“ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍ය අත්හළ නොහැක්කේය .”
_ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 3 වන ව්‍යවස්ථාව_
මහජනතාව විසින් මහජනතාව උදෙසා ගෙන යන පාලනය ප්‍රජාතන්ත්‍රවාදයි.
නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය තුළ
▫️ පාලනය පහසුව
▫️ ජනගහනය අධික වීම
▫️ භෞමික වශයෙන් විශාල රාජ්‍යයන් පැවතීම
යන කාරණා හේතුකොට ගෙන වක්‍ර හෙවත් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මකව පවතී. නියෝජිතයන් මගින් රාජ්‍ය පාලනය සිදු කිරීමේදී අදාළ මහජන නියෝජිතයින් තෝරා පත් කර ගැනීම නූතන රාජ්‍යන් විසින් ප්‍රධාන මැතිවරණ ක්‍රමවේදයන් තුනක් හරහා සිදුකරයි
01. සරල බහුතර මැතිවරණ ක්‍රමය
02. සමානුපාතික මැතිවරණ ක්‍රමය
03. මිශ්‍ර මැතිවරණ ක්‍රමය
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යටතේ පාලන සමය තුළ සිටම ව්‍යවස්ථාදායකයන් සඳහා නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට භාවිතා වූයේ සරල බහුතර නියෝජන ක් ක්‍රමය යි.ඒ 1947 සෝල්බරි ආණ්ඩුක්‍රමය තුළ මෙන්ම 1972 ප්‍රථම ජනරද ආණ්ඩුක්‍රමය තුළ ද දැකගත හැකි විය. නමුත් 1978 දෙවන ජනරජය ආණ්ඩුක්‍රම තුළින් ලංකාවට සමානුපාතික මැතිවරණ ක්‍රමය හඳුන්වා දුන් අතර එතුළින් මන්ත්‍රීවරුන් 196 ක් තෝරාපත් කර ගැනීමට නියමිත විය. නමුත් 14 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් එහි සංයුතිය 225 දක්වා වැඩි කළ අතර ඉන් 196 දෙනෙකු සමානුපාතික නියෝජන ක්‍රමයේ විවෘත ලැයිස්තු ක්‍රමය යටතේ තෝරාපත් කර ගැනීමට නියමිත වූ අතර ඉතිරි 29 දෙනා ජාතික ලැයිස්තුවෙන් පත් කර ගැනීමට තීරණය කළේ ය.
ප්‍රධාන වශයෙන් මේ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ මැතිවරණ ක්‍රම දෙක මෙසේ හඳුනා ගනිමු.
- සරල බහුතර නියෝජන ක්‍රමය යනු ;
යම් ඡන්ද කොට්ඨාසයකින් ඉදිරිපත් වී ඇති අපේක්ෂකයින් අතරින් වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයා මන්ත්‍රීවරයා වශයෙන් තෝරා පත් කරගන්නා ක්‍රමය වේ.
2.සමානුපාතික නියෝජන ක්‍රමය යනු;
යම් ඡන්ද කොට්ඨාසයකින් ඉදිරිපත් වී ඇති දේශපාලන පක්‍ෂා කණ්ඩායම් ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාවට සමානුපාතිකව මන්ත්‍රී ධූර බෙදා හරින ක්‍රමය යි.
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ හෙවත් මහ මැතිවරණ ඉතිහාසය දෙස විමසා බලන කල්හි එය එය ඉතාමත් ගතික ස්වභාවයක් පෙන්නුම් කරයි.
ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට සර්ව ජන ඡන්ද බලය හිමිවීමෙන් පසු වර්ෂ 1931 දී පළමු රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය පැවැතිය අතර ඉන් පසුව 1947 දී පළමු පාර්ලිමේන්තු මැතිවරණය පූර්ව නිදහස් කාල සීමාවේදී සිදුවිය. එහිදී බලය ඩී එස් සේනානායක මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ලබා ගැනිණි.
නිදහසින් පසු 1956 දී පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එස් ඩබ්ලි ආර්.ඩී බණ්ඩාරනායක මහතා ආණ්ඩු බලය ලබා ගැනීම සිදුවිය.
ඉන් පසු 1960 පාර්ලිමේන්තු මහ මැතිවරණ දෙකක් පැවති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන් ජයගෙන ප්‍රථම අගමැතිනිය වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ප්‍රමුඛ ආණ්ඩුවක් නිර්මාණය විය.
දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමට පෙර පැවැති 1977 පාර්ලිමේන්තු මැතිවරණය ඉතාමත් සන්ධිස්ථානාත්මක මහ මැතිවරණයක් වන අතර ජේ. ජයවර්ධන මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තුව තුළ 5/6බලයක් ලබාගෙන ආණ්ඩුවක් පිහිටුවාලීය.ඉන්පසුව රටේ පැවැති සිවිල් යුද්ධ සහ අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් නිසියාකාරව පවත්වාගැනීමට නොහැකි විණි. 2005 දී පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලය ලබා ගත් අතර නැවත 2015 දී පැවැති මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ හවුල් ආණ්ඩුව එහිදී බලය ලබා ගත්තේය ඉන්පසු 2020 දී ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව බලය ලබා ගත්තේය.
මේ අනුව පෙනීයන්නේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ සංස්කෘතිය ඉතාමත් ගතික වන අතර ජනතාවගේ දේශපාලන සක්‍රීය සහභාගිත්වය අදාළ කාලසීමාවන් තුළ පවතින දේශපාලන වතාවරණ අනුව තීරණය වී ඇති බවයි
Penned by : Rtr. Sehanthi Dilakna


