නීතිය රික්තකයක් තුළ ක්‍රියාත්මක නොවන අතර එය ක්‍රියාත්මක වන මිනිස් සමාජයෙන් ස්වාධීන ජීවිතයක් එයට නොමැත.

නීතිය යනු රටක ජීවත්වන පුරවැසියන් විනයානුකූල පිරිසක් බවට පත් කිරීම උදෙසා එරට පාලකයන් විසින් ගොඩනගා ගන්නා ලද්දකි. විශේෂයෙන්ම නීතිය මිනිසාගේ එදිනෙදා ජීවන රටාවට හා ඔවුන්ගේ හැසීරීමට සෘජුව බලපෑම් එල්ල කරනු ලබයි. සමාජය යනු මිනිස් සමූහයකගේ එකතුවකි.  එය මිනිසුන් අතර පවතින අන්‍යෝනය අන්තර් සබඳතා තුලින් ගොඩනැගුනකි. නීතිය හා සමාජය අතර පවතින්නේ කිනම් ආකාරයේ සබඳතාවයක්ද ? සොබාදහමට …

ළමා ආරක්ෂණය පිළිබඳ ඔබ දැනුවත්ද ?

ළමා ආරක්ෂණය පිළිබඳව සමාජය තුළ මහත් කතිකාවතක් ඇතිවී තිබෙනු දැකිය හැක. සැම දරවෙකුටම ආරක්ෂිත පරිසරයක් තුළ ජීවත් වීමට අයිතියක් ඇතැයි සම්මුතිකව පිළිගනී. එම අරමුණ සාක්ෂාත් කරගැනීමට විවිධ සංවිධාන අද වනවිට ජාතයන්තරව බිහිවී ඇත. එය අනාගතය උදෙසා ධනාත්මක පියවරකි. එහිදී එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ප්‍රධාන වශයෙන් දැක්විය හැක. ළමා අයිතිවාසිකම් සුරැකීම, ළමා ආරක්ෂණය යන්න අද වනවිට …

ඩිජිටල් වාණිජ්‍ය සහ නීතිය

වර්තමානය වන විට සමස්ත ලෝකයම ඩිජිටල් යුගයකට පා තබා ඇති බව නොරහසකි. මානව ජීවිතයේ සෑම පැතිකඩක් සේම ගිවිසුමික සහ වාණිජමය ක්ෂේත්‍රයන් ද ඩිජිටල්කරණලේ ප්‍රබල ග්‍රහණයට හසු වී ඇත. ගෝලීය වශයෙන් ලොව අන්තයන් දෙකක සිටින පාර්ශවයන් අතර ඇතිවන ගනුදෙනුවක් වුවද ඇඟිලි තුඩකට ගෙන ඒමට නූතන තාක්ෂණික දියුණුව සමත් වී තිබේ. කාර්‍යක්ෂමභාවය, ඵදායිතාවය සහ ගෝලීය වශයෙන් වාණිජ්‍යමය …

Who guards the guardians?

මුරකරු මුරකරනුයේ කවුරුන් විසින්ද? මෑතකාලීනව Black lives matter සමාජ ව්‍යාපාරය මුල් කොටගෙන ලොව පුරා සමානාත්ව අයිතිවාසිකම් පිළිබඳව විශාල අවධානයක් යොමු වී ඇති අතර,මේ සමගම සාකච්ජාවට බඳුන්වූ තවත් සුවිශේෂී කාරණයක් ලෙස භහිර්නීතික ඝාතන නැතහොත් Extra judicial executions හැඳින්විය හැක.ශ්‍රීලංකාව තුළද ඉහත මාස 6 තුළ අසන්නට ලැබුණු මාකඳුරේ මදුෂ් ඝාතණය, නවගමුව පොලිස් භාරයේදී 25 හැවිරිදි තරුණයකු මිය …