කාන්තාව යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දරාගැනීමේ ශක්තියයි.සමාජයේ පුරුෂ පාර්ශවයට හිමි අයිතිවාසිකම් එලෙසම කාන්තාවට ලබාදීම ඇයට හිමි විය යුතු ගෞරවයයි.පුරුෂ පාර්ශවයට සාපේක්ෂව සමාජය තුළ ඝට්ටණය වීමට වැඩි සම්භාවිතාවයක් ඇත්තේ කාන්තාවටයි. ජීව විද්‍යාත්මක වශයෙන් ඇයට හිමිව ඇති පීඩනයට අමතරව සමාජ විද්‍යාත්මකව ඇයට විදදරා ගත යුතු තෙරපීම් අසීමිතය.
ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන ශ්‍රී ලංකාව තුළ කාන්තා අයිතිවාසිකම් ඉස්මතු කරන විට ආගම සහ සංස්කෘතිය යන විෂය පථය ගැනද සාකච්ඡා කළ යුතුය.එහිදී පවුල,සංස්කෘතිය සහ කාන්තාව යන සාධක තුන සලකා බැලිය යුතුය.පවුල තුළ ගැහැණු දරුවෙකු ලෙස උපදින ඇයව විවිධ සීමාකිරීම්වලට ලක්නොකර ඇයට නිදහස සහ අයිතිවාසිකම් නිසිලෙස ලබාදීම යන කාරණය දෙමාපියන් විසින් සිය භූමිකාව තුළ නිසියාකාරව සිදු කළ යුතුය. කාන්තාව අනාගතයේදී සිය පෞරුෂත්වය සමාජය තුළ ගොඩනගා ගන්නේ පවුල තුළින් එම අවස්ථාව හිමි කරගතහොත් පමණකි.
කාන්තාවට නිදහස ලබා ගැනීමටනම් ඇය යැපුම් මානසිකත්වයෙන් මිදී ස්වාධීන විය යුතුය.කාන්තාවක් සතු වටිනාම දෙය ඇයගේ පෞරුෂත්වයයි.එම පෞරුෂත්වය නිවරදිව ගොඩනගා ගන්නට නම් දැනුම හා අත්දැකීම් යන දෙකම කාන්තාව නිවැරදිව උකහා ගත යුතුය. සියුමැළි ස්ත්‍රීත්වයෙන් මිදී ශක්තිමත් පෞරුෂයක් ගොඩනගාගත යුතුය. පවුල තුළින්ම ගැහැණු දරුවෙකුට සමාජ ආචාරධර්ම ,නායකත්වය,ගැටුම් කළමණාකරණය,ලිංගිකත්වය හා සම්බන්ධ දැනුම ලබා දීම කාන්තාවට ඇයගේ සමාජ තත්ත්වය ගොඩනගා ගැනීමට වැදගත් වේ.
ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයෙන් කාන්තාවන්ට අයිතිවාසිකම් හිමි කර දී තිබේ. සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම් සදහන් කරන 12(2) වගන්තියේ ස්ත්‍රී පුරුෂ භේදය නිසා කිසිවෙක් වෙනස්කමකට හෝ විශේෂණයකට භාජනය නොවිය යුතු බව දක්වයි. කාන්තා අයිතිවාසිකම් හා නිදහස වෙනුවෙන් අදාළ නෛතික ප්‍රතිපාදන හා ආයතන පැවතීම මෙරට නීති පද්ධතිය තුළ සාධනීය ලක්ෂණයකි. අන්තර්ජාතික වශයෙන් ගත්කළ මානව හිමිකම් පිළිබද විශ්ව ප්‍රකාශනයේ 2 වගන්තිය තුළ ස්ත්‍රී පුරුෂ භාවය හා සම්බන්ධ හිමිකම් හා ස්වාධීනත්වයන් ගැන සදහන් කරයි. කාන්තා අයිතිවාසිකම් හා නිදහස කඩවන අවස්ථාද පවතී.විශේෂයෙන්ම නූතන ලෝකය තුළද අධ්‍යාපන අයිතිවාසිකම් කඩවීම,ලිංගික හිංසනය,සයිබර් අපරාධවලට ගොදුරු වීම සහ තවත් පීඩාවන්ට කාන්තාව ගොදුරුවන ප්‍රවණතාව වැඩිය. සමාජානුයෝජනය තුළ කාන්තාව නිසි මට්ටම තුළ ජීවත් වෙමින් සමාජය හා සංකලනය වේ නම් එම ගැටලුවලින් මිදිය හැකිය.
නීතිය තුළ අයිතිවාසිකම් සහ නිදහසට අදාළ නෛතික බලය කාන්තාවට ළඟා කර ගැනීමට ඇයට හිමි ගෞරවය,වටිනාකම සහ තත්ත්වය යන සාධක වැදගත් වේ. කාන්තාව හා සමානාත්මතාවය යන සංකල්ප එකිනෙකට සමපාත කිරීමට ඒ තුළින් අවකාශය ලැබේ. කාන්තාවක් ලෙස ස්වාධීනව,ශක්තිමත්ව,උද්යෝගයෙන් සහ මනා පෞරුෂත්වයකින් යුතුව නොබියව ඉදිරියට ගමන් කිරීම රටේ සංවර්ධනයෙහි පදනමට වැදගත් වේ. කාන්තා අයිතිවාසිකම් හා නිදහස ආරක්ෂා කිරීම මෙහිලා වැදගත් ය.
Penned by : Rtr. Vindya Rasanjalee and Rtr. Isuru Dhananjaya


