සුන්දර ළැම රැක සුරකිමු දිවි බැම

මව්කිරි බිඳකින් පණනැගෙන ලෝකය කෙතරම් විශ්මිත ද?
මේ අපූර්ව කාර්‍යය වෙනුවෙන් නිර්මිත අවයවය ඔබේ ව්‍යසනයට හේතුවක් වන්නේ නම් යොමුකළ යුතුයි අවධානය නොපමාව.
එන්න අපි කතා කරමු..
මේ ළය පිළිකා මාසයයි.

පිළිකාවක් යනු කුමක්ද?
අසාමාන්‍ය සහ අවිධිමත් සෛල බෙදීමක් ලෙස හැඳින්විය හැක. ශ්‍රී ලංකාවේ බහුලම පිළිකා ත්‍රිත්වයෙන් පියයුරු පිළිකා ප්‍රමුඛස්ථානය ගනු ලබයි. එසේම කාන්තාවන්ගෙන් බොහෝ පිරිසක් මෙයට ගොදුරු වීමද දක්නට පුළුවන. ඔබත් මේ කාණ්ඩයට පහත අවධානම් තිබේ නම් අයත් වියහැක.

▫️ පවුලේ කෙනෙකුට තිබී ඇත්නම්,
▫️ දරුවන් නොමැති නම් හෝ ප්‍රමාද වී දරුවන් ලැබීනම්,
▫️ කලින් වැඩිවිය පැමිණ ඇත්නම්,
▫️ ආර්තවහරණය පමානම් සැලකිලිමත් වන්න.

මේ පිළිබඳ සැලකිලිමත් වීම ඔබට තනිවම ද කල හැකිය. ඔබේ පියයුරු අසමමිතික ද? පියයුරේ වළක් සෑදී තිබේද ? කුඩා ගැටිත්තක් තිබේද? කිරි නොවන ශ්‍රාවයක් පිටවන්නේද? පිළිතුර ඔව් නම් වහාම ඔබ ප්‍රදේශයේ සුවනාරි සායනය වෙත යා යුතුයි . නැතිනම් හැකි ඉක්මනින් වෛද්‍යවරයෙක් හමුවිය යුතුයි .

ඔබේ සිරුර ඔබගේමය. එය පිටතින් එන පිළිකා රකුසාට පුද දිය යුතු නැත . මෙම ලිපියේ මුලින් සඳහන් කළ අවධානම් කාණ්ඩයේ ඔබ සිටී නම් මාසිකව ස්වයං පියයුරු පරික්ෂාවක යෙදෙන්න.
“සුන්දර ළැම රැක, සුරකිමු දිවි බැම

Penned by : Rtr. Dulyana Dewwandi

Leave a comment