What makes a good Moderator?

A moderator can be simply defined as the person who guides the groups that are focused on controlling a discussion in the right direction. The role of a true moderator is to properly manage and facilitate the relevant discussion time and to build a trustful relationship between participants. When focusing on the qualities that should be present in a person who is known as a true regulator, he or she can identify many inherent traits. Especially someone who is perfect in those qualities can be pointed out as a successful regulator.

A successful moderator is someone who is always naturally curious. “I don’t know,” “I think so.” These phrases allow any moderator to build a successful and productive discussion between participants. No experienced regulator will allow participants’ responses to be final. Respondents will also find it easier to express themselves, and this natural curiosity will go a long way in building a better communication interaction between the moderator and the commenter. Impartiality and openness are also good qualities for a successful moderator. Convincing people to be biased towards different opinions in their interactions is not a positive quality. Regardless of the topic, it is important for respondents to act like a soundboard, regardless of their personal opinions or personalities.

It is also essential that the conductor has a good listening ability. Respecting all opinions and listening properly to everyone will greatly contribute to the success of the message or topic that is socialized. Flexibility is also important in handling a successful discussion. Also strong verbal skills are a skill inherent in mentors, that is extremely important. It is imperative to use clear and precise language to keep the discussion going smoothly without conflict. The moderator must also have good training in the use of language techniques. Just as one should be concerned about the transparency of one’s own ideas, knowing that one has the responsibility of awareness is an attribute of an efficient moderator.

In this way, a successful, formal moderator will develop the above qualities and lead the way in achieving the desired objectives in conducting relevant discussions.


සාර්ථක මෙහෙයවන්නෙකු වන්නේ කවරෙක්ද ?

යම්කිසි සාකච්ඡාවක් නිවැරදි දිශාවට දිශාභිමුඛගත කිරීමෙහිලා අවධානය යොමු කරන කණ්ඩායම් මෙහෙයවනු ලබන නියාමකයා, මෙහෙයවන්නා (moderator) ලෙස සරලව අර්ථ නිරූපණය කළ හැකි ය. අදාළ සාකච්ඡාව පවත්වන කාලය නිසි ලෙස කළමනාකරණය කරමින් පහසුකම් සලසන අතරම සහභාගිවන්නන් අතර විශ්වාසදායක සම්බන්ධතාවයක් ගොඩ නැංවීම සැබෑ නියාමකයෙකුගේ කාර්‍යභාරය වන්නෙ ය. සැබෑ නියාමකයෙකු හෙවත් මෙහෙයවන්නෙකු ලෙස හදුන්වන්නෙකු තුළ තිබිය යුතු ගුණාංග පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඔහු හෝ ඇය සතුව ආවේණික ලක්ෂණ බොහොමයක් හදුනා ගත හැක. විශේෂයෙන්ම එම ගුණාංග වලින් පරිපුර්ණ වන්නෙකු සාර්ථක නියාමකයෙකු ලෙස පෙන්වා දීමට පුළුවන.

සාර්ථක මෙහෙයවන්නෙකු සෑමවිටම ස්වභාවික කුතුහලයෙන් යුක්ත අයෙකි. “මම නොදනිමි”, “මා සිතනුයේ මෙසේ ය.” යන වාක්‍ය ඛණ්ඩ තුළින් ඕනෑම නියාමකවරයෙකුට සහභාගිවන්නන් අතර සාර්ථක වූ ඵලදායී සාකච්ඡාවක් ගොඩනැංවීමට අවකාශය සලසා දෙයි. සහභාගිවන්නන් ලබාදෙන ප්‍රතිචාරයන් අවසාන වචනය වීමට කිසිදු ප්‍රවීණ නියාමකයෙකු ඉඩ ලබාදෙන්නේ නැත. එසේම මේ තුළින් ප්‍රතිචාර දැක්වූවන්ට පහසුවෙන් තම අදහස් ප්‍රකාශ කිරීමට මනා වූ සහයෝගයක් හිමි වන අතර මෙහෙයවන්නා සහ අදහස් දක්වන්නන් අතර මනා වූ සන්නිවේදන අන්තර් ක්‍රියාකාරිත්වයක් ගොඩනැංවීමෙහිලා මෙකී ස්වභාවික කුතුහලය  ප්‍රබල දායකත්වයක් දක්වනු ඇත.

අපක්ෂපාතීත්වය සහ විවෘතභාවයද සාර්ථක නියාමකයෙකු සදහා ඔබින ලක්ෂණයන් ය. තම අන්තර් ක්‍රියාවන් තුළ විවිධ මත දරණ හෝ අදහස් දරන්නන් වෙත පක්ශග්‍රාහීත්වයක් දක්වන බවට ඒත්තු ගැන්වීම ධනාත්මක ලක්ෂණයක් නොවේ. මාතෘකාව කුමක් වුවද ප්‍රතිචාර දැක්වූවන් කුමන අදහස ප්‍රකාශ කළ ද තම පෞද්ගලික මතයන් මත හෝ පුද්ගලභාවය මත තම නැඹුරුව නොපෙන්වා ශබ්ද පුවරුවක් මෙන් ක්‍රියා කිරීම අගනේ ය. මෙහිදි මෙහෙයවන්නා හට හොද සවන්දීමේ හැකියාවක් පැවතීම ද අනිවාර්‍යය අංගය කි. සියලු මතවලට ගරු කරමින් සැමට නිසි ලෙස සවන් දීම තුළ සමාජගත වන පණිවිඩය හෝ මාතෘකාව සාර්ථක වීමට විශාල සහයෝගයක් දක්වනු ඇත.

සාර්ථක සාකච්ඡාවක් හැසිරවීමේදී නම්‍යශීලි භාවයද වැදගත් වේ. එසේම ශක්තිමත් වාචික කුසලතා අතිශයින් වැදගත් වන මෙහෙයවන්නන්ට ආවේණික වූ කුසලතාවයකි. ඝට්ටනයකින් තොරව සාකච්ඡාවක් මනාව පවත්වාගැනීම සදහා පැහැදිලි හා නිරවද්‍ය භාෂාවක් භාවිතා කිරීම අනිවාර්‍යය කාරණයක් වේ. එසේම භාෂා භාවිතයේ නිවැරදි උපාය මාර්ග (Language Techniques) භාවිතය සදහාද නියාමකයා සතුව හොද පුහුණුවක් පැවතිය යුතු ය. ස්වකීය අදහස් වල විනිවිදභාවය පිළිබදව සැළකිලිමත් විය යුතුවා සේම දැනුවත්භාවයේ වගකීම තමා සතු බව දැන සිටීම කාර්යක්ෂම මෙහෙයවන්නෙක් සතු ගුණාංගයක් වනු නියත ය.

මෙයාකාරයෙන් සාර්ථක, විධිමත් මෙහෙයවන්නෙකු උක්ත ගුණාංග ප්‍රවර්ධනය කර ගනිමින් අදාළ සාකච්ඡා පැවැත්වීම තුළ එමගින් බලාපොරොත්තු වන අරමුණු සාක්ෂාත් කර ගැනීමට මග පෑදෙනු ඇත.


எது நல்ல ஒருங்கிணைப்பாளரை உருவாக்குகிறது?

சுருங்கச் சொல்லின், ஒரு குறிப்பிட்ட குழுவினரின் கலந்துரையாடலை சரியான திசையில் நடத்திச்செல்லும் ஒரு நபரே ஒருங்கிணைப்பாளர் எனப்படுவார். உண்மையான ஓர் ஒருங்கிணைப்பாளரின் பணி யாதெனில் கலந்துரையாடல் நேரத்தை உரிய முறையில் முகாமை செய்து பங்குபற்றுவோரிடையே ஒரு நம்பகத்தன்மையை ஏற்படுத்துவதே ஆகும். சிறந்த ஒருங்கிணைப்பாளரின் பண்புகளை நோக்கும் போது குறிப்பிட்ட நபரின் தன்னியல்புகளையும் அதில் காண முடியும். இயல்பாகவே அப்பண்புகளை தன்னிடத்தில் கொண்ட ஒருவர் ஒரு நல்ல ஒருங்கிணைப்பாளராக இருக்க முடியும்.

சிறந்த ஒருங்கிணைப்பாளர் இயல்பாகவே ஆர்வம் உள்ளவராக இருக்க வேண்டும். “எனக்கு தெரியவில்லை”, “நான் அவ்வாறு நினைக்கவில்லை” போன்ற கூற்றுக்கள் பங்கேற்பாளர்களிடையே ஒரு நல்ல கலந்துரையாடலைக் கட்டியெழுப்ப உதவும். அனுபவம் வாய்ந்த எந்த ஒருங்கிணைப்பாளரும் பங்கேற்பாளருடைய கருத்தே இறுதியானதாக அமைய அனுமதிப்பதில்லை. இவ்வாறான உண்மையான ஆர்வம் கலந்துரையாடலைக் கட்டியெழுப்ப உறுதுணையாக அமைவதுடன், ஒருங்கிணைப்பாளருக்கும் கருத்து தெரிவிக்கும் நபருக்குமிடையில் நல்ல உறவையும் உருவாக்கும். இதனால் அவர்களால் தங்கள் எண்ணங்களை இலகுவாக வெளிப்படுத்த முடியும். பாகுபாடு காட்டாமை, திறந்த மனதுடன் இருத்தல் என்பவையும் சிறந்த ஒருங்கிணைப்பாளரின் குணாம்சங்கள் ஆகும். வேறுபட்ட கருத்துக்களின் போது, ஒரு கருத்தை மட்டுமே சார்ந்திருக்க தூண்டுவது பயனுள்ளதாக அமைவதில்லை. தமது தனிப்பட்ட ஆளுமை மற்றும் கருத்துக்களுக்கு அப்பால், பரந்துபட்ட எண்ண ஓட்டங்களை பங்கேற்பாளர்கள் கலந்துரையாடலில் உட்கொணர்வது முக்கியமானதாகும்.

ஒருங்கிணைப்பாளருக்கு கேட்டு கிரகிக்கும் பண்பு இருப்பது அவசியமாகும். அனைத்து கருத்துகளுக்கும் மதிப்பளித்து அவற்றை கேட்பது, பேசப்படும் விடயம் அவர்களை சென்றடைய வழிவகுக்கும். ஒரு கலந்துரையாடலை நடத்திச்செல்ல நெகிழ்வுத் தன்மையையும் தேவைப்படுகிறது. அத்துடன் சிறந்த பேச்சுத்திறனும் ஒருங்கிணைப்பாளருக்கு இன்றியமையாததாக உள்ளது. கலந்துரையாடல் முரண்பாடுகளின்றி செம்மையாக நடந்தேற தெளிவான மொழிப் பயன்பாடு அவசியமாகும். கருத்துக்களை திறந்த மனதுடன் முன்வைக்கும் அதே வேளை, அவற்றிற்கான பொறுப்புக்கூறலும் உண்டு என்பதையும் உணர்ந்திருக்க வேண்டும்.

இவ்வாறாக ஒரு சிறந்த ஒருங்கிணைப்பாளர் மேற்கூறிய பண்புகளை தம்மில் வளர்த்துக் கொண்டு, கலந்துரையாடலின் நோக்கத்தை செவ்வனே நிறைவேற்ற வழிவகுப்பார்.


Penned by Rtr. Shashini Imasha Chamodi

Translated to English by Rtr. Chethana Maduwanthi
Translated to Tamil by Rtr. M. C. Kanula

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: