
තනිකම
එතරම් වද දෙන්නේ කිම්ද
අහස දිහා බලන්
මේ කියන්නේ මොනවාද
බලන්න
අර තනි තරුව දිලිසෙන අපූරුව
හත්තින්නතක් මටත් නෑ කියා
ඇයත් ඇඩුවා නම්කොයින්ද
අද ඒ දිලිසෙන තරුව
අහන්න
නුඹ දිහාත් ආදරයෙන් බලන්නන් හමුවේවි
එතෙක්බැබලෙන්න තනියම
තනිකම හුදකලාවක් නොකරගෙන ආස්වාදයක් කරගන්න
හිත තනිනොකර යන්න ලයාන්විතයන් සොයා
හමුවේවී දයාබර හිත් නුඹ මෙන්ම නුඹට සවන් දෙන
නුඹත් තනි තරුවක්
දිනක කලුවර අහසටම
සැරසිල්ලක් වෙන
penned by Siluni Methma ( First year student of Faculty of Law, University of Colombo )

