සිරකරුවන් සම්බන්ධ අයිතිවාසිකම්, ලාංකේය සිරකරුවන් හා සම්බන්ධ නෛතික රාමුව සහ ඒ සඳහා වන ප්‍රතිසංස්කරණ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පද්ධතිය අනුව සිරකරුවෙකු වශයෙන් හඳුන්වන්නේ නීතිමය ක්‍රියාවලියක් මත නිදහස අහිමි කර ඇති පුද්ගලයෙකු ය. ඔවුන්ගේ බන්ධනය නීතියට යටත්ව සිදුවිය යුතුවේ. එක්සත් ජාතීන්ගේ ම මත්ද්‍රව්‍ය හා අපරාධ කාර්යාලයේ UNODC පෙන්වා දෙන්නේ සිරභාරයෙහි ප්‍රධාන අරමුණු ලෙස,සමාජය ආරක්ෂා කිරීම ,නැවත අපරාධ සිදුකිරීම අවම කිරීමඑම සිරකරුවන් නිදහස් වූ පසු ඔවුන්ගේ සමාජීය ජීවිතය නැවතත් සමාජගත කිරීම …