නෛතික සන්දර්භානුගත කාන්තා අයිතිවාසිකම් තහවුරුකරණයෙහිලා ගබ්සාව නීතිගත කිරීමෙහි ඇති උපයුක්තතාවය.

තත්කාලීන තොරතුරු ප්‍රවාහාගත සමාජය තුළ ස්ත්‍රිය,ස්ත්‍රිත්වය හෝ කාන්තා අයිතිවාසිකම් යනු දෛනික කරළිය තුළ නොමඳ අවකාශයක් හිමිකොටගෙන ඇති ප්‍රස්තුතයන් වේ. නමුත් ගතානුගතික පුරුෂෝත්තමවාදී නියාමයන් සංස්කෘතික, ආගමික සන්දර්භයන් තුළ ස්වකීය බලාධිපත්‍යයික ස්වරූපය විදාරණය කොටගෙන ඇති සමාජයක , රිසි තැන ලබා දී,නිසි තැන ලබාදුන් බවට මුලාකරණය කර තිබීම කතිකාගත විය යුතුම අනුභූතියකි. ලිංගික අසමානතාව සහ ජෛව විද්‍යාත්මක මටසිලිටිතා …

නීතිය යනු ගණිතමය ක්‍රියාවලියක්ද? නීති ගුරුකුල ඇසුරෙන්.

හැදින්වීම. නීතිය තුළ ගණිතමය ක්‍රියාවලි අන්තර්ගත නොවන අතර ප්‍රධාන වශයෙන්ම නීතිය සමාජ ක්‍රියාවලියේම කොටසක් ය. ඔලිවර්  වෙන්ඩල්  හෝම්ස්ට  අනුව  මිනිසාගේ  පරිණාමයත්  සමඟ  සමාජයද  විකාශය  වෙමින්  යාවත්කාලීන වන අතරම  එකී  ක්‍රියාවලිය  නිරන්තරයෙන්  සිදුවීමේදී  නීතිය  නම්  උපකරණය  සමාජය තුළ  වැදගත් කාර්යයක් ඉටු කරයි. නිරන්තර කාලීන බවකින් යුක්තව සමාජීය ක්‍රියාවලිය පසුපස  ගමන් ගන්නා නීතියද  ගණිතමය  සූත්‍ර  ආශ්‍රයෙන්   …