හැදින්වීම.
නීතිය තුළ ගණිතමය ක්‍රියාවලි අන්තර්ගත නොවන අතර ප්‍රධාන වශයෙන්ම නීතිය සමාජ ක්‍රියාවලියේම කොටසක් ය. ඔලිවර් වෙන්ඩල් හෝම්ස්ට අනුව මිනිසාගේ පරිණාමයත් සමඟ සමාජයද විකාශය වෙමින් යාවත්කාලීන වන අතරම එකී ක්‍රියාවලිය නිරන්තරයෙන් සිදුවීමේදී නීතිය නම් උපකරණය සමාජය තුළ වැදගත් කාර්යයක් ඉටු කරයි. නිරන්තර කාලීන බවකින් යුක්තව සමාජීය ක්‍රියාවලිය පසුපස ගමන් ගන්නා නීතියද ගණිතමය සූත්‍ර ආශ්‍රයෙන් අර්ථනිරූපණය කළ නොහැකි අවිනිශ්චිත සංකල්පයකි. එනම් නීතිය ගණිතමය සූත්‍රයක ලෙස නිවැරදි නිශ්චිත වෙනස් නොවන දෙයක් නොව සමාජයේ අන්‍යෝන්‍ය වශයෙන් බැඳී පවතින සමාජයට අනුකූලව විකාශනය වෙමින් හැඩගැසෙන උපකරණයක් බවට තර්ක කළ හැකිය. ඒ මන්ද නීතිය එකතැන පල් වන්නක් නොවන නිසාවෙනි.
- සමාජය ප්‍රමිතිගත කිරීම.
- ආරවුල් නිරාකරණය
- මිනිසාගේ බාහිර හැසිරීම් පාලනය
- සමාජය විධිමත් කිරීම
- අනිසි බලාධිකාරීන්ට සංවරණ යෙදීම
- සමාජ අයිතීන් සුරක්ෂිත කිරීම
මෙම අරමුණු ඉටු කරගැනීමෙහිලා නීතිය ක්‍රියාත්මක වන අතර නීතිය සමාජයේ විෂමාකාරී කෙරෙන නිසා නීතියේ උපයෝගීතාවයද විෂමාකාරී වේ. මෙවැනි තත්ත්වයක් තුළ නීතියේ කාර්‍යයභාරය, අරමුණු හා උපයෝගීතාවය විවරණය කිරීම දාර්ශනික මත, විද්‍යාත්මක අධ්‍යනයන් හා සමාජ න්‍යායන් තුළ යෙදෙයි. මේ සඳහා වඩාත් යෝග්‍ය වන්නේ “නීති ගුරුකුල” ඔස්සේ මෙම අධ්‍යනය සිදු කිරීමයි. එම නීති ගුරුකුල අතරින් යථා දෘෂ්ටිකවාදී නීති ගුරුකුලය හා සමාජ විද්‍යා නීති ගුරුකුලය ඇසුරෙන් මෙකී ගුරුකුල හා නීතිය අතර ඇති බැඳියාවත් කාර්යය භාරයත් මෙතුළින් සාකච්ඡාවට බඳුන් කිරීම අපේක්ෂිතය.
නීතිය හා සමාජය අතර පවතින අන්‍යෝන්‍ය බන්ධනය.
“The life of the law is not logic, but experience” යන්නට අනුව නීතියේ ජීවිතය තර්කනය නොව අත්දැකීම්‍ය. එහිලා නීතිය තුළින් සැබැවින්ම සිදු කරනුයේ සංකල්ප හා දර්ශනයන්ට යටත් වෙමින් සමාජ පාලනය නොව සමාජ සංවර්ධනය සුභසාධනය හා යහපැවැත්ම ඇති කිරීමයි. එනම් නීතිය ගණිතමය සූත්‍රයක ලෙස නිවැරදි නිශ්චිත වෙනස් නොවන දෙයක් නොව සමාජයේ අන්‍යෝන්‍ය වශයෙන් බැඳී පවතින සමාජයට අනුකූලව විකාශනය වෙමින් හැඩ ගැසෙන උපකරණයක් බවට තර්ක කළ හැකිය.
නීතිය සමාජයට උපයෝගී කර ගැනීමේදී නීතීය වනාහී සමාජ විකාශනයත් සමග වන ක්‍රියාවලියක්ය. නිදසුනක් ලෙස ඉන්දියාවේ ළමා ශ්‍රමය යොදා ගැනීම තහනම් කර ඇති අතර 1881 දී අවුරුදු හතක් ලෙස තිබූ එම වයස් සීමාව 1986 දී අවුරුදු දාහතර දක්වා ඉහළ දමමින් සමාජය ප්‍රමිතිගත කර තිබේ. එමෙන්ම නීතිය මගින් සමාජයට නොගැළපෙන චාරිත්‍ර නිශේධනය කර ප්‍රමිතිගත කළ අවස්ථාවක් ලෙස 1829 දී සමස්ත ඉන්දියාවෙන්ම සති පූජාව තුරන් කිරීම දැක්විය හැකිය. නීතිය එක තැන පවතින්නක් නොව වෙනස් වන සමාජය සමග වෙනස් වෙමින් ප්‍රතිසංස්කරණය වී ඇති බව Re A(Conjoined Twins) යන නඩුවේ දී එකිනෙක බද්ධ වූ දරු දෙදෙනකු වෙන් කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය තීරණයට එරෙහිව දුන් අධිකරණ තීන්දුව අනුව සලකා බැලිය හැකිය. සමාජයට එරෙහිව වන ක්‍රියා සදහා අපරාධ නීතීය මගින් දඩුවම් පැනවෙන අතර නීතියේ මූලික කාර්යයන් ලෙස තනි පුද්ගල හා සමාජ යන ද්විත්වාකාර මිනිස් අවශ්‍යතා තුලනය කිරීම දැක්විය හැකිය. ඒ සම්බන්ධයෙන් Sriyani Silva v. Iddamalgoda නඩුවේ දී කෙනෙකු මිය ගිය පමණින් ඔහුගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොවන බවත් Bulankulama and six others v. Minister of Indusrial Development and seven others නඩුවේ දී එප්පාවල පොස්ෆේට් නිධියේ කැණීම් සම්බන්ධව අගතියට පත්වන ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධව සාමාන්‍ය නිතී අකුරුතා අර්ථකථනයෙන් ඔබ්බට ගොස් යුක්තිය හා සාධාරණත්ව මූලධර්ම සුරක්ෂිත කරන ආකාරයත් Heather Teresa Mundy vs. Central Environmental Authority and others නඩු තීන්දුවේ දී දක්ෂිණ අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් මතුවන ඉඩම් ගැටලුවේදී තනි පුද්ගල හා සමාජ අයිතිවාසිකම් තුලනයට ක්‍රියා කරන ආකාරයත් දැක්විය හැකි ය.
මේ අනුව සමාජයේ සෑම කොටසක්ම එකිනෙකා අන්තර් ක්‍රියා කරමින් ජීවත්වන හා වර්ධනය වන අතර සමස්ත සමාජයම එකමුතු වී ඇති අතර එක් කොටසක සිදුවන දෑ සියල්ලන්ටම බලපානු ලබයි. මේ අනුව නීතීය යාන්ත්‍රීය ක්‍රියාවලියක් නොව සමාජයීය අන්තර් ක්‍රියාවලියක් ලෙස සමාජය තුළ බලාත්මක වෙයි. “There is no society without law and no law without society over’’ ලෙස සමාජයට නීතීයෙන් වෙන්ව හෝ නීතීයට සමාජයෙන් වෙන්ව පැවතිය නොහැක. එහි ඇති අන්‍යෝන්‍ය බව මනාව පැහැදිළි වෙයි.
නීතියේ ක්‍රියාකාරිත්වය,පිළිගැනීම හා නීතිවේදී ගුරුකුල.
යථාදෘෂ්ටිකවාදීන් නීතිය ස්වාධිපතිගේ ආඥාවක් ලෙස දක්වයි. මෙම නෛතික යථාදෘෂ්ටිකවාදී නීති ගුරුකුලය, නීතිය තුළ වැඩිම බලපෑමක් ඇති කරන ගුරුකුලයයි. මෙම ගුරුකුලය 18 හා 19වන සියවස්වලදී ස්වාභාවික නීති ගුරුකුලය විවේචනයට ලක් කරමින් නීති සම්පාදනය ස්වාධිපත්‍යයාගේ කාර්යයක් බවත් එයට අනුගත වීම සාමාන්‍ය ජනයා කළ යුතු බවත් දක්වයි. වර්තමානයේද අධිකරණයට උසස් ස්ථානයක් හිමි වී ඇති අයුරු හඳුනා ගත හැකි ය. Ranawaka Sunil Perera v. Ranjan Ramanayake හා අජිත් ප්‍රසන්නනඩුවේ දී මෑතකාලීනව අධිකරණයට අපහාස කිරීම හා රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම පිළිබඳ සාකච්ඡා කෙරෙයි.
මෙහි නීතිවේදීයෙකු වන ජෙරම් බෙන්තම්ගේ උපයෝගීතාවයයන සංකල්පය අනුව ඕනෑම රාජ්‍යයක සාමාජිකයන්ගේ බහුතර යහපත හා සතුට මත රාජ්‍යය තීරණයන්ට පැමිණිය යුතු බව අදහස් කරයි. ඒ අනුව සමලිංගික විවාහ යන නෛතික ගැටලුවේ දී 2017.10.15 දින ඕස්ට්‍රේලියාවේ එය නීතිගත කිරීම සම්බන්ධයෙන් පැවති ඡන්දයෙන් 61.6%කගේ බහුතර කැමැත්ත මත එය නීතිගත වීම හා Arjuna Gopal v. Union of India and others නඩුවේදී ඉන්දියාවේ අධික රතිඤ්ඤා දැල්වීම හේතුවෙන් සිඳුවන වායු දූෂණය යන ගැටලුවේ දී වෙළඳුන් හා ජනතාව යන දෙඅංශයේම බහුතර යහපත සලකා තීන්දුව ලබා දීම නිදසුන් ලෙස දැක්විය හැකි ය.
මෙය පිළිබඳ අදහස් දැක්වූ තවත් යථාදෘෂ්ටිකවාදියෙකු වන ජෝන් ඔස්ටින් ස්වාධිපතියෙකු ලෙස නිශ්චිත උත්තරීතර පුද්ගලයෙකුත් ඔහුට සමාන හා ඔහු අවනත විය යුතු වෙනත් අයෙක් නැති බවත් පවසයි. තවදුරටත් මෙහි ස්වාධිපති නියෝගයක තිබිය යුතු ලක්ෂණ ද දක්වයි. ඔස්ටින් විසින් ස්වාධිපති න්‍යායේ ලක්ෂණ 05 අතර ස්වාධිපතියාට ජනයා යටත් විය යුතු බවත් නෛතිකව එම බලය සීමා කළ නොහැකි බවත් දක්වයි. එමෙන්ම ඔස්ටින් පවසන පරිදි මිනිසුන් නීතියට යටත් වන්නේ දණ්ඩනයට ඇති බිය නිසා ය. මොහු නීතිය සදාචාර විරෝධී බව නොකියන අතර නීතියේ ක්‍රියාකාරීත්වයට එය අවශ්‍ය නැති බව පවසයි.
මෙම ගුරුකුලය තුළ මෘදු යථාදෘෂ්ටිකවාදීයෙකු ලෙස H.L.A Hart තම නීති දර්ශනය තුළ ඔස්ටින්ගේ මතයන් විවේචනයට ලක් කරයි. නීතිය පරමාධිපත්‍යයා පමණක් නිර්මාණය කළ බව දක්වන ඔස්ටින්ගේ මතය බිඳ දමමින් හාර්ට් පවසන්නේ විනිශ්චකරුවන් පවා නීතිය නිර්මාණය කරන අවස්ථා තිබෙන බවයි. උදාහරණ ලෙස ඉන්දියාවේ තුන්වන ලිංගිකයන්ගේ පිළිගැනීම සම්බන්ධ හා කමල් අද්දරාරච්චි නඩුව තුළ විනිසුරුවන්ගේ තීරණ බලාත්මක වූ අයුරු හඳුනා ගත හැකි ය. තවදුරටත් පරමාධිපත්‍යය යන සංකල්පයෙන් මිඳී සමාජයේ හා නීතියේ අන්‍යෝන්‍ය බැඳියාව දැකිය හැක. උදාහරණයක් ලෙස රාජ්‍යයක බලතල බෙදී යන ආකාරය, බලය හා වගකීම් පැවරීමේ නීතිය යටතේ දේපළ පැවරීම සම්බන්ධයෙන් අ.වු 18කට වැඩි අයෙකුට අන්තිම කැමති පත්‍රයක ලිවිය හැකි බවත්,අන්තිම කැමති පත්‍රය බලාත්මක කිරිමේදී එය තැන්පත් කිරීමතුළත් බලය පැවරීම සිඳු කර ඇත.
යථාදෘෂ්ටිකවාදය වර්තමානයේ පවතින බවට උදා ලෙස නයිජිරීයාවේ විවාහයක් තුළ සැමියාට බිරිඳ සම්බන්ධයෙන් අසීමීත බලයක් ලබා දී තිබීමද ලෙබනන්වල කාන්තාවක් රැගෙන ගොස් දූෂණය කරන පිරිමියෙකු ඇයව විවාහ කර ගන්නේ නම් දඬුවම ලිහිල් කිරීම ද දැක්විය හැකිය.
මේවායින් තවදුරටත් නීතිය ස්වාධිපත්‍යයාගේ කාර්යයකට වඩා සමාජය හා අන්තර් ක්‍රියාකාරී ලෙස බලපැවැත්වෙන බවට තර්ක කළ හැකිය.
සමාජ විද්‍යාත්මක ගුරුකුලය මඟින් නීතිය හා සමාජය එකිනෙක බද්ධ වී ඇති බවත් සමාජයෙන් වෙන්ව නීතිය අධ්‍යන්‍යය කළ නොහැකි බවත් දක්වයි. නීතිය, සමාජ බලපෑමේ නිෂ්පාදනයකි. එනම් යම් සමාජයක අවශ්‍යතාවය නිරුපණය කිරීමට බිහි වූ අතර නීතියේ බන්ධනීය ස්වභාවය පැහැදිළි කළ හැක්කේ සමාජය හැඩ ගස්වන්නා වූ සාධක පදනම් කරගෙනය. එහිලා එකම නීතියක් වුවද සමාජයෙන් සමාජයට එය වෙනස් වේ යන්නට නිදසුනක් ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු බවට කළ ප්‍රකාශය දැක්විය හැකිය. මෙහිඳී පොතේ තිබෙන්නා වූ නීතියම පමණක් ක්‍රියාත්මක වන්නේ නැති බව පැහැදිලි වේ. ඉන්දීය ව්‍යවස්ථාපිත කරුණුඅනුව ජීවත්වීමේ අයිතිවාසිකම් දැක්වුවද ගෞරවාන්විතව ඉපදීමට හා මියයෑමට ඇති අයිතිය පෙන්වා දෙමින් Common Cause v. Union of India යන නඩුවේදී අක්‍රීය සුඛ මරණය නීතිගත කරමින් තීන්දුව ලබා දීම නිදසුනකි.
සමාජ විද්‍යාත්මක ගුරුකුලයට අනුව “Law as a developing social institution” යන්නෙන් නීතිය සමාජයේ ආයතනයක් ලෙස අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙක බැඳි පවතින බව දක්වයි. මෙම සමාජ විද්‍යාත්මක නීති ගුරුකුලය තුළ හමුවන ප්‍රධාන නීතිවේදියෙකු වන රොස්කෝ පවුන්ඩ් නීතිය සමාජ ඉංජ්නේරු කර්තව්‍යක් සිඳු කරන බවත් එතුළින් සමාජයේ ගැටෙන අයිතිවාසිකම් තුලනය කිරීම නීතියේ කාර්යය බවත් දක්වයි. මෙහිදී ගබ්සාව යන නෛතික ගැටලුවේදී මවගේ හා දරුවාගේ අයිතිවාසිකම් පිළිබඳ ඝට්ටනයක් සිඳු වේ. ඒ අනුව 1973 වසරේ දී Roe v. Wade නඩුවේ දී ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14වන සංශෝධනය මඟින් මවගේ පෞද්ගලිකත්වයට ඇති අයිතිය සලකා ගබ්සාවට ඉඩ ලබා දෙයි. එමෙන්ම V. Krishnan v. Rajan නඩුවේ දී MTP පනතේ සති 20ක කළලයක් විනාශ කිරීමට දී තිබූ කාලය සති 24 දක්වා දිගු කරමින් එරට ගබ්සා නීතිය ලිහිල් කොට ඇත. තවදුරටත් ශ්‍රී ලංකාවේ ගබ්සාවන් විශාල ප්‍රමාණයක් සිඳුවන බව ගණනය කරමින් ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 303 වගන්තිය යටතේ මවගේ දිවි ගැලවීමේ අරමුණින් ගබ්සාවක් සිඳු කිරීමට අවස්ථාව ලබා දී මෙම නෛතික ගැටලුව තුලනය කොට ඇත.
නමුත් 2020 වර්ෂයේ දී ඇමරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් මහතා ගබ්සා විරෝධී රැළියකට සහභාගී වී තිබීම තුළ සමාජමය ඝට්ටනයක් හඳුනා ගත හැකිය. මේ අනුව සමාජ විද්‍යාත්මක ගුරුකුලය තුළ නීතිය තර්කනය කරන විටදී උතුරු ඩැකෝටා, උතුරු මැසිඩෝනියා, නෝර්වේ, පෘතුගාලය යන රටවල ගබ්සාව නීතිගත කර තිබුණද පැරගුවේ, නැපුවානිව්ගිනියා, පේරූ යනාදියේ එය නීතිවිරෝධී ලෙස යම් යම් ව්‍යතිරේක යටතේ පැහැදිළි කර ඇත. මෙහිදී පවුන්ඩ් නීතිවේදියාට අනුව සමාජ විද්‍යාත්මක ගුරුකුලය තුළ සාකච්ඡා කළ පරිදි ගැටෙන අවශ්‍යතා තුලනයෙහි ලා සමාජ ඉංජිනේරූ කාර්යය වැදගත් වූ බව පෙනේ.
එමෙන්ම සමාජ විද්‍යාඥයෙකු වන Eugene Ehrlich තම ග්‍රන්ථය තුළ දණ්ඩනය දෙස නොව සමාජයේ අවශ්‍යතා, අරමුණු හා මහජන මත දෙස බලා සමානාත්මතාව ඇති කිරීම නීතියේ අරමුණ බව දක්වයි. නිදසුන් ලෙස ශර්වානන්ද විනිසුරුතුමා 13වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සමාජ අවශ්‍යතාවයක් ලෙස සලකා සුළු ජාතිය හා මහා ජාතිය අතර අයිතිවාසිකම් තුලනයෙහි ලා එකී තීරණය දුන් බව දැක්විය හැකිය. මෙලෙසට සමාජය හා නීතිය අතර පවතිනුයේ ඛණ්ඩනය කළ නොහැකි, බිඳ දැමිය නොහැකි අන්‍යෝන්‍ය බැදීමකි. ඒ බව සමාජ ක්‍රියාවලිය තුළ නීතියේ කාර්යභාර්ය තුළින් හඳුනා ගත හැකිය. ඒ අනුව නීතිය සමාජය නව්‍යකරණයට හා යහපැවැත්මට දායක වේ. උදාහරණ ලෙස සාක්ෂි වශයෙන් CCTV දර්ශන පිළිගැනීම සම්බන්ධ Tomoso v. State of U.P යන නඩුවද සාක්ෂි ලෙස දුරකථන කෙටි පණිවිඩ පිළිගැනීම සම්බන්ධ Marin star v. Amanda foods Lanka නඩුවද සාකච්ඡාවට බඳුන් කළ හැකිය. එමෙන්ම Abu Bakr v. The Queen නඩුවේදී ද සමකාලීන පටිගත කිරීම් සාක්ෂි ආඥා පනත යටතේ සාක්ෂි ලෙස ඇතුළු කිරීමද උදාහරණයකි.
තවදුරටත් නීතිය සමාජ සම්බන්ධතා විධිමත් කරනු ලබයි. Reid v. Attorney General නඩුවේදී ලංකාවේ බහු විවාහ පිළිගත්තද Abeysundere v. Abeysundere නඩුවේදී දණ්ඩ නීති සංග්‍රහයේ 362(ආ) වගන්තිය අනුව එය අධිතීරණයට ලක් කොට ඇත. මෙය Shakthivahini v. Union of India නඩුව මඟින්ද තමා කැමති අයෙකු සහකරුවෙකු ලෙස තෝරා ගැනීමේ අයිතිය ලබා දී ඇති අතර ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම විවාහ විය හැකි අවම වයස් සීමාව වයස අ.වු 18ට බව දක්වමින් නීතිය සමාජ සම්බන්ධතා දෙසද අවධානය යොමු කර ඇත. මුස්ලිම් විවාහ නීතිය යටතේ බහු භාර්යා සේවනයට ඉඩ ලබා දෙන බැවින් සෙසු විවාහ නීති සඳහා බලපාන වලංගු පෙර විවාහයක් නොපැවැතීම යන සාධකය මුස්ලිම් විවාහ නීතිය යටතේ අදාළ නොවේ.
ඒ අනුව නීතිය සමාජ සංසිද්ධියක් ලෙස නීතිය පුද්ගල අයිතිවාසිකම් හා නිදහස ආරක්ෂා කරයි. ආචාර්ය අජිත් පෙරේරා එදිරිව දයා ගමගේනඩුවේදී සාමාන්‍ය පුද්ගල හා විශේෂ පුද්ගල අවශ්‍යතා තුලනය කිරීම නීතිය මඟින් සිඳු කරන ලදි. එනම් මෙහිදී අබාධිත පුද්ගලයන්ට පොදු සේවාවන් පවතින ස්ථානවලට (මහජන ගොඩනැගිලි හා ස්ථාන) ආරක්ෂිතව හා පහසුවෙන් ඇතුළු විය හැකිවන පරිදි විධිවිධාන ක්‍රියාත්මක කිරීමට නියෝග කරන ලදි. එමෙන්ම නීතිය, ජනතාව හා ආණ්ඩුව සම්බන්ධ කරන පුරුකක් වන අතර නිදසුන් ලෙස 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත මඟින් මහජනතතාවට වඩා වැඩි වශයෙන් ලංකාවේ යහපාලනය උදෙසාත් පොදු ජන ජීවිතය සක්‍රීය ලෙසත් සහභාගි වීමට ඉඩ දී ඇත. එමෙන්ම නීතීය නූතන තාක්ෂණය සමඟ එකිනෙක සම්බන්ධ වී පවතින බවට හෝකන්දර සය පුද්ගල ඝාතන නඩුවේ DNA තාක්ෂණය යොදා ගැනීම දැක්විය හැකි අතර එය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට DNA තාක්ෂණය අත්හදා බැලූ අපරාධ නඩුව වේ.
එමෙන්ම නීතිය සමාජයේ ජීවත්වන පුද්ගලයින්ගේ සම්බන්ධතා විධිමත් කිරීමට හා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට දායක වන අවස්ථා හඳුනා ගත හැකිය. එහිදී සමලිංගික යුවල්වලට විවාහ වීමේ අයිතිය සම්බන්ධව Obergefell v. Hodges යන නඩුවේදී ඇමරිකාවේ 17වන ව්‍යවස්ථා සංශෝධනය තුළින්ද Shakthiwahini v. Union of India යන නඩුවේදී ඉන්දියාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 377 වගන්තියෙන් තහනම් වූ සමලිංගික විවාහ නීතිගත කරන ලදී. නමුත් එම තත්ත්වයට එකඟ නොවෙමින් ශ්‍රී ලංකාවේ අස්වාභාවික ලිංගික හැසිරීම් තහනම් කොට ඇත. එමෙන්ම පුද්ගල නිදහස අනෙකාගේ අයිතිවාසිකම්වලින් සීමා වෙමින් අන්‍යෝන්‍ය අයිතිවාසිකම් කෙරෙහි ගරු කිරීමට නීතියට වගකීමක් පවතින බව Illinois central Railroad Co v. Illinois නඩුවෙන්ද Ceylon Tobacco v. Minister of Health යන නඩුවේදී දුම්කොළ පැකැට්ටුවක 80%ක රූපමය සෞඛ්‍ය අනතුරු ඇගවීම් අඩංගු විය යුතු බවට සම්මත කර තිබූ රෙගුලාසි මඟින් සමාගමේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට නඩු පවරන අතර රූපමය අනතුරු ඇගවීම් 50%-60% දක්වා අඩු කරමින් ව්‍යාපාරයේ අයිතිවාසිකම් හා පුද්ගල සෞඛ්‍ය අයිතිවාසිකම් තුලනයට ලක් කරයි.
මේ අනුව නීතිය කිසිවිටෙකත් ගණිතමය ක්‍රියාවලියක් නොවන අතර එය සමාජය පෙන්නුම් කරන එක් කැඩපතක් ලෙසට තර්කයට භාජනය කළ හැක.
නිගමනය.
එහිදී නීතියේ සෑම අංශයක්ම සමාජය සමඟ අන්තර් ක්‍රියා කරන අතර එම තාර්කික බන්ධනය නීතියේ පැවැත්මට බලපෑම් කරනු ලැබේ. මෙහිදී විවිධ නීතිමය චින්තනයේ ගුරුකුලවල මතවාද එකිනෙකට වෙනස් වුවද පොදුවේ එකී මතවාද සමකාලීන සමාජය තුළින් නිරූපණය කරන අතර නීතිය සමාජය තුළ අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙක අයිතිවාසිකම් තුලනය කරමින් බලපැවැත්වෙන ආකාරය හඳුනා ගත හැකිය.
මෙහිදී ප්‍රමුඛ වූ කාර්යයක් අධිකරණ විනිසුරුවරුන්ට හිමිව තිබෙන බව නඩු තීන්දු නීතිය අනුව පැහැදිලි විය. විනිසුරුවරුන්ගේ අකුරුතා අර්ථ නිරූපණයෙන් බැහැර වූ නිර්මාණශීලී අර්ථ නිරූපණයන් හරහා සමාජ අවශ්‍යතාවයන් ආමන්ත්‍රණය කිරීම තුළින් නීනිය සමාජය හා අන්තර් සබදතා පවත්වන සජීවි නිතියක් බව හදුනාගත හැකි විය.
වෙනස් වන සමාජ යථාර්ථයන්ට සවන් දෙමින් එක් පොදු සීමාවකට පමණක් රාමුගත නොවෙමින් දෘෂ්ඨිකෝණයන් ගණනාවක් ඔස්සේ දාර්ශනික, තාර්කික ක්‍රමවේදයන් භාවිත කොට නීති අධ්‍යනය තුළින් නීතියේ කාර්‍යයන්, අරමුණු හා උපයෝගීතාව වඩාත් ඵලදායි අයුරින් සමාජ ප්‍රපංචයන් තුළ යොදා ගත හැකි බව මෙම නිබන්ධනය තුළින් නිගමනය කළ හැකි අතරම සමාජය හා නිතිය අතර පවතින අඛණ්ඩ හා දෘඪ බන්ධනය පිළිබඳවත් ඉහළ අධ්‍යනයක් ලැබිය හැකිය.
Penned By Rtr Shalika Piyumali