තොරණක මුවදොර

මම ඇය මරා දැමුවෙම් ද?නැත. සිදු වූයේ එය නො වේ. ඒ වූ කලී ඉතා ස්වභාවික සංසිද්ධියකි. "මානවයා" ලෙස හැඳින්වෙන සත්ත්ව වර්ගයාගේ පැවැත්ම සඳහා, ප්‍රජනනය උදෙසා සොබාදහම විසින් තිළිණ කරන ලද ලිංගික ප්‍රේරණයට සාහසික මුහුණුවරක් දිය නො හැකි ය. එහි පවතින්නේ මරණයේ කළුඅඳුර නොවේ. ඇය මෙන්ම මා ද අයත් වන්නේ මානව නම් වූ සත්ත්ව විශේෂයට ය. …