මා ඇය මුලින්ම දුටුවේ "සෙත්සිරිපාය" කාර්යාල සංකීර්ණය ඉදිරිපිටදී ය. බත්තරමුල්ලේ පිහිටි මිතුරෙකුගේ වීඩියෝ හලක් වෙත ලෑන්ඩ්කෲෂර් යානයකින් පියාසර කරමින් සිටි මා පාර මාරු වෙමින් සිටි ඇගේ ගත ගෑවෙන නොගෑවෙන දුරින් රිය නතර කරගත්තේ තිරිංග මත නැගී සිටිමිනි. ඒ මොහොතේ ඇගේ දෑසේ ඇඳී ගිය තැතිගැන්මත්, තත්ක්ෂණයකින් ඒ මුවපුරා ගැලූ අහිංසක සිනා රැල්ලත් දුටු මන් අතින් මගේ …
තොරණක මුවදොර
මම ඇය මරා දැමුවෙම් ද?නැත. සිදු වූයේ එය නො වේ. ඒ වූ කලී ඉතා ස්වභාවික සංසිද්ධියකි. "මානවයා" ලෙස හැඳින්වෙන සත්ත්ව වර්ගයාගේ පැවැත්ම සඳහා, ප්‍රජනනය උදෙසා සොබාදහම විසින් තිළිණ කරන ලද ලිංගික ප්රේරණයට සාහසික මුහුණුවරක් දිය නො හැකි ය. එහි පවතින්නේ මරණයේ කළුඅඳුර නොවේ. ඇය මෙන්ම මා ද අයත් වන්නේ මානව නම් වූ සත්ත්ව විශේෂයට ය. …
ශිශිර තරණය
හිතාදර රිෂී, අවස්ථාවාදියෙකු, දෙපිටකාට්ටුවෙකු, වංචනිකයෙකු හා සළලෙකු ලෙස මට අවලාද නගමින්, ආක්‍රෝෂ පරිභව කෙරෙමින් ඔබ එවූ ලිපි සියල්ල කුඩා පළිඟුවක බර දරමින් මගේ මේසය මත වෙයි. මා අවස්ථාවාදියෙක් ද? දෙපිටකාට්ටුවෙක් ද? වංචනිකයෙක් ද? යන ප්‍රශ්න තවමත් මම මා වෙතින්ම නගමි. මේ මොහොතේදීත් මා දවමින් තවමින් ඇති උභතෝකෝටිකය නම් ඒ ය. එහෙත් මා අවස්ථාවාදී වංචනිකයෙකැයි සිතන්නට, …
සරු නිසරු
පූසා නැගිට්ටේ ය. උක්මලක් මෙන් වලිගය පුම්බා ගත්තේ ය. කුරුමානමක් ඇල්ලුවේ ය. රූස්ස ගහේ බිමට නැමුණු අත්තක් දිගේ දිව ගියේ ය. ටිං ටිං ගාමින් පැන යන ලේනා බඩවතින්ම අල්ලා ගත්තේ ය. ජයග්‍රාහීව මුත් සැකමුසුව බිමට බැස්සේ ය. අඩපණ කළ ලේනා බිම හෙළුවේය. උඩ පනිමින්, කරණම් ගසමින් සෙල්ලම් කළේ ය. ලේනාගේ ජීවිතය වෙනුවෙන් මට කළ හැකි …