ලාංකේය පුරවැසි ප්‍රජාව දේශපාලනික වශයෙන් සක්‍රීය සහ උණුසුම් කාල පරිච්ඡේදයක් වන මෙසමයේ ඉතාමත් කාලෝචිත තේමාවක් ලෙසින් ප්‍රජාතන්ත්‍රවාදය සහ ඡන්ද අයිතිය පිළිබඳව සාකච්ඡාවට බදුන් කළ හැකිය.
උක්ත තේමාත්මක පාඨය හරහා;
▫️ ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්ද?
▫️ ඡන්දය යනු කුමක්ද?
▫️ ප්‍රජාතන්ත්‍රවාදය සහ ඡන්ද අයිතිවාසිකම අතර පවතින සහ සම්බන්ධය
▫️ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනයට ඡන්ද අයිතිවාසිකම් දක්වන දායකත්වය
පිළිබඳව මූලික වශයෙන් මෙහිදී සාකච්ඡාවට බඳුන්වේ.
“මහජනතාව විසින් මහජනතාව උදෙසා ගෙනයන පාලනය “
-ඒබ්‍රහම් ලින්කන් –
ඇමෙරිකා එක්සත් ජනපද 16වන ජනාධිපතිවරයා විසින් සිදු කළ උක්ත ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මඟ පෙන්වූ මූලික ප්‍රකාශයකි. මේ අනුව ඉතා පැහැදිලිව ප්‍රජාතන්ත්‍රවාදයෙහි මූලික හරය ලෙස ජනතාව හෙවත් පුරවැසියන් තමා වෙනුවෙන් ගෙන යන පාලනය ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ලෙසින් පෙන්වා දිය හැකිය .
▫️ ජනතාවගේ දේශපාලන සහභාගිත්වය
▫️ බහුතර දේශපාලන මතයට ගරු කරන
▫️ මහජන පරමාධිපත්‍යය, නීතිය ආධිපත්‍යයට ගරු කරන සමාජ ක්‍රමයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන මතවාදය සුරක්ෂිත වනු ඇත.
ඡන්ද අයිතිය
නූතන දේශපාලන සමාජයක් තුළ පවතින ප්‍රධානත ම ප්‍රජාතන්ත්‍රික දේශපාලන භාවිතයකි. එහි ඉතිහාසය ග්‍රීක යුගය දක්වා දිව යන අතර ප්‍රජාතන්ත්‍රවාදය මූලික වශයෙන්ම ප්‍රධාන ආකාර දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.
01. සෘජු ප්‍රජාතන්ත්‍රවාදය
02. වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය
සෘජු ප්‍රජාතන්ත්‍රවාදය පැවතියේ ග්‍රීක යුගය තුළය .තම පාලකයා තමා විසීම තෝරා පත් කර ගැනීමට ජනතාවට අයිති ඇති බවට මුල්වරට ඉස්මතු වූයේ මෙම කාලසීමාවේදී ය. රාජාණ්ඩු පාලනයන්ගෙන් පීඩිතව, වෙහෙසට පත් වූ ජනතාව සිය ඡන්ද අයිතිය වෙනුවෙන් හඬ නගා සිදු කරන ලද සටන්වල ප්‍රතිඵලයක් ලෙසින් නෙළා ගත් ප්‍රජාතන්ත්‍රවායෙහි මල්කින්ත්ත වන ඡන්ද අයිතිය සෘජු ප්‍රජාතන්ත්‍රවාදය හරහා තවදුරටත් ත්‍රීව්‍ර විය.
වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය 19 ,20 සියවස් වලදී ජාතික රාජ්‍යයන් තුළ ජනගහනය අධික වීම , භූගෝලීය දේශ සීමා පුළුල්වීම යන කාරණා මුල්කොට ගෙන සෘජු ප්‍රජාතන්ත්‍ර භාවිතය අභාවයට ගිය අතර මේ අනුව එහි භාවිතය ද අපහසු විය . ඒ අනුව වක්‍ර හෙවත් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ලොවට දායාද විය .එහිදී පුරවැසි කණ්ඩායමක් හා ඔවුනගේ අයිතීන් වෙනුවෙන් නියෝජිතයකු හරහා තම දේශපාලන / පාලන බලතල ක්‍රියාවට නැංවීම සිදුවිය. අද වන විට නූතන ජාතික රාජ්‍යන් තුළ ඡන්ද අයිතිය වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය භාවිතයන් තුළින් ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකාවේ ද උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන ව්‍යවස්ථාව පරිදි;
” ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය බලය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. එය අත්හළ නොහැක, අන්සතු කළ නොහැක. පරමාධිපත්‍ය බලය යන්නට ඡන්ද බලය ,මූලික අයිතිවාසිකම් හා පාලන බලතල ඇතුළත්ව ඇත.”
මේ අනුව ශ්‍රී ලංකාව තුළ ද මහජන පරමාධිපත්‍යය මුදුන් මල්කඩ ලෙසින් පිළිගන්නා අතර පාලන බලතල හා ඡන්ද අයිතිය මෙරට පුරවැසියන්ගේ පරමාධිකාරී අයිතීන් ලෙසින් තහවුරු කොට දක්වා ඇත.
“_අපට ඕන කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි??”
“ප්‍රජාතන්ත්‍රවාදය අද කොතැනද??” යනුවෙන් ජනතාව නගන නේක පැනයන්ට පිළිතුරු ඇත්තේද ජනතාව තුළම ය. මන්ද නූතන ප්‍රජාතන්ත්‍රවාදයෙහි බල මූලය මහජනතාව වන බැවිනි. ඔවුන්ගේ දේශපාලන භාවිතයක් වන ඡන්ද බලය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගී ඇත.
මේ අනුව තම ඡන්ද අයිතිය නිවැරදිව භාවිත කිරීම හරහා නිරෝගිමත් වූ ප්‍රජාතාන්ත්‍රික පාලනයක් නිර්මාණය කර ගත හැකිය.
Penned by : Rtr. Sehanthi Dilakna


