එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පද්ධතිය අනුව සිරකරුවෙකු වශයෙන් හඳුන්වන්නේ නීතිමය ක්‍රියාවලියක් මත නිදහස අහිමි කර ඇති පුද්ගලයෙකු ය. ඔවුන්ගේ බන්ධනය නීතියට යටත්ව සිදුවිය යුතුවේ.
එක්සත් ජාතීන්ගේ ම මත්ද්‍රව්‍ය හා අපරාධ කාර්යාලයේ UNODC පෙන්වා දෙන්නේ සිරභාරයෙහි ප්‍රධාන අරමුණු ලෙස,
සමාජය ආරක්ෂා කිරීම ,
නැවත අපරාධ සිදුකිරීම අවම කිරීම
එම සිරකරුවන් නිදහස් වූ පසු ඔවුන්ගේ සමාජීය ජීවිතය නැවතත් සමාජගත කිරීම උදෙසා සිදුකරන ක්‍රියාවලියක් බවයි.
1990 දෙසැම්බර් 14 වෙනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 45/111 අංශය යටතේ භාර ගත් සිරකරුවන්ට අදාළ ව හඳුන්වා දුන් මූලික මාර්ගෝපදේශයන් (Basic Principles for the Treatment of Prisoners) ලෙස;
- සිරකරුවන් සියල්ලන්ට මනුෂ්‍ය ජාතියක් ලෙස ඔවුන්ට අයත් ස්වභාවික ගරුත්වය සහ වටිනාකම පිළිබඳ ගරුත්වය පිරිනැමිය යුතුය.
- ජාතිය, වර්ණය, ලිංගය, භාෂාව, ආගම, දේශපාලන හෝ අනෙකුත් අදහස්, ජාතික හෝ සමාජීය ආගමනය, දේපළ හිමිකම, උපන් තැන හෝ අනෙකුත් තත්වයන් මත පදනම්ව කිසිඳු විශමතාවයක් සිදු නොකළ යුතුය
- කෙසේ වුවද, සිරකරුවන් අයත් කණ්ඩායමේ ආගම්මය විශ්වාස සහ සංස්කෘතික පදනම්වලට, දේශීය තත්වයන්ට අනුව, ගරු විය යුතුය.
- සමාජය අපරාධවලින් ආරක්ෂා කිරීම සහ සිරකරුවන් රැඳවීම සම්බන්ධයෙන් සිරගෙවිලිවල වගකීම රාජ්‍යයේ සමාජිකයින්ගේ සමාන්‍ය සන්නිවේදනය හා සංවර්ධනය පිළිබඳ අරමුණු සහ වගකීම් සමඟ සංගත විය යුතුය.
- සිරගත වීමේ තත්වය නිසා අවශ්‍ය වන සීමා හැර, සිරකරුවන් සියල්ලන්ට මිනිස්අයිතිවාසිකම් සහ මූලික නිදහස් හිමිවිය යුතුය. මේවා අතර ඇත
- සිරකරුවන්ට ඔවුන්ගේ පුද්ගල පරිපූර්ණ සංවර්ධනය සඳහා සංස්කෘතික කටයුතු සහ අධ්‍යාපන කටයුතු වලට සහභාගී වීමට අයිතිය තිබිය යුතුය.
- දඬුවමක් ලෙස වෙන් කිරීම (solitary confinement) අවලංගු කිරීම හෝ එය සීමා කිරීම උදෙසා උත්සාහයන් ගත විය යුතුය.
- සිරකරුවන්ට වැටුප් සහිත, අර්ථවත් රැකියාවක් සිදු කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කළ යුතුය. මෙය ඔවුන්ගේ ව්‍යාපාරික නැවත ඒකරාශී වීම හා පවුලට සහ තමන්ට මූල්‍යමය සහය ලබාදීම සඳහා උපකාරී වේ.
- සිරකරුවන්ට ඔවුන්ගේ නීතිමය තත්වය මත කිසිඳු විශමතාවයකින් තොරව රට තුළ පවතින සෞඛ්‍ය සේවා ලබා ගැනීමේ හැකියාව තිබිය යුතුය.
- සමාජය සහ සමාජ ආයතනවල සහභාගීත්වය සහ සහයෝගය මත, හා පිළිවෙලින් බරපතල වන්නේ විපත් සම්බන්ධීකරණය කිරීම මත, සිරකරු සමාජයට යහපත් ලෙස නැවත එකතු වීමට හැකි පරිසරයක් නිර්මාණය කළ යුතුය.
- ඉහත මූලධර්ම සියල්ල අනාගතයෙහි අයද නොවන්නක් ලෙස, සාධාරණව සහ සමානව යෙදිය යුතුය.
ජාත්‍යන්තර මට්ටමේ නීතිමය බැඳීම් ලංකාව තුළ සිරකරුවන් සම්බන්ධ නෛතික තත්ත්වයට සිදුකර ඇති බලපෑම.
ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුතින් ගණනාවක් අනුමත කරමින් සිරගතව සිටින පුද්ගලයන්ට අදාළව ජාත්‍යන්තර නීතිමය බැඳීම් රාශියක් ශ්‍රී ලංකා විසින් සිදු කර ඇත.
සිවිල් හා දේශපාලන අයිතිවා අයිතිවාසිකම් පනත ICCPR මගින් ජීවත්වීමේ අයිතිය සහ නිදහස නිසි නෛතික ක්‍රියාවලියට සම්බන්ධවීමට සහ සාධාරණ නඩු විභාග කිරීම සඳහා වන අයිතිය තහවුරු කිරීම විශේෂයෙන්ම පෙන්වා දී ඇත.
සිරව දඬුවම් නියම කිරීම බන්ධනාගාරයන් පවතින තත්ත්වයන් සිරකරුවන් සිරකරුවන් සැලකීම සහ විශේෂ සිරකරුවන්ගේ ලැදියාවන් ආදිය සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ රීති ඉහත කී තත්ත්වයන් තවදුරටත් ශක්තිමත් කර තිබේ.
සිරගතව සිටින පුද්ගලයා සම්බන්ධවන සමහර ප්‍රධාන ගැටලු සහ ඒවාට අදාළ ජාත්‍යන්තර විධිධාන පහතින් පෙන්වා දී තිබේ.
1.සාපරාධි දඬුවමක් ලෙස නිදහස අහිමි කිරීමේ අරමුණ.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියෙහි දහය (3) වගන්තිය මගින් පෙන්වා දෙන ආකාරයට “සිරගත කිරීම හෙවත් චරිත ශෝධනාගාර ක්‍රමවේදය වූ කලී අත්‍යවශ්‍යම ඔවුන්ගේ ශෝධනය සහ නැවත සමාජගත කිරීම ඉලක්ක කරගත් ක්‍රමයක් විය යුතුය” සිරකරුවන්ට සැලකීම පිළිබඳව ඇති දහවන වගන්තිය නිදහස අහිමි වූ සිරකරුවන් සම්බන්ධයෙන් මානුෂීය ලෙස සැලකීම යන වගන්ති ශ්‍රී ලංකා නීති පද්ධතිය තුළට ආදේශ කරගෙන තිබේ.
2.ජීවත්වීමේ අයිතිය නිදහස සහ පුද්ගලයාගේ ආරක්ෂාව.
මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය 3 වන වගන්තිය මගින් සෑම තැනැත්තෙකුටම ජීවත්වීමට නිදහස හා සුරක්ෂිතභාවයට අයිතියක් ඇති බව සනාථ කරමින් පුද්ගලයෙකුගෙන් මනුෂ්‍ය ජීවිතයෙහි පාරිශුද්ධත්වය සහතික කර තිබේ .
1982 දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 6 (1)වගන්ති මගින් පෙන්වා දෙනු ලබන්නේ සෑම මනුෂ්‍යයකුට ජීවත්වීමට ඇති අයිතිය බවත් ඒ නීතියෙන් ආරක්ෂා කළ යුතු බව ය.
3.නිදහස හිමි පුද්ගලයින්ට මානුෂීයව සැලකීම
4.බන්ධනාගාර තුළ විනය
5.සිරකරුවන්ට අධ්‍යාපනය සහ රැකියාව ලබාදීම
6.බන්ධනාගාරකාර මණ්ඩලයේ රැකියා කොන්දේසි
ශ්‍රී ලංකා නීති පද්ධතිය තුළ සිරකරුවන්ට හිමි අයිතිවාසිකම්
ශ්‍රී ලංකා ජනගහනයෙන් ලක්ෂයක ප්‍රමාණයකට 114.7 ක් සිරගත කිරීම් වලට පාත්‍ර වේ. ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ආයතනයන් අතරට
● බන්ධනාගාර මූලස්ථාන
● පර්යේෂණ විශෝධන පුහුණු මධ්‍යස්ථාන
● රක්ෂිත බන්ධනාගාර 4ක්
● රිමාන්ඩ් බන්ධනාගර 18ක්
● වැඩ කර වැඩ කඳවුරුදු 10 ක්
● විවෘත බන්ධනාගාර කඳවුරු දෙකක්
● එක් බන්ධනාගාර පුහුණු පාසලක්
● තරුණ වධකරුවන්ගේ විශෝධනමධ්‍යස්ථාන 2ක්
ඇතුළත් වේ.
1978ට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි තෙවන පරිච්ඡේදය මගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් පිළිගන්නා නමුත් සාපරාදී දඬුවම් සඳහා වන ව්‍යවස්ථාදායක රාමුව තුළ කිසිදු පුළුල් ප්‍රතිසංස්කරණයක් සිදුකර නොමැත. සිරකරුවන් සිරගත කිරීම හා ඔවුන්ට සැලකීම සඳහා වන ආයතනික රාමුව පෙන්වා දී ඇති වර්ෂ 1977 අංක 16 දරණ බන්ධනාගාර ආඥා පනත ද යල් පැන ඇති අතර, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම වස්ථාවේ ප්‍රමිතින් සහ ඒ සම්බන්ධයෙන් මෙරට ඇති ජාත්‍යන්තර බැඳීම් ඉටු කිරීම සඳහා වන ප්‍රතිසංස්කරයන්හි වශ්‍යතාවය දැඩිව ඉස්මතු වේ. රිමාන්ඩ් සිරකරුවන්ට ඇප ලබාදීම මෙන්ම සමාව ලබාදීම සම්බන්ධයෙන් පවතින නෛතික රාමුවද උල්ලංඝනය වීමේ තත්ත්වයක් පවතී. ඊට අමතරව මරණීය දණ්ඩනය සාපරාදී දඩුවමක් වශයෙන් පිළිගෙන ජීවත් වීමේ අයිතිය මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 11 වන වගන්ති ඔස්සේ ප්‍රකාශිත කර ඇති වද හිංසාවට ලක් වීමෙන් නිදහස් වී සිටීමේ අයිතියද එමගින් උල්ලංඝනය වුවද තවදුරටත් දඩුවම් ක්‍රමයක් වශයෙන් එය ව්‍යවස්ථාපිතව පිළිගැනේ. 1976 සිට ශ්‍රී ලංකාව තුළ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කර නොමැති අතර ඒ යළි ක්‍රියාත්මක කිරීම සඳහා නැවත නැවතත් පියවර ගැනීම උත්සාහයන් ක්‍රියාත්මක වීම වර්ෂ 2019 සිට සිදුව ඇත .වර්තමානයේ පවතින මෙම යල් පැනගිය නීති වෙනුවට නව නීති හඳුන්වාදීම කළ යුතු අතර සහ පවතින නීතීන් සහ ඒවායෙහි ප්‍රායෝගික භාවිතයන් අතර පරතරය පියවා ගැනීම සඳහා ක්‍රියාත්මකකිරීමේ යාන්ත්‍රණයන්ද සමාලෝචනයට ලක් කළ යුතුය.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරාජයේ ආණ්ඩුකමව්‍යවස්ථාවෙහි 3 වන විධාන වලට යටත්ව ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය බලය ජනතාව සතු බව සඳහන් වේ. ඒ අනුව මෙරට පරමාධිපත්‍ය බලය හිමිකරුවා ජනතාවය. අපරාධ ක්‍රියාවන්ගේ වින්දිතයන්, අපරාධයන්හි චූදිතයන් සහ අපරාධ යුක්ති ක්‍රමවේදය තුළින් බලපෑම ලක්වන්නන්ද මහජනතාව යන ගණයට ඇතුළත් වේ. එම නිසා අපරාධ යුක්තිය සම්බන්ධ කටයුතුවලදී ඉහත කී ඒ ඒ පුද්ගල කොට්ඨාශයන්ට හිමිි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය පිළිගැනීම් ද ඉතාමත් තීරණාත්මක වේ.
1. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියෙහි 14 වන වගන්තිය සාධාරණ නඩු විභාගයක් සඳහා ඇති අයිතිය තහවුරු කරන අතර ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථාව මගින් ද එකී අයිතිය පෙන්වා දී ඇත.
2. 13 (5) වගන්තිය මගින් නිර්දෝෂී බව උපකල්පනය පිළිබඳ සහතික කෙරේ. සාපරාදී නඩු විභාගයක විභාග කටයුතු දඬුවම් නියම කිරීම සහ අභියාචනා සම්බන්ධයෙන් වන අධිකරණ ක්‍රියාදාමයන් මෙකී ජාත්‍යන්තර හා දේශීය මානව අයිතිවාසිකා සම්බන්ධයෙන් අදාළ වන ප්‍රමිතීන්ට අනුකූල වීම අත්‍යවශ්‍ය වේ. ශ්‍රී ලංකාධිකරණ ක්‍රියා පටිපාටියෙහි පවතින තත්ත්වයන් හරහා අධික ප්‍රමාදයන් හේතුවෙන් උද්ගතවන ප්‍රතිඵලය වන්නේ ඵලදායි ලෙස යුක්තිය ඉටු කිරීම අරමුණු කෙරෙහි දැඩි ලෙස බලපෑමය.
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව වන ප්‍රතිසංස්කරණයන්හි අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නිර්මාණය කළ වාර්තාවෙන් උපුටා ගත් නෛතික ප්‍රතිසංස්කරණයන් ලෙස;
- මරණ දඬුවම අහෝසි කිරීම සහ මරණය නියම කර ඇති සිරකරුවන්ගේ දඬුවම ලිහිල් කළ යුතුය. 2.බන්ධනාගාර ආඥාපන සංශෝධනය කිරීම පන්දනාකාරවල ආයතනික ව්‍යුහය සහ බන්ධනාගාර නිලධාරීන්ගේ කාර්යභාරය සහ ඔවුන්ගේකාර්ය්‍යයන්හි විෂය පථය ප්‍රතිසංස්කරණය කිරීම බන්ධනාගාර රැදවියන් නැවත සමාජගත කිරීම සඳහා ප්‍රමුඛත්වය දීම සහ මරණීය දණ්ඩනය නියමූ සිරකරුවන්ගේ දඬුවම් පහත හෙලීම සිල සිදු කළකළ යුතුය.
3.සුදුසුකම් ලත් සිරකරුවන් සඳහා වෘත්තීය පුහුණුව සහ රැකියාවට ප්‍රමුඛතාවය දීම සඳහා සුළු හා බරපතල වැඩ සහිත සිරගත කිරීම් අතර වෙනස අහෝසි කළ යුතුය.
4.දඬුවම් නියම කිරීමේ ප්‍රවණතාව නිරීක්ෂණය කිරීම සඳහා දඬුවම් නියම කිරීමේ සභාවක් පිහිටුවීම කළ යුතුය.
5.ප්‍රජාපති ශෝධන උදෙසා ව්‍යවස්ථාපිත යාන්ත්‍රණයක් සහ නිර්ණායකයන් සැකසීම කළ යුතුය.
6.ළමා අයිතිවාසිකම් සම්මුතියෙහි විධිවිධානයන්ට අනුකූලව 1939 අංක 49 දරණ ළමා හා තරුණ පුද්ගලයින්ගේ ආඥා පනත සංශෝධනයට ලක් කළ යුතුය.
7.වාචික දණ්ඩනය බාධක කොන්දේසි සහිත නිදහස් කිරීම් තත්ත දඬුවම් පවරා ගැනීම් නියෝග වන්දි ලබාදීමේ නියෝග වාර්තා කිරීමේ මධ්‍යස්ථානයකට යොමු කිරීම නිවාස වඩා සිය තැබීම සහ ආයතනික නොවන අනෙකුත් ක්‍රම වැනි සිරගත කිරීම් නොවන දඬුවම් නියම කිරීම විකල්ප තත්ත්වයන් හඳුන්වාදීම උදෙසා වන නීති සම්පාදනය කළ යුතුය.
8.සිරගත වීමකින් පසුව නිදහසට තැනැත්නම් සඳහා වන සංක්‍රාන්තික නිවාස රැකියා කටයුතු හා අධ්‍යාපන කටයුතු සඳහා නිදහස් කිරීම සහ නිසි දණ්ඩන කාල පරාසය ඉක්ම යාමට පෙර ලබා දෙන්නා වූ නිදහස ආදී තත්ත්වයන් සඳහා අවැසි නීති හඳුන්වා දීම සහ ඒවා ආයතන ගත කිරීම කල යුතුය.
සිරකරුවෝද මනුෂ්‍යයෝ ය.
ඔවුන් සම්බන්ධයෙන් වන නෛතික රාමුව ඔවුන් සම්බන්ධයෙන් පවතින අන්තර්ජාතික අයිතිවාසිකම් මෙන්ම ඒවායෙන් උකහා ගත් ශ්‍රී ලාංකේය සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ලංකා රජයේ මෙන්ම අප සතු වගකීමක් වන්නේ ය. ජාත්‍යන්තරයේ ඉදිරියේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාව නම් දැරීමට නම් සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ප්‍රමුඛ කාර්යයක් වශයෙන් පිළිගෙන සිදු කළ යුතුවේ.
Penned by : Rtr. Sehanthi Dilakna


