හිතාදර රිෂී, අවස්ථාවාදියෙකු, දෙපිටකාට්ටුවෙකු, වංචනිකයෙකු හා සළලෙකු ලෙස මට අවලාද නගමින්, ආක්‍රෝෂ පරිභව කෙරෙමින් ඔබ එවූ ලිපි සියල්ල කුඩා පළිඟුවක බර දරමින් මගේ මේසය මත වෙයි. මා අවස්ථාවාදියෙක් ද? දෙපිටකාට්ටුවෙක් ද? වංචනිකයෙක් ද? යන ප්‍රශ්න තවමත් මම මා වෙතින්ම නගමි. මේ මොහොතේදීත් මා දවමින් තවමින් ඇති උභතෝකෝටිකය නම් ඒ ය. එහෙත් මා අවස්ථාවාදී වංචනිකයෙකැයි සිතන්නට, …

