පුද්ගල පෞරුෂත්වය හා සන්නිවේදනය

පුද්ගල පෞරුෂත්වය හා සන්නිවේදන පිළිබද විමසන කල්හි පළමුව පුද්ගල පෞරුෂත්වය හා සන්නිවේදනය අර්ථකථනය කොට සිටිම වැදගත්ය.
පුද්ගල පෞරුෂත්වය අර්ථකථනය කල හැකි සරලම වු නිර්වචනය පුද්ගයෙකු බාහිර සමාජය ට පෙනේන හො එම සමාජය විසින් ඔහු හෝ ඇය දකින ආකාරයයි .
සන්නිවේදනය වනාහි තමන් සමග හා අනන්‍යයන් අතර වන්නා වු අදහස්, තොරතුරු හුවමාරුව යි.
මේතැන් පටන් පුද්ගල පෞරුෂත්වය සන්නිවේදන ය හා බැදෙන්නේ කේසෙදයි විමසා බලමු.
සන්නිවේදන යේ මුලාරම්භය වන අන්තර්වර්ති පුද්ගල සන්නිවේදන නම්, පුද්ගලයෙකු තමන් සමග කරනු ලබන්නකි. එහි ලා පුද්ගලයෙකුගේ බාහිර පෞරුෂත්වය වඩා මනසෙහි ඇති ශක්තිමත් භාවය පෞරුෂත්වය වර්ධනය ට උපකාරි වේ.
අන්තර්පුද්ගල සන්නිවේදන වනාහි පුද්ගලයන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර සිදුවන සන්නිවේදනය කි . එහිදි වඩා ශක්තිමත් පුද්ගල පෞරුෂත්වය න් කැපිපෙනෙනූ දැකගත හැකිය.

සමුහ සන්නිවේදන, සමුහයක් අරමුණු කරගන්නාවු සන්නිවේදනය ක් වු මේහි දි දැකගත හැකි සුවිශේෂී ලක්ෂණයක් වන්නේ කාණ්ඩායම් නායකත්වයක් ඉස්මතු විමයි.නායකත්වයද සදහාද සුවිශේෂී වු නායකත්ව පෞරුෂත්ව කුසලතා පවති. එසේම සැම පුද්ගලයෙකුට ම සමුහයක් ඇමතිම කළ නොහැකි ය , ඒ සදහා පුද්ගලයා තුල ශක්තිමත් පෞරුෂත්වය ක් පැවතිය යුතුය ඒසෙම ආකර්ෂණිය ලෙස සමුහයක් ඇමතිම සදාහා එ සදහා වු කථිකත්ව හැකියාවන් අවශ්‍ය වේ. එම කථිකත්වය හැකියාව න් සම්පුර්ණ වු පුද්ගලයෙකු ට ආකර්ශනිය ලෙස තම අසන්නන් ,ග්‍රාහකයන් ඇමතිමට හැකිවේ.
පුවත් පත්, ගුවන්විදුලිය, රුපවාහිනිය ආදි වු ජන මාධ්‍ය උපයෝගී කරගනිමින් සිදුකරන සන්නිවේදන ය, ජන සන්නිෙව්දනයයි. ජන සන්නිෙව්දනයේදි අපට දැකගත හැකි වන්නේ වෘත්තීයමය සන්නිවේදකයන් , ඔවුන් වෘත්තීයමය වශයෙන් සාර්ථකව විම සදහා එහා බැදි පෞරුෂත්වයන් ගොඩනගා ගනු ලබයි.
මේ අකාරයෙන් විවිධාකාර වු සන්නිවේදන වර්ගිකරණය න් ඔස්සේ දැක්වනු ලැබුවේ සන්නිවේදන වනාහි පුද්ගලයාගේ පෞරුෂත්ව කුසලතාවයන් කෙරෙහි බලපවත්නා බවත් ය.
මේහිදි ශක්තිමත් පුද්ගල පෞරුෂත්වයන් ඕනැම සන්නිවේදන අවස්ථාවක දි, වඩාත් ඉස්මතු වි පෙනෙන පුද්ගල පෞරුෂත්වයන් බවට පත් වේ, ඒ අනුව පුද්ගලයෙකු තුල පවත්නා වු පෞරුෂත්වය මැන බලන්නා වුද සාධකයක් ලෙසද පුද්ගලයා සතු සන්නිවේදන කුසලතාව දැක්විය හැකිය.
සන්නිවේදන වනාහි මානවයන් අතර අන්තර් සබඳතා ව පවත්වන්නා වු වැදගත්ම සහ ප්‍රධානතම සාධකය සේම එකී සන්නිෙව්දනය යම් පුද්ගලයෙකු තුල වු ආවේණික පෞරුෂත්වය ගොඩනැගිමේහි ලා එක් සාධකයක් ද වන බව අවසාන වශයෙන් ධ්වනිතවත් කරගත හැකිය .

Penned by – Rtr. Nisansala Tharushi Herath

Leave a comment