ශ්‍රමය සූරාකැමට එරෙහිව කම්කරු අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මූතීන් හරහා කම්කරු ප්‍රජාව ආරක්ෂා කරගැනීමේ අදහස 19වන ශතවර්ෂයේ මුල්කාල වකවානුවේ පමණ ඈත කාල පරිච්ඡේදයක කථිකාවට භාජනය වීම ආරම්භ වී වර්තමානය දක්වාම සමාජය තුළ පවා නොනැවතී සාකච්ඡාවට ලක්වන කාලීන මාතෘකාවකි.ජාත්‍යන්තර ගිවිසුම් හා නෛතික ප්‍රතිපාදන හරහා කම්කරුවන්ගේ තත්ත්වය වර්ධනය කිරීම පිළිබඳ අදහස පළමු ලෝක යුධ සමයේදී වඩාත් ඉදිරියට ගමන් …
නීතිය රික්තකයක් තුළ ක්‍රියාත්මක නොවන අතර එය ක්‍රියාත්මක වන මිනිස් සමාජයෙන් ස්වාධීන ජීවිතයක් එයට නොමැත.
නීතිය යනු රටක ජීවත්වන පුරවැසියන් විනයානුකූල පිරිසක් බවට පත් කිරීම උදෙසා එරට පාලකයන් විසින් ගොඩනගා ගන්නා ලද්දකි. විශේෂයෙන්ම නීතිය මිනිසාගේ එදිනෙදා ජීවන රටාවට හා ඔවුන්ගේ හැසීරීමට සෘජුව බලපෑම් එල්ල කරනු ලබයි. සමාජය යනු මිනිස් සමූහයකගේ එකතුවකි. එය මිනිසුන් අතර පවතින අන්‍යෝනය අන්තර් සබඳතා තුලින් ගොඩනැගුනකි. නීතිය හා සමාජය අතර පවතින්නේ කිනම් ආකාරයේ සබඳතාවයක්ද ? සොබාදහමට …