ශ්‍රී ලංකාවේ මාර්ගගත ආරක්ෂණ පනත සහ කාන්තාව

වත්මන් සියවසේ අන්තර්ජාලය යනු සන්නිවේදනය අද්‍යාපනය ආදී නොයෙක් ක්ෂේත්‍රයන් සදහා අත්‍යවශ්‍ය මෙවලමක් වුවත් ලංකාවේ බොහෝමයක් කාන්තාවන්ට මෙම අවකාශය තුළ විවිධ සයිබර් හිරිහැර වලට මුහුණ දීමට සිදුව තිබේ.මෙම ගැටළු හදුනාගනිමින් කාන්තාවන් ඇතුළු අවදානමට ලක් විය හැකි කණ්ඩායම් සදහා ආරක්ෂිත ඩිජිටල් පරිසරයක් නිර්මාණය කිරීමෙ අරමුණෙන් අප රජය විසින් අන්තර්ජාල ආරක්ෂණ පනත හදුන්වා දී තිබේ.

මෙම පනත මගින් අන්තර්ජාලයේ සිදුවන තර්ජන වලින් කාන්තාවන් ආරක්ෂා කිරීමට අවශ්‍ය විධි විධාන ඇතුළත් කර තිබේ.එමෙන්ම මෙම අවකාශය තුළ වින්දිතයෝ වූවන්ට අවශ්‍ය නීතිමය පියවර ද මෙමගින් ලබා දේ.වත්මන් සමාජය තුළ සයිබර් අවකාශය තුළ සිදුවන මෙවැනි අපරාධ සුළු ලෙස නොතකා සාපරාධීකරණය කිරීමෙන් සහ වැරදිකරුවන්ට දඩුවම් පැනවීම තුළින් මෙම පනතේ අරමුණු සාක්ෂාත් කරගත හැකිවනවා සේම මෙම අතත්‍ය අවකාශයේ කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට හැකියාව ලැබේ.

එසේම මෙම පනතේ තවත් එක් අරමුණක් වන්නේ සමාජ මාද්‍යය භාවිතයේදි පැවතිය යුතු වගකීම් සහගත බව පිළිබඳ මහ ජනතාව දැනුවත් කීරීමයි.ඒ අනුව කාන්තාවන් ඇතුළු විවිධ කොඨ්ඨාස ඉලක්ක කරගනිමින් දැනුවත් කිරීමෙ වැඩසටහන් ක්‍රියාත්මක කළ හැකිනම් එය බොහෝ අගනේය.එමෙන්ම මෙමගින් ඩිජිටල් සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම තුළ මෙම අවකාශය තුළ තමාට එල්ල විය හැකි අභියෝග හදුනාගෙන ඒවාට එරෙහිව සටන් කීරීමට අවශ්‍ය බලය කාන්තාවන්ට ලබා දේ.එසේම ඒ තුළින් කාන්තාවට තමාවම ආරක්ෂා කරගැනීමට හා තම අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් වීමට අවස්ථාව ලැබේ.

එසේම මාර්ගගත අපයෝජනයන් වාර්තාකරණය අතිශය වැශගත් ය.මෙම අක්‍රමිකතා දෙස බලන කළ බොහො අවස්ථාවල දි කාන්තාවන්ව බිය ගැන්වීම තුළම තමා වෙනුවෙන් හඬක් නැගීමේ අයිතිවාසිකම් යටපත් කර ඒ තුළින් ඔවුන් නීතිමය උපකාර පැතීමෙන් ද වළක්වා ලයි.ඒ අනුව පළි ගැනීමට හෝ අපකීර්තියට බියෙන් තොරව අපයෝජකයන්ට එරෙහිව පියවර ගැනීමට කාන්තාවන් සවි බල ගැන්වීම මෙහි තවත් අරමුණකි.

එසේම මේ මගින් අසත්‍ය ප්‍රකාශන සහ වෛරි සහගත ප්‍රකාශ පිළිබඳවද අවධානය යොමු කරයි.එවැනි හානිකර තත්ව හදුනගෙන ඒවාට එරෙහිව සටන් කීරිමට හා ආරක්ෂිත,ගෞර්වණීය

වටපිටාවක් නිර්මාණයට ඉඩප්‍රස්ථාව ලැබෙයි.

මෙම පනත කාන්තාවන් සවිබලගැන්විමට සැලකිය යුතු ප්‍රමාණයේ පොරොන්දුවකි.නමුදු මෙම ගැටළු විසදීමට රජය ,සිවිල් සමාජය හා කාන්තා සංවිධාන අතර අඛණ්ඩ සංවාදයක් අත්‍යවශ්‍ය වේ.

ඒ අනුව ශ්‍රි ලංකාවේ ඔන්ලයින් ආරක්ෂණ පනත කාන්තාවන්ගේ ඩිජිටල් ආරක්ෂාව ඉහළ නැංවීමට තීරණාත්මක පියවරක් නියෝජනය කරයි.ඒ අනුව නීතිමය ආරක්ෂාව සැපයීමෙන්,ඩිජිටල් සාක්ෂරතාවය ප්‍රවර්ධනය කිරීමෙන් සහ වාර්තාකරණ යාන්ත්‍රණය දිර්ගැන්වීමෙන් තම අයිතිවාසිකම් තහවුරු කිරීමට මෙමගින් කාන්තාවන්ට බලය ලබා දේ.එසේම තාක්ෂණය අඛන්ඩව විකාශනය වන විට පැමිණිය හැකි තර්ජන ඵලදායිව ආමන්ත්‍රණය කීරිමට මෙම පනත් සංශෝධනය ද කළ යුතුය.

ඉදින් මෙම පනතේ සාර්ථකත්වය රදා පවතින්නෙ එය ක්‍රියාත්මක කිරීම සහ ලංකාවෙ කාන්තාවන් සදහා වඩා ආරක්ෂිත සාධාරණ පරිසරයක් නිර්මාණයට සියලුම පාර්ශව කරුවන්ගෙන් ලැබෙන සහයෝගය මතයි.

ප්‍රචණ්ඩත්වයේ සෙවනැල්ලෙන් තොරව කාන්තාවන්ට නිදහසෙ සැරිසැරිය හැකි සයිබර් අවකාශයක් අනාගතයේ දී හෝ  ගොඩනැගීම ට හැකිනම් වටී.ඒ අනුව පරිශීලකයන්ට ගරු කරන එකිනෙකාව ආරක්ෂා කරන හුදු නීතිමය රාමුවකට කොටු නොවන සංස්කෘතියක් නිර්මාණය වන තුරු අප මෙ සටන 

අත් නොහැරිය යුතුය.

Penned by Amandi Dharmarathne

Leave a comment