
තිඹිරි ගෙයි මොර දෙද්දී-
“එපා අකපැයි”
තද කළු කතුවැකියේ
” අනේ ඒ ගවුමක්”.
නෑ..
ඒ “වෙස් වලාගත් අහසක්.”
මල් පිපෙන වසත් සමයෙහි -හෝරාවක එක්
අදුරුවළාවක
ඇයට ඇහැකිය – අනෝරා වැසි වස්සන්ට.
කඩිමුඩියෙ යන-එන්නවුන්
දහවල වළා ගිල
ඇහැකි ඇයට- සරතැසින් තෙත් කරන්නට.
නානාවර්ණ සාරීයක්-රැලි තියා සැරෙන්න
ඇහැකිය ඇයට -දුටුවන් මත් කරන්නට.
ක්ෂිතිජ ඉම හිරු සමග- ගනුදෙනු කරන යාමෙට
ඇහැකිය ඇයට- තරහවෙන් පුපුරන්න
රෑකල නිසල බව
තරුවලින් දිදුලන්න,
පුර පෝය දාට
සොමිසදට නිහඩව ඉඩදෙන්න
ඇහැකිය ඇයට-
මුනිවතින් සමුදෙන්න.
අකුණු,විදුළි ,ගර්ජනා අබිස
නොවූ වග කිසිත්-
ඇහැකිය ඇයට
පසුවදා හිරු සමග
නැවත හිනැහෙන්න.
“ඇය”
හුදෙක් මලක් නම්,
නටුව,ගස පැසසුනේ
එ මල නිසා බැව්
අමතක නොකරන්න.
✨
LikeLike