිතීන් සම්බන්ධයෙන් සම්මුතීන්හි පාර්ශවකාර රාජ්‍යයන් වසර 2කට වරක් සංවිධනාය වෙත වාර්තා සැපයිය යුතුය. අනෙකුත් සම්මූතීන් සම්බන්ධයෙන් වසර 5කට වරක් වාර්තා සැපයිය යුතුය. එමෙන්ම වෘත්තීය සමිතිවලට හා සේව්‍යන්ගේ සංවිධානවලට ජගත් කම්කරු සංවිධානයේ අධීක්ෂණ යාන්ත්‍රණය වෙත ආණ්ඩුවලට එරෙහිව සිය කම්කරු අයිතීන් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමටත් නියෝජිත කණ්ඩායම් හරහා කරුණු දැක්වීමටත් අවස්ථාව පවතී. යම් සම්මුතියක් අත්සන් කිරීමේදී එහි අපේක්ෂිත අරමුණු ඵලදායී ලෙස සහතික කොට නැති බවට ඕනෑම ජාතික හෝ ජාත්‍යන්තර කම්කරු හෝ සේව්‍ය සංවිධානයකට පෙනී යන්නේ නම් එම සංවිධානවලට ජගත් කම්කරු සංවිධානය වෙත පැමිණිලි කිරීමේ හැකියාව පවතී.
කම්කරු අයිතීන් සුරක්ෂිත කිරීමෙහිලා ශ්‍රී ලංකාවේ නෛතික පසුබිම සලකා බලන කළ මානව අයිතීන් තහවුරු කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සම්මූතීන් ගණනාවක පාර්ශවකාර රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව හැඳුනාගත හැකිය.1948 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 23වන ව්‍යවස්ථාව මගින් සෑම කෙනෙකුටම නිදහසේ රැකියාවක් තෝරා ගැනීමට, සාධාරණ සහ හිතකර සේවා කොන්දේසිවලට සහ විරැකියාවෙන් ආරක්ෂා වීමට අයිතිය ඇත. කිසිදු භේදයකින් තොරව සෑම කෙනෙකුටම සමාන වැඩ සඳහා සමාන වැටුපක් ලබා ගැනීමේ අයිතිය ඇති බව පිළිගෙන ඇත. එමෙන්ම 1966 ආර්ථික සමාජිය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියේ 6වන ව්‍යවස්ථාව හරහා සියලු දෙනාටම නිදහස්ව පිළිගත් රැකියාවක නිරතවීමට ඇති අයිතිය හා ඒ හරහා තම ජීවනෝපාය තහවුරු කරගැනීමට ඇති අයිතිය පිළිගෙන තිබේ. මෙම සම්මූතීන්හී පාර්ශ්වකාර රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ වැඩකරන ජනතාවගේ අයිතීන් සුරක්ෂණයෙහිලා ගෙන ඇති පියවර විමසා බැලීමේදී රාජ්‍යයයේ උත්තරීතරම නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ප්‍රතිපාදන කෙරෙහි අවධානය යොමුකළ යුතුය. 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ 14 (උ) ව්‍යවස්ථාව හරහා නීත්‍යානුකූල රැකියාවක, වෘත්තියක, කර්මාන්තයක, වෙළඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගෙන තහවුරු කොට ඇත. එමෙන්ම 14(ඈ) ව්‍යවස්ථාව හරහා වෘත්තීය සමිති පිහිටුවා ගැනීමේ අයිතිය හා ඒවාට බැඳීමේ අයිතිය මූලික අයිතියක් ලෙස පිළිගෙන තහවුරු කොට ඇත. මෙම අයිතීන් භුක්ති විඳිය යුත්තේ 15වන ව්‍යස්ථාවේ දක්වා ඇති සීමාවන්ට යටත්වය. මීට අමතරව ශ්‍රී ලංකාවේ කම්කරු අයිතීන් සම්බන්ධයෙන් 1950 අංක 43 දරණ කාර්මික ආරවුල් පනත හරහා නෛතික ප්‍රතිපාදන සපයනු ලැබේ. එමෙන්ම 2021 අංක 28 දරණ සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස් පනත හරහා විශ්‍රාමික අවම වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කර ඇත. 1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවකයන්ගේ රැකියා හා පාරශ්‍රමික පිලිබඳ රෙගුලාසියේ වැඩකරන පැයගණන හා අතීකාල දීමනා සම්බන්ධයෙන් ප්‍රතිපාදන අන්තර්ගත කර තිබේ. එහි දක්වන පරිදි දිනකට පැය 8ක් නොඉක්මවන කාලයක් හා සතියකට පැය 45ක් නොඉක්මවන කාලයක් විය යුතුය. එමෙන්ම සේවය කිරීමට නියමිත පැය ගණන ඉක්මවා සේවය කිරීමට සිදුවන සේවකයන් සඳහා අතීකාල දීමනා ලබාදිය යුතුය. එමෙන්ම සෑම ව්‍යවස්ථාපිත නිවාඩු දිනයක් සඳහාම වැටුප් සහිත නිවාඩු ලබාගැනීමට සේවකයන්ට අයිතිය පවතී. එමෙන්ම වාර්ශික නිවාඩු හා ප්‍රසූත නිවාඩුද සේවකයන් සඳහා තහවුරු කිරීම සේවා යෝජකයන්ගේ වගකීමයි. එමෙන්ම රැකියා අවසාන කිරීම සම්බන්ධ කම්කරු අයිතීන් සළකා බැලීමේදී 1950 අංක 43 දරණ කාර්මික ආරවුල් පනත හා 1971 අංක 45 දරණ කම්කරුවන්ගේ රක්ෂාව අවසාන කිරීමේ විශේෂ විධිවිධාන පනත යන ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන හරහා ක්‍රියාත්මක වේ. එහිදී සේවකයාගේ කැමැත්ත සහිතව එනම් ඉල්ලා අස්වීමේ ස්වරූපයකින් හෝ කම්කරු කොමසාරිස්වරයාගේ පූර්ව අවසරයක් ඇතිව හෝ සාධාරණ හේතුවකින් තොරව සේවකයෙකුගේ සේවය අවසාන කළ නොහැකිය. එමෙන්ම කම්කරු අයිතීන් සුරක්ෂණය සඳහා 1950 අංක 43 දරණ කාර්මික ආරවුල් පනත යටතේ පිහිටවූ වැදගත්ම ආයතනය වන්නේ කම්කරු විනිශ්චය සභාවන් ය. පෞද්ගලික හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයන්ට අසාධාරණ සේවා සමාප්තියට එරෙහිව මෙම කම්කරු විනිශ්චය සභා වෙත පැමිණිලි කළ හැකිය. සේවකයන් නැවත සේවයේ පිහිටුවීම, නැවත සේවයේ පිහිටුවීමට විකල්ප ලෙස වන්දි ගෙවීමට නියම කිරීම, සේවය අත් හිටුවා ඇති කාලයට පසු වැටුප් සහිතව නැවත සේවයේ පිහිටුවීම, වැටුප් සම්බන්ධයෙන් කම්කරු විනිශ්චය සභා වෙත ඉල්ලුම් කළ හැකිය. කම්කරු අයිතීන් සුරක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නෛතික පසුබිම උක්ත පරිදි හඳුනාගත හැකි වූවත් ක්‍රියාත්ම්කභාවය තුළ දේශපාලනික බලපැම් හමුවේ කොතරම් දුරට ප්‍රගතිගාමී ලෙස ක්‍රියාත්මක වන්නේද යන්න ගැටලු සහගත තත්ත්වයක පවතී. වර්තමාන සංදර්භය තුළ බොහොමයක් කම්කරු අයිතීන් උල්ලංඝනය වීමෙහිලා බලපෑම සහගත වී ඇත්තේ රාජ්‍යයන් තුළ පවත්නා දේශපාලන න්‍යාය පත්‍රය හේතුවෙනි.
1919 කම්කරු සංවිධානයේ ව්‍යවස්ථාවේ පෙරවදන තුළ දක්වා ඇත්තේ,
“ඕනෑම ජාතියක කම්කරුවන් මානුෂික තත්ත්වයන් තුළ පවත්වා ගන්නට එම ජාතිය අසමත් වේ නම් එය තවත් අතෙකින් සෙසු ජාතීන්ට තම රටවල තත්ත්වයන් වර්ධනය කරගැනීමේ අභිලාෂය මුදුන් පමුණුවා ගැනීමට බාධාවක් වන බවයි.”
ජාත්‍යන්තර වෙළඳපොළ තුළ තරඟකාරීත්වයට පත්වීමේ අවශ්‍යතාවය උදෙසා බොහෝ රටවල් මූලික කම්කරු ප්‍රමිතීන් උල්ලංඝණය කිරීමට පෙළඹී ඇත. විශේෂයෙන්ම දියුණු වෙමින් පවතින රටවල පිබිදී එන නිදහස් වෙළඳ කලාප තුළ දී මූලික කම්කරු අයිතීන් නොසලකා හැරීමත් අධි ශ්‍රම සූරාකැමේ තත්ත්වයත් උග්‍ර තත්ත්වයක පවතී. මෙම කණගාටුදායක තත්ත්වය තවදුරටත් භාවිතය සඳහා පාලන අධිකාරීන් ගෙනෙන ප්‍රතිතර්කය වන්නේ ආර්ථික පිරිවැය අඩුකරගනිමින් විදේශීය ආයෝජන ආකර්ෂණය කරගැනීමේ අවස්ථාව උදාකරගැනීමටත්, වඩාත් තරඟකාරී වෙමින් ජාත්‍යන්තර වෙළඳපොළ වර්ධනය කරගත හැකි බවත් ය. නමුත් මෙම තර්කය සියලුම රටවල් අනුගමනය කළහොත් එමගින් ඇතිවන්නේ විනාශකාරී ලෙස කම්කරු අයිතීන් උල්ලංඝනය වීමයි. කම්කරු අයිතීන් මර්දනය කිරීම හරහා ලෝක ආර්ථිකය තුළ වෙළඳ වාසි සෙවීමේ මෙම අප්‍රතිගාමී ප්‍රවණතාවය වැළැක්විය හැක්කේ සියලුම රටවල් විසින් තම සංවර්ධනයේ මට්ටම් කෙරෙහි පමණක් අවධානය යොමු නොකොට කම්කරු අයිතීන් ආරාක්ෂා කිරීම හුදු වාචික පොරොන්දු බවට පමණක් පත්වීමට ඉඩ නොදී වඩාත් ප්‍රගතිගාමී ලෙස ක්‍රියාත්ම්ක කිරීමට අවශ්‍ය රාජ්‍ය යාන්ත්‍රණය විධිමත් කිරීම තුළය. රටේ ආර්ථික සංවර්ධනයට ඉහළ දායකත්වයක් සපයන ‘කම්කරු ශ්‍රමය’ වෙළඳ භාණ්ඩයක් බවට පත්විය යුතු නැත. මූලික කම්කරු ප්‍රමිතීන් ආරක්ෂණයට සෑම රටකටම වගකීම් සහගත බැදීමක් ඇතිකරගන්නේ නම්, සියලුම රටවල් කම්කරු අයිතීන් අනුමත කොට දිරිමත් කරන්නේ නම් ලෝක ආර්ථිකයේ ජීවනාලිය වන කම්කරු ප්‍රජාවට වඩාත් සුරක්ෂිත තත්ත්වයක් උදාකර දිය හැකිය.
Protecting Labor Rights of Employees.
Ever Since the early 19th Century and even up until today, the concept of protecting labor rights of workers against labor exploitation through international conventions on labor rights has been a much engaging topic. This topic of uplifting the status of laborers through international conventions and legal frameworks has evolved swiftly. On this influence, International Labor Organizations have directed increased focus on the area of labor rights. A strong influence of the International Labor Organization begins with the end of the II World War. Some outstanding policies of the International Labor Organization were that labor was not a commodity, that every human has the right to enjoy freedom, have self-esteem, economic security and enjoy equal worldly well-being and spiritual development under similar opportunities despite national, religious and gender differences.
The International Labor Organization has eight basic conventions as the most important tools for efficiently protecting labor rights. They are also considered as fundamental human rights.
- Forced Labor Convention. (No. 29)
- Abolition of Forced Labor Convention. (No. 105)
- Equal Remuneration Convention. (No. 100)
- Discrimination (Employment Occupation) Convention. (No. 111)
- Minimum Age Convention. (No 138) : The minimum Age of engaging in labor was regulated as 15 years and minimum age of engaging in hazardous occupations was fixed to 18 years.
- Worst forms of Child Labour Convention. (No. 182)
- Freedom of Association and Protection of Right to Organized Convention. (No. 87)
- Right to organize and collective Bargaining Convention. (No 98)
Even though member States of the ILO have ratified the above mentioned rights to these conventions, there is evident failure to enforce them in their own national frameworks. In some situations, although these countries have legalized labor rights, their governments have failed to implement those laws to a satisfactory level. The implementation of these conventions in member states is constantly monitored by the International Labor Organization. Accordingly, these member States are under the obligation to report to the International Labor Organization on the actions taken by the relevant governments in compliance with the confirmed policies of the conventions. Parties to the convention thus have to report to the Organization once every two years in relation to fundamental labor rights. Reports with regards to other conventions should be submitted once every five years. Moreover Trade Unions and Laborers Organizations also have the opportunity to lodge complaints and grievances to the International Labor Organization against governments and represent themselves through delegations of the Organization. If any National or International Labor organization realizes that the signing of a convention that had not certified the policies and intentions that the member state expected to achieve, such organizations have the opportunity to lodge a complaint to the International Labor Organization.
Considering the legal framework of Sri Lanka that aims at securing labor rights makes it evident that Sri Lanka is a party to a number of international conventions that work towards guaranteeing human rights. According to Article 23 of the 1948 United Nation Declaration on Human Rights every person has the right to choose an employment on their free will under fair and favorable employment conditions and the right to be protected from unemployment. Moreover every person has the right to receive equal payment for similar employment without any discrimination. The Article 6 of the 1966 International
Covenant on Economic, Social and Cultural Rights also has asserted that every person should have the right to free employment and the right to thereby ensure a livelihood. Being a member State to these conventions, examining the steps taken to protect the right of employers in Sri Lanka directs our attention towards the supreme laws embodied in the Constitution of the Democratic, Socialist Republic of Sri Lanka. Article 14 (g) of Chapter III of the second Republican Constitution of 1978 recognizes as a fundamental right the right to engage in a legal employment, occupation, industry, trade or entrepreneurship. Moreover Article 14 (d) recognizes it as a fundamental right and affirms the right to form or join a trade union according to one’s will. However these rights can only be enjoyed subjected to the limitations set out in Article 14 of the Constitution. Apart from these, the Industrial Disputes Act No. 43 of 1950 also creates the legal framework for claiming rights as workers. Moreover, the minimum retirement age of employees has been extended to 60 years through the 2021 Minimum Retirement age of Workers Act No. 28 of 2021. The areas of working hours and overtime pay are regulated by the Shop and Office Employees Act, No 19 of 1954. Accordingly, the hours of working should not exceed 8 hours per day and more than 45 hours per week. Overtime pay will have to be given to those employees whose employment requires them to work more than the prescribed hours. Employees are also entitled to paid leave for all statutory holidays. It is also the responsibility of the Employer to ensure that annual leave and maternity leave are available for relevant employees. The Industrial Disputes Act No. 43 of 1950 and the Special Provisions for Termination of Employment of Workmen Act No. 45 of 1971 takes importance with regards to employee rights when terminating employment. In such an instance the employment of a worker cannot be terminated with the consent of the employee in the form of resignation or with prior permission of the Commissioner of Labor or without a just cause. An important body established to protect these rights of laborers are the Labor Tribunals instituted under the Industrial Disputes Act No. 43 of 1950. Employees of private and quasi-government institutions can complain to the Labor Tribunals against unfair termination of service. Employees could also apply to Labor Tribunals for reinstatement, compensation as an alternative for re-employment and reinstatement with pay after termination of employment. Although the legal framework for the protection of labor rights in Sri Lanka can be set out as above, to what extent it is progressively active in the face of political pressure is questionable. In the present context most incidents of violation of labor rights are influenced by the existing political agenda in the country.
The preamble of the 1919 International Labor Organization Constitution states that
“the failure of any nation to maintain the humanitarian conditions of its workers, on the other hand, is an impediment to the desire of other nations to improve their own conditions.”
Many countries have increasingly resorted to violating basic labor standards in order to compete in the international market. The neglect of basic labor rights and the high level of labor exploitation are exacerbated specially in emerging free trade zones of developing countries. A counter argument of regulatory authorities to further exploit this deplorable situation is to reduce the economic cost of attracting foreign investments and to make the international market further competitive. However if this argument is to be taken up by all countries it would result in a catastrophic violation of the labor rights of employees.
The only tool to prevent this irreversible trend of trade exploitation in the world economy that suppresses labor rights is a mechanism that enables more countries to focus on their own levels of development and not allow the defense of labor rights to become mere verbal promises by strengthening State policies. Labor that contributes highly to the economic development of the country should not become a mere commodity. Rights of the working class and the world economy would be further secured if every country asserted responsible commitment to the protection of basic labor standards and if all countries recognized and encouraged labor rights.
ஊழியர்களுடைய தொழிலாளர் உரிமையை பாதுகாத்தல்
19ம் நூற்றாண்டின் முற்பகுதி தொடக்கம் இற்றை வரை, சர்வதேச உடன்படிக்கைகள் ஊடாக ஊழியச் சுரண்டலில் இருந்து தொழலாளர்களின் உரிமைகளை பாதுகாத்தல் என்பது ஒரு முக்கியமான பேசு பொருளாக உள்ளது. சர்வதேச உடன்படிக்கைகள், சட்ட ரீதியமன கட்டமைப்புகள் ஊடாக தொழிலாளருடைய நிலைமையை உயர்த்துதல் எனும் கொள்கை வேகமாக பரிணமித்துள்ளது. இதன் அடிப்படையில் சர்வதேச தொழிலாளர் அமைப்புக்கள் தொழிலாளர் உரிமைகள் பக்கம் அதிகரித்த கவனத்தை திருப்பியுள்ளன. சர்வதேச தொழிலாளர் அமைப்பின் வலுவானதோர் முக்கியத்துவம் இரண்டாம் உலகப் போரின் முடிவுடன் தொடங்கியது. இவ்வமைப்பின் சில முக்கிய கோட்பாடுகளாக ‘ஊழியம் ஒரு பொருள் அல்ல, அனைத்து மனிதருக்கும் சுதந்திரம், சுய நிர்ணயம், பொருளாதார பாதுகாப்பு ஆகியவற்றை அனுபவிப்பதற்கும், தேசிய, பால் நிலை மற்றும் சமய வேறுபாடுகளுக்கு அப்பால் ஒரு வகையான சந்தர்ப்பங்களினூடாக உலக நல் இருத்தலையும் ஆன்மீக வளர்ச்சியையும் அனுபவிப்பதற்கும் உரிமை உண்டு’ ஆகியன காணப்படுகின்றன.
வினைத்திறன் மிக்க வகையில் தொழிலாளர் உரிமைகளைப் பாதுகாக்கும் பொருட்டு, சர்வதேச தொழிலாளர் அமைப்பு 8 அடிப்படையான மாநாடுகளை முக்கிய கருவியாக வைத்துள்ளது. இவை அடிப்படை மனித உரிமைகளாகவும் கருதப்படுகின்றன.
• கட்டாயப்படுத்தப்பட்ட தொழிலாளர் மாநாடு – Forced Labor Convention (No.29)
• கட்டாயப்படுத்தப்பட்ட தொழிலாளர் ஒழிப்பு மாநாடு – Abolition of Forced Labor Convention (No.105)
• சமமான ஊதியத்திற்கான மாநாடு – Equal Remuneration Convention (No.100)
• பாகுபாடு (தொழில் வேலைவாய்ப்பு) மாநாடு – Discrimination (Employment Occupation) Convention (No.111)
• குறைந்தபட்ச வயது மாநாடு – Minimum Age Conention (No. 138): வேலைவாய்ப்பில் ஈடுபடுவதற்பான குறைந்த பட்ச வயதெல்லை 15 ஆகவும், ஆபத்தான வேலைகளில் ஈடுபடுவதற்கான வயதெல்லை 18 ஆகவும் முடிவு செய்யப்பட்டது.
• சிறுவர் வேலைவாய்ப்பின் மோசமான வடிவங்கள் – Worst forms of Child Labor Convention (No.182)
• ஒன்றுகூடுவதற்கான சுதந்திரம், மற்றும் ஒழுங்கபடுத்துவதற்கான உரிமை தொடர்பான மாநாடு – Freedom of Association and Protection of Right to Organized Convention (No.87)
• ஒழுங்குபடுத்துவதற்கும், கூட்டாக பேரம் பேசுவதற்குமான உரிமை பற்றிய மாநாடு – Right to organize and collective bargaining Convention (No.98)
சர்வதேச தொழிலாளர் அமைப்பின் அங்கத்துவ நாடுகள் மேற்குறிப்பிட்ட உரிமைகளை இம்மாநாடுகளில் உள்வாங்க இசைந்திருந்தாலும், தமது தேசிய கட்டமைப்புக்களில் நடைமுறைப்படுத்துவதில் தோல்வி அடைந்துள்ளன. சில சந்தர்ப்பங்களில், நாடுகள் தொழிலாளர் உரிமைகளை சட்டமாக்கிய போதிலும், அரசாங்கங்கள் அவற்றை திருப்தியளிக்கும் வண்ணம் நடைமுறைப்படுத்த தவறியுள்ளன. குறிப்பிட்ட மாநாடுகள் அங்கத்துவ நாடுகளில் நடைமுறைப்படுத்தப்படுவதை சர்வதேச தொழிலாளர் அமைப்பு தொடர்ந்து கண்காணிக்கின்றது. இதனடிப்படையில், மாநாட்டில் உறுதிப்படுத்தப்பட்ட கொள்கைகளுக்கு அமைவாக குறிப்பிட்ட அரசாங்கங்களினால் மேற்கொள்ளப்பட்ட நடவடிக்கைகள் பற்றி சர்வதேச தொழிலாளர் அமைப்பிற்கு அறிக்கையிட வேண்டியது அனைத்து அங்கத்துவ நாடுகளின் கடமையாகும். ஆகையால் இந்த மாநாட்டின் பங்காளர்கள், அடிப்படை தெரழிலாளர் உரிமைகள் குறித்து இரண்டு வருடங்களுக்கு ஒரு முறை இவ்வமைப்பிற்கு அறிக்கையிட வேண்டும். மற்றைய மாநாடுகள்; தொடர்பான அறிக்கைகள் ஐந்து வருடங்களுக்கு ஒரு முறை சமர்ப்பிக்கப்பட வேண்டும். மேலும், தொழிற்சங்கங்களும், தொழிலாளர் அமைப்புக்களும் அரசாங்கத்திற்கு எதிரான தமது முறைப்பாடுகளை தாக்கல் செய்வதுடன், குறித்த அமைப்பின் குழுக்களினூடாக தம்மை பிரதிநிதித்துவப்படுத்திக் கொள்ள முடியும். ஏதேனும் ஒரு தேசிய அல்லது சர்வதேச தொழிலாளர் நிறுவனம், அங்கத்துவ நாடு அடைய எதிர்பார்த்துள்ள கொள்கைள் முறையாக உறுதிப்படுத்தப்படாதவிடத்து சர்வதேச தொழிலாளர் அமையத்தில் முறையிட முடியும்.
தொழிலாளர் உரிமைகளை பாதுகாக்கும் வண்ணமுள்ள இலங்கையின் சட்ட கட்டமைப்பை நோக்கும் போது, இலங்கை மனித உரிமைகளை பாதுகாக்கும் பொருட்டு செயற்படும் சர்வதேச மாநாடுகளில் பங்காளராக இருப்பது தெளிவாகிறது. 1948 ஐக்கிய நாடுகள் சபையின் மனித உரிமைகள் பிரகடனத்தின் 23ம் உறுப்புரையின் படி, நியாயமான நிபந்தனைகள் மற்றும் சௌகரியமான வேலைச்சூழ்நிலைகளின் கீழ், ஒவ்வொருவருக்கும் தமது விருப்பத்தின் படி வேலையொன்றினை தெரிவு செய்யவும், வேலையின்மையிலிருந்து தம்மை பாதுகாத்துக் கொள்ளவும் உரிமை உண்டு என்பது உறுதிப்படுத்தப்பட்டுள்ளது. அத்துடன், எந்தவித பாகுபாடுமின்றி ஒரே வகையான வேலைக்கு ஒரே வகையான ஊதியம் பெறுவதற்கான உரிமையும் வலியுறுத்தப்பட்டுள்ளது.
1966 பொருளாதார, சமூக, கலாசார உரிமைகளுக்கான சர்வதேச உடன்படிக்கையின் 6ம் உறுப்புரை, ஒவ்வொருவரும் ஒரு சுதந்திரமான வேலைவாய்ப்பைத் தேடிக்கொள்ளவும், சிறந்த வாழ்க்கைத் தரத்தை உறுதிப்படுத்தவும் உரிமை உண்டு எனக் கூறுகிறது.
இம்மாநாடுகளின் அங்கத்துவ நாடாக இலங்கை இருப்பதனால், இலங்கையில் தொழிலாளர் உரிமைகளை பாதுகாக்க எடுக்கப்பட்டுள்ள நடவடிக்கைகளை பரிசீலிக்க, இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் அரசியலமைப்பை நோக்குவது முக்கியமாகின்றது. 1978 அரசியலமைப்பின் மூன்றாம் பாகம், உறுப்புரை 14(g) சட்ட ரீதியான வேலை, கைத்தொழில், வர்த்தகம், சுயதொழில் போன்றவற்றில் ஈடுபடுவதற்கான உரிமையை அடிப்படை உரிமையாகக் கொள்கிறது. உறுப்புரை 14(d) இதை அடிப்படை உரிமையாகக் கருதி ஒருவர் தமது விருப்பின் படி தொழிற்சங்கங்களில் இணைவதற்கான உரிமையையும் வழங்குகின்றது. ஆயினும் உறுப்புரை 14ல் குறிப்பிடப்பட்ட வரையறைகளுக்கு உட்பட்டே இவ் உரிமைகளை பிரயோகிக்க முடியும். இவற்றிற்கு அப்பால் தொழிற்துறை பிரச்சினைகள் சட்டம் (No. 43 of 1950) தொழிலாளர்களாக உரிமைகளை கோருவற்கான ஒரு சட்ட கட்டமைப்பை உருவாக்குகிறது. வேலையாளர்களின் குறைந்தபட்ச ஓய்வு பெறும் வயதுச் சட்டம் (No. 28 of 2021) தொழிலாளாரின் குறைந்தபட்ட ஓய்வூதிய வயதை அறுபதாக அதிகரித்துள்ளது. வேலை நேரம் மற்றும் மேலதிக வேலை நேரத்திற்கான ஊதியம் போன்றன வியாபார நிலையம் மற்றும் அலுவலக வேலையாட்கள் சட்டத்தின் (No. 19 of 1954) கீழ் கண்காணிக்கப்படுகின்றன. இதன்படி, ஒரு நாளிற்கான வேலைநேரம் 8 மணித்தியாலங்களுக்கும், ஒரு வாரத்திற்கான வேலைநேரம் 45 மணித்தியாலங்களுக்கும் அதிகரிக்காது இருக்க வேண்டும். குறிப்பிடப்பட்ட வேலைநேரத்திற்கு அதிகமாக நிற்க நேரிடும் ஒரு வேலைக்காக மேலதிக சம்பளம் வழங்கப்பட வேண்டும். மேலும் சட்டரீதியான விடுமுறைக் காலங்களில் தொழிலாளர்கள் தமது சம்பளத்திற்கு உரித்துடையவர்கள் என்பதும் வலியுறுத்தப்படுகிறது. தொழிலாளர்களுக்கு வருடாந்த விடுமுறை மற்றும் மகப்பேறு விடுமுறை போன்றன கிடைப்பதை உறுதி செய்ய வேண்டியது குறிப்பிட்ட முதலாளியின் கடமையாக கொள்ளப்படுகிறது. தொழிற்துறை பிரச்சினைகள் சட்டம் (No. 43 of 1950) மற்றும் தொழிலாளர்களின் வேலைநிறுத்தத்திற்கான விசேட ஏற்பாடுகள் சட்டம் (No. 45 of 1971) தொழிலாளார் வேலையிலிருந்து நிறுத்தப்படும் போது பேணப்பட வேண்டிய அவர்களது உரிமைகளுக்கு முக்கியத்துவம் கொடுக்கின்றன. தொழிலாளர் ஒருவரின் வேலை இராஜினாமா முறையில் அவருடைய சம்மதத்தின் பேரில் அல்லது தொழிலாளர் ஆணையாளரின் முன்கூட்டிய அனுமதியுடன் அல்லது நியாயமான காரணத்தின் பேரில் அன்றி வேறு வகையில் நிறுத்தப்பட முடியாது. இவ்வகையான தொழிலாளார் உரிமையை பாதுகாக்க நிறுவப்பட்ட ஒரு அமைப்பே, தொழிற்துறை பிரச்சினைகள் சட்டத்தின் (No. 43 of 1950) கீழ் உருவாக்கப்பட்ட தொழிலாளார் நீதிமன்றம். தனியார் மற்றும் பகுதி-அரசாங்க நிறுவனங்களில் வேலைசெய்வோர், நியாயமற்ற வேலைநிறுத்தத்திற்காக இங்கு முறையிட முடியும். இங்கு தொழிலாளார் மீள பணியமர்த்தப்படுவதற்காக, அல்லது அதற்கு பதிலாக நட்டஈடுகளையும் கோர முடியும். மேற்குறிப்பிட்டவாறு தொழிலாளார் உரிமைகள் இலங்கையில் சட்ட ரீதியாக பாதுகாக்கப்பட்டிருந்தாலும், அரசியல் அழுத்தங்களின் கீழ் இது எந்தளவு நடைமுறைப்படுத்தப்படுகின்றது என்பது கேள்விக்குறியே. தற்போதைய சூழலில், அரசியல் நிகழ்ச்சித் திட்டத்தின் காரணமாக தொழிலாளர் உரிமைகள் பாதிகக்ப்பட்ட சம்பவங்கள் அதிகமாக காணப்படுகின்றன.
1919 சர்வதேச தொழிலாளார் அமைப்பின் யாப்பு முன்னுரை,
“தொழிலாளர்களுடைய மனிதாபிமான நிலைமைகளை தக்க வைப்பதில் நிகழும் ஒரு நாட்டின் தவறு, தமது நிலைமைகளை விருத்தி செய்ய எத்தனிக்கும் ஒவ்வொரு நாட்டின் விருப்பத்திற்கும் தடையாக உள்ளது.” எனக் குறிப்பிடுகிறது.
சர்வதேச சந்தையில் இடம்பிடிப்பதற்காக, அநேகமான நாடுகள், அடிப்படை தொழிலாளர் தரத்தை மீறும் நடவடிக்கைகளில் ஈடுபடுகின்றன. அதிகமான அடிப்படை தொழிலாளர் உரிமைகள் புறக்கணிக்கப்படுவதும், ஊழியச் சுரண்டல் இடம்பெறுவதும், வளர்ந்து வரும் நாடுகளின் சுதந்திர வர்த்தக வலயங்களிலேயே ஆகும். கவலைக்கிடமான இந்த நிலையை மேலும் பயன்படுத்திக்கொள்ள கட்டுப்பாட்டு அதிகார சபைகள், வெளிநாட்டு முதலீடுகளை ஈர்க்கும் பொருளாதார விலையை குறைப்பதனூடாக சர்வதேச சந்தையை தக்கவைத்து கொள்ளலாம் என்ற வாதத்தை முன்வைக்கின்றன. இக்கொள்கையை எல்லா நாடுகளும் முன்னெடுக்குமாயின், பாரிய தொழிலாளார் உரிமை மீறலே விளைவாகும்.
தொழிலாளார் உரிமைகளை புறக்கணிக்கும் பொருளாதார உலகில், மீள முடியாத, இவ்வாறான சுரண்டல்களை தடுப்பதற்கான ஒரு வழியாக, நாடுகள் தமது அபிவிருத்தி தரத்தை மட்டுமே கொண்டு இயங்கும் ஒரு முறையை கையாள்தலும், கொள்கை ரீதியாக வாய்மொழியாக ஏற்படுத்தப்படும் வாக்குறுதிகளுக்கு அப்பாலும் தொழிலாளார் உரிமையை கொண்டு செல்தலும் ஆகும். நாட்டின் பொருளாதார வளர்ச்சிக்கு பாரிய பங்களிப்பு செய்யும் தொழிலாளர் வெறுமனே பொருட்களாக பார்க்கப்பட முடியாது. அனைத்து நாடுகளும் அடிப்படை தொழிலாளர் உரிமையை பாதுகாப்பதில் பொறுப்பான கவனம் செலுத்தும் பட்சத்தில் வேலை செய்யும் மக்களின் உரிமை மற்றும் உலக பொருளாதாரம் என்பன மேலும் பாதுகாக்கப்படும்.
Penned by Rtr. Yuresha Perera

Translated to English by Rtr. Sanduni Kawya Mallawaarachchi
Translated to Tamil by Rtr. M. C. Kanula
Special explanation Who will work with you in this regard
On Sat, Jan 22, 2022, 9:37 AM Rotaract Club of Faculty of Law University of
Colombo wrote:
> rotaractlawfaculty posted: ” ශ්‍රමය සූරාකැමට එරෙහිව කම්කරු අයිතීන් පිළිබඳ
> ජාත්‍යන්තර සම්මූතීන් හරහා කම්කරු ප්‍රජාව ආරක්ෂා කරගැනීමේ අදහස 19වන ශතවර්ෂයේ
> මුල්කාල වකවානුවේ පමණ ඈත කාල පරිච්ඡේදයක කථිකාවට භාජනය වීම ආරම්භ වී වර්තමානය
> දක්වාම සමාජය තුළ පවා නොනැවතී සාකච්ඡාවට ලක්වන කාලීන මාතෘකාව”
>
LikeLike