කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ Rotaract සමාජයේ සාමාජිකයෙකු වශයෙන් මා හට පසුගිය දිනයකදී “සෙනහසේ නෑගම්” යන ව්‍යාපෘතිය යටතේ ප්‍රථම වරට බොරලැස්ගමුව කරුණා වැඩිහිටි නිවාසයට ගොස් සෙනහසින් යුතුව එහි වැඩිහිටියන් සමඟ සතුටු සාමීචියේ යෙදෙමින් ඔවුන් සමග හෝරා තුනකට ආසන්න කාලයක් පිළිසඳරේ යෙදෙන්නට අවකාශ ලැබීම සතුටට කරුණකි . මීට ප්‍රථමයෙන් වැඩිහිටි නිවාස වෙත ගොස් තිබුණද විශ්වවිද්‍යාල දිවියේ ප්‍රථම අත්දැකීම මෙය විය..
කරුණා වැඩිහිටි නිවසයට ගොඩ වූ මොහොතේම නිවැසියන්ගේ සුහද බව සහ මිත්‍රශීලි බව මා සිත් ගත්තේය. පවුල් නොමැති එම වැඩිහිටියන් රැකබලා ගැනීමට වයෝවෘද්ධ පිරිසට රැකවරණය සපයන නිවස සන්සුන් සහ සාමයේ හැඟීම් විදහා දක්වයි…ඒ බැව් නිවසේ ආගමික වතාවත් සිදු කරන ස්ථානයේ සියලු ආගමික ශාස්තෘවරුන් දක්නට ලැබීම නිදසුන් සපයයි.
එම වැඩිහිටි පිරිස සමග සුහද පිළිසඳරේ යෙදෙන්නට වූ අප හට ඔවුන් සමග ගීත ගයමින් නර්තනයේ යෙදෙමින් ගුණාත්මක කාලයක් ගත කරන්නට මෙන්ම ඔවුන්ගේ ජිවිතයට ප්‍රීතිය සහ මිත්‍රත්වය ගෙන ඒමට හැකි වූ බව ඔවුන්ගේ සිනාමුසු මුහුණු දෙස බලන විට පසක් විය..ඒ වැඩිහිටියන්ගේ මුවඟට සිනහවක් ගෙනෙමින් ඔවුන්ගේ දුක සතුට මුසුවූ ජීවිත අත්දැකීම් අප සමග බෙදා හදා ගත්තේ විටෙක සංවේදී ලෙසිනි.එම සංචාරය හා එක්වූ අප සියල්ලන්ටම වැඩිහිටියන්ගේ ආශිර්වාදයන් නිරන්තරයෙන් ලැබුණි..ඔවුන්ද අප සමාජයේ ආදරය ,සෙනහස ,කරුණාව,දයාව නිරන්තරයෙන් ලද යුතු සමාජ කොට්ඨාසයකි.අනේකවිධ හේතූන් නිසාවෙන් තම පවුල් වලින් වියුක්තව සිටිමින් දිවි ගෙවන ඔවුන් හට මේ අයුරින් හෝ සහාය වීමට ලැබීම අප සැම ලද භාග්‍යයක් කොට සලකමි.
Rotaract සමාජයේ සාමාජිකයෙකු ලෙස මෙම සෙනෙහසේ නෑගම් ව්‍යාපෘතිය හා අත්වැල් බැදගනිමින් මෙම ප්‍රථම වැඩිහිටි නිවාස සංචාරය නිමා කරමින් අප ඔවුන්ගෙන් සමුගත්තේ නැවත මෙවන් අයුරින්ම ඔවුන්ව මුණගැසීමේ අදිටන සිත්හි සනිටුහන් කරගනිමිනි.මෙවන් වූ විවිධ ව්‍යාපෘති සමග ඉදිරියටත් සම්බන්ධ වීමට බලාපොරොත්තු වන අතර මෙම ව්‍යාපෘතිය හා සහසම්බන්ධ වීමට අවස්ථාව ලබාදීම පිළිබඳව ඔබ සියලුම දෙනාට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.
Penned by : Rtr. L.R.Sajani Liyanage


