My Body, My Choice.

The overturn of Roe v Wade, the landmark case protecting the right to abortion is a massive blow to women’s and human rights that will have a significant impact worldwide. The decision explicitly ended the federal constitutional protections for abortion diminishing women’s ability to access safe and legal abortions. The ruling has restricted women from making choices about their bodies leaving that choice entirely in the hands of male lawmakers. However, in the modern age of gender equality and women’s rights it is questionable why there’s still a need to elucidate women’s right to make decisions about their own bodies. Decisions one makes about one’s body, particularly about one’s reproductive capacity should be taken by that individual according to their preferences. Only a pregnant woman knows whether she is ready to have a child, and governments should play no role in making that decision for her.

Regarding abortion Alan K. Simpson stated,

‘I consider abortion to be a deeply personal and intimate issue for women and I don’t believe male legislators should even vote on the issue.’

About 121 million unintended pregnancies occur globally each year. Factors such as women’s health, family relationships, economic resources and the availability of medical care determine women’s decision to either carry a pregnancy to term or seek an abortion. Given the complexity of the situation, the only person equipped to decide is the pregnant woman herself.

Denying women and girls access to safe and legal abortions jeopardizes the rights to life, health, freedom from cruel, inhuman, and degrading treatment, and the right to privacy and equality. Restricting abortion has the effect of denying women access to a procedure that may be necessary for their enjoyment of their right to health. Only women must live with the physical and emotional consequences of unwanted pregnancy. Some women suffer maternity-related injuries, such as hemorrhage or obstructed labor. Women are consequently exposed to health risks that are not experienced by men. It is clearly undermining women’s capacity to make responsible decisions about their bodies.

However, recognizing women’s sexual and reproductive autonomy contradicts long-standing social and cultural norms that demonstrate women’s subordinate role to men in their families and communities. It is not surprising that unwillingness to allow women to make decisions about their own bodies often coincides with the tendency to deny women decision-making roles in the areas of political, economic, social, and cultural affairs confining them to the private sphere.

In the Sri Lankan context, there is a draconian legal system that criminalizes abortion under the penal code of 1883 unless the mother’s life is in danger with imprisonment ranging from three to ten years for offenders. The laws that prevent access to legal abortion are discriminatory and clearly undermines women’s right to make responsible decisions about their bodies and reproductive system.

Though governments are technically bound by international treaties and standards which recognize equality based on gender, religion, class and race, national laws do not reflect equality and non- discriminatory principles. The fact that these legislations are passed by men who had never experienced what the female body goes through while preparing for a child is problematic.

Although Sri Lanka has ratified the Convention on the Elimination of All Forms of Discrimination Against Women (CEDAR), there have been unsuccessful attempts to amend the abortion laws. Research conducted in 2015 found 10%-13% of maternal deaths are caused by unsafe abortions, making it the third most common cause of death during pregnancy. In 2021, the death of a 13-year-old girl as a result of an illegal domestic abortion after allegedly being raped by a family member clearly shows that it’s high time for Sri Lanka to make necessary legal amendments regarding abortion.

In 2022, Justice minister, Ali Sabry acknowledged the need to amend abortion law and legalize abortion for rape victims, however, that process is yet to be implemented. Women’s insight and their involvement are needed for these legalizations to be effective.Nevertheless, in the legal framework abortion continues to remain a controversial topic. The manner of applying different legal standards to the public and private spheres has become the norm in Sri Lanka. Abortion is a highly privatized subject that has been considered immoral and shameful to bring into public view.

Sri Lankan parliament members have resorted to arguments based on cultural, religious or traditional differences to justify their opposition to abortion and support other discriminatory practices in relation to women.

MP Azwar stated,

“We have a culture. We have something called a decent upbringing. When something like this happens in our villages we call them indecent women, indecent girls. You must not give protection to that indecency. That is against our traditions and our culture”.

These traditional religious and cultural opinions are acting against women’s rights and freedoms, discriminating and undermining gender equality.

Therefore, the legal framework should balance both of these interests and produce an effective legal outcome that can address abortion as a human right. Thus, women’s right to make decisions on their reproductive capacities must be acknowledged in the public sphere, as a right of women to determine their own lives. Being able to make decisions about health, body and sexuality is a basic human right. Women’s bodily autonomy and bodily integrity should be recognized in the public sphere, and they should not be restricted to the private sphere due to religious and cultural formations.

Therefore, Sri Lanka and other countries need to realize the choice to abort or not lies at the hands of the women and the decision is not to be made by male legislators. Moreover, countries need to act progressively and consider legalizing abortion.


මගේ ශරීරය, මගේ තේරීම.

රෝ එදිරිව වේඩ් නඩුවෙහි පෙරළිය ගබ්සා කිරීමේ අයිතිය ආරක්ෂා කිරීම උදෙසා සුවිශේෂී සංධිස්ථානයක්ව තිබේ. එය කාන්තා හා මානව අයිතිවාසිකම්වලට ද දැවැන්ත පහරක් එල්ල කර ඇති අයුරු දැකගත හැකිය. ලොව පුරාම ඉතා වැදගත් ගැටීමක් එමගින් ඇති කරනු ලැබේ. මෙම තීරණය මගින් ගබ්සාව සඳහා ෆෙඩරල් ව්‍යවස්ථාපිත ආරක්ෂාව පැහැදිලිවම අවසන් කරන ලදි. එසේම ආරක්ෂිත සහ නීත්‍යානුකූල ගබ්සාවන්ට ප්‍රවේශ වීමට උදෙසා කාන්තාවන්ට ඇති හැකියාව ද හීන කර තිබේ. තවද මෙම තීන්දුව මගින් කාන්තාවන්ට තම ශරීරය පිළිබඳ තේරීම් කිරීම ද සීමා කර ඇති අතර එම තේරීම සම්පූර්ණයෙන්ම පිරිමි නීති සම්පාදකයින් උදෙසා පවරා තිබේ.

කෙසේ වෙතත්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ නූතන යුගයේ දී, තම ශරීරය පිළිබඳව තීරණ ගැනීමට කාන්තාවන්ට ඇති අයිතිය තවමත් පැහැදිලි කිරීමට අවශ්‍ය වන්නේ මන්දැයි ප්‍රශ්නාර්ථයකි. කෙනෙකුගේ ශරීරය ගැන, විශේෂයෙන්ම කෙනෙකුගේ ප්‍රජනන හැකියාව ගැන ගන්නා තීරණ ඒ පුද්ගලයා විසින් ගත යුත්තේ ඔවුන්ගේ මනාපයන් අනුව ය. ඇය දරුවෙකු ලැබීමට සූදානම් දැයි දන්නේ ගැබිනි කාන්තාවක් පමණක් වන අතර ඇය වෙනුවෙන් එම තීරණය ගැනීමට රජයන් කිසිදු කාර්යභාරයක් නොකළ යුතුය.

ගබ්සාව සම්බන්ධයෙන් ඇලන් කේ. සිම්ප්සන් ප්‍රකාශ කළේ,

‘ගබ්සාව කාන්තාවන් සඳහා ගැඹුරු පෞද්ගලික සහ සමීප ප්‍රශ්නයක් ලෙස මම සලකන අතර පිරිමි නීති සම්පාදකයින් මෙම ගැටලුව සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කළ යුතු යැයි මම විශ්වාස නොකරමි.’

සෑම වසරකම ගෝලීය වශයෙන් අනපේක්ෂිත ගැබ්ගැනීම් මිලියන 121 ක් පමණ සිදු වේ. ගැබ් ගැනීමකට හෝ ගබ්සාවක් කිරීමට කාන්තාවන් සතුව පවතින තීරණය උදෙසා බලපාන සාධක ලෙස කාන්තාවන්ගේ සෞඛ්‍යය, පවුල් සබඳතා, ආර්ථික සම්පත් සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව ආදිය වැදගත් වේ. මෙම තත්වයේ සංකීර්ණත්වය අනුව, එය තීරණය කිරීමට සන්නද්ධ එකම පුද්ගලයා ගර්භනී කාන්තාව පමණි. කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට ආරක්ෂිත සහ නීත්‍යානුකූල ගබ්සා කිරීම් සඳහා ප්‍රවේශය ප්‍රතික්ෂේප කිරීම තුළින් ඔවුන්ගේ ජීවිතයට හා සෞඛ්‍යයට කුරිරු, අමානුෂික සහ අවමන් සහගත සැලකීමෙන් නිදහස, පෞද්ගලිකත්වය සහ සමානාත්මතාවය සඳහා ඇති අයිතිය අනතුරේ හෙළයි. ගබ්සාව සීමා කිරීම කාන්තාවන්ට ඔවුන්ගේ සෞඛ්‍ය අයිතිය භුක්ති විඳීමට අවශ්‍ය විය හැකි ක්‍රියා පටිපාටියකට ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කිරීමේ බලපෑමක් ඇති කරයි.

අනවශ්‍ය ගැබ්ගැනීම තුළින් ඇතිවන ශාරීරික හා චිත්තවේගීය ප්‍රතිවිපාක සමඟ ජීවත් විය යුත්තේ කාන්තාවන් පමණි. ඇතැම් කාන්තාවන් ලේ ගැලීම හෝ දරු ප්‍රසූතියට බාධා කිරීම වැනි මාතෘත්වයට සම්බන්ධ තුවාල වලට ගොදුරු වේ. එහි ප්‍රතිඵලයක් ලෙස පිරිමින්ට අත්විඳිය නොහැකි සෞඛ්‍ය අවදානම්වලට කාන්තාවන් නිරාවරණය වේ. එය පැහැදිලිවම තම සිරුර සම්බන්ධයෙන් වගකීම් සහගත තීරණ ගැනීමට කාන්තාවන්ගේ හැකියාව හෑල්ලූවට ලක් කිරීමකි.

කෙසේ වෙතත්, කාන්තාවන්ගේ ලිංගික සහ ප්‍රජනන ස්වාධිපත්‍යය හඳුනා ගැනීම, ඔවුන්ගේ පවුල්වල සහ ප්‍රජාවන්හි පිරිමින්ට කාන්තාවන්ගේ යටත් භූමිකාව පෙන්නුම් කරන දිගුකාලීන සමාජ හා සංස්කෘතික සම්මතයන්ට පටහැනි වේ. කාන්තාවන්ට තම ශරීරය ගැන තීරණ ගැනීමට ඉඩ නොදීම පිළිබඳව සැලකීමේ දී ඔවුන්ට දේශපාලන, ආර්ථික, සමාජීය සහ සංස්කෘතික කටයුතු යන ක්ෂේත්‍රවල තීරණ ගැනීමේ භූමිකාවන් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවණතාව සමඟ සමපාත වීම පුදුමයක් නොවේ.

ශ්‍රී ලාංකීය සන්දර්භය තුළ, 1883 දණ්ඩ නීති සංග්‍රහය යටතේ මවගේ ජීවිතය අනතුරේ නම් මිස, ගබ්සාව සම්බන්ධව වැරදිකරුවන්ට වසර තුනේ සිට දහය දක්වා සිරදඬුවම් පනවනු ලැබේ. ඒ අනුව ගබ්සාව, අපරාධයක් බවට පත් කරන කුරිරු නීති පද්ධතියක් මෙරට තුළ පවතී. නීත්‍යානුකූල ගබ්සාවට ප්‍රවේශය වළක්වන නීති වෙනස් කොට සැලකීම සහ ඔවුන්ගේ ශරීර සහ ප්‍රජනක පද්ධතිය පිළිබඳව වගකිවයුතු තීරණ ගැනීමට කාන්තාවන්ට ඇති අයිතිය පැහැදිලිවම හෑල්ලු කරයි. ස්ත්‍රී පුරුෂ භාවය, ආගම, පන්තිය සහ ජාතිය මත පදනම්ව සමානාත්මතාවය පිළිගන්නා ජාත්‍යන්තර ගිවිසුම් සහ ප්‍රමිතීන්ට රජයන් තාක්‍ෂණිකව බැඳී සිටියද, ජාතික නීති සමානාත්මතාවය සහ වෙනස් කොට සැලකීම් නොවන මූලධර්ම පිළිබිඹු නොකරයි. දරුවෙකු සඳහා සූදානම් වන විට කාන්තා ශරීරය අත්විඳින දේ කිසි විටෙකත් අත්විඳ නැති පිරිමින් විසින් මෙම නීති සම්මත කර ගැනීම ගැටළු සහගතය.

ශ්‍රී ලංකාව විසින් කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් තුරන් කිරීමේ සම්මුතිය (CEDAR) අනුමත කර ඇතත්, ගබ්සා නීති සංශෝධනය කිරීමට අසාර්ථක උත්සාහයන් තිබේ. 2015 දී සිදු කරන ලද පර්යේෂණයකින් මාතෘ මරණ වලින් 10% – 13% ක්ම අනාරක්ෂිත ගබ්සා කිරීම් නිසා සිදුවන බව සොයාගෙන ඇති අතර එය ගර්භණී සමයේදී සිදුවන මරණ සඳහා තුන්වනුව වඩාත් පොදු හේතුව බවට පත්ව තිබේ. 2021 දී, පවුලේ සාමාජිකයෙකු විසින් දූෂණය කර ඇතැයි කියනු ලබන නීති විරෝධී ගෘහස්ථ ගබ්සාවක් හේතුවෙන් 13 හැවිරිදි දැරියක් මිය යාමෙන් පැහැදිලිවම පෙන්නුම් කරන්නේ ගබ්සාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය නීතිමය සංශෝධන කිරීමට කාලය පැමිණ ඇති බවයි. 2022 දී අධිකරණ අමාත්‍ය අලි සබ්රි ගබ්සා නීතිය සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය පිළිගෙන දූෂණයට ලක් වූවන් සඳහා ගබ්සාව නීතිගත කිරීමට අවශ්‍ය බව පිළිගත්තේය, කෙසේ වෙතත්, එම ක්‍රියාවලිය තවමත් ක්‍රියාත්මක කර නොමැත. මෙම නීතිගත කිරීම් ඵලදායී වීමට කාන්තාවන්ගේ තීක්ෂණ බුද්ධිය සහ ඔවුන්ගේ මැදිහත්වීම අවශ්‍ය වේ.

එසේ වුවද, නීතිමය රාමුව තුළ ගබ්සාව දිගටම මතභේදාත්මක මාතෘකාවක් ලෙස පවතී. රාජ්‍ය සහ පෞද්ගලික ක්ෂේත්‍ර සඳහා විවිධ නීතිමය ප්‍රමිතීන් යෙදෙන ආකාරය ශ්‍රී ලංකාවේ සාමාන්‍ය තත්ත්වය වී ඇත. ගබ්සාව යනු ඉතා පුද්ගලීකරනය කරන ලද විෂයයක් වන අතර එය මහජන දර්ශනයට ගෙන ඒම දුරාචාර හා ලැජ්ජා සහගත ලෙස සැලකේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගබ්සාවට විරුද්ධ වීම සාධාරණීකරණය කිරීමට සහ කාන්තාවන් සම්බන්ධයෙන් වෙනත් වෙනස් කොට සැලකීමේ පිළිවෙත්වලට සහාය දැක්වීම සඳහා සංස්කෘතික, ආගමික හෝ සම්ප්‍රදායික වෙනස්කම් මත පදනම් වූ තර්කවලට යොමු වී ඇත.

අස්වර් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ

“අපට සංස්කෘතියක් තිබෙනවා. අපට හොඳ හැදී වැඩීමක් කියලා දෙයක් තියෙනවා. අපේ ගම්වල මේ වගේ දෙයක් වුණාම අපි ඒ අයට කියන්නේ අශීලාචාර ගෑණු, අශිෂ්ට ගෑණු. එම අශිෂ්ටත්වයට ඔබ රැකවරණය නොදිය යුතුය. ඒක අපේ සම්ප්‍රදායට සහ සංස්කෘතියට පටහැනියි.”

මෙම සාම්ප්‍රදායික ආගමික හා සංස්කෘතික මතයන් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වෙනස් කොට සැලකීම සහ යටපත් කිරීම, කාන්තා අයිතිවාසිකම් සහ නිදහසට එරෙහිව ක්‍රියා කරයි. එබැවින්, නීතිමය රාමුව මෙම අවශ්‍යතා දෙකම සමතුලිත කළ යුතු අතර ගබ්සාව මානව අයිතිවාසිකමක් ලෙස ආමන්ත්‍රණය කළ හැකි ඵලදායි නෛතික ප්‍රතිඵලයක් නිපදවිය යුතුය. මේ අනුව, තම ප්‍රජනන හැකියාවන් පිළිබඳ තීරණ ගැනීමට කාන්තාවන්ට ඇති අයිතිය, තම ජීවිතය තීරණය කිරීමට කාන්තාවන්ට ඇති අයිතියක් ලෙස පොදු ක්ෂේත්‍රය තුළ පිළිගත යුතුය.

සෞඛ්‍යය, ශරීරය සහ ලිංගිකත්වය පිළිබඳ තීරණ ගැනීමට හැකිවීම මූලික මිනිස් අයිතිවාසිකමකි. කාන්තාවන්ගේ කායික ස්වාධිපත්‍යය සහ කායික ඒකාග්‍රතාවය පොදු ක්ෂේත්‍රය තුළ පිළිගත යුතු අතර, ආගමික හා සංස්කෘතික හැඩතල හේතුවෙන් ඔවුන් පුද්ගලික ක්ෂේත්‍රයට සීමා නොවිය යුතුය. එබැවින් ගබ්සා කිරීම හෝ නොකිරීමේ තේරීම කාන්තාවන් අතේ ඇති බව ශ්‍රී ලංකාව සහ අනෙකුත් රටවල් අවබෝධ කර ගත යුතු අතර ඒ සම්බන්ධ තීරණ ගැනීමේ අයිතිය පැවතිය යුත්තේ ද පිරිමි නීති සම්පාදකයින් සතුව නොවේ. එපමණක් නොව, රටවල් ප්‍රගතිශීලීව ක්‍රියා කළ යුතු අතර ගබ්සාව නීතිගත කිරීම ගැන සලකා බැලිය යුතුය.


என் உடல், என் விருப்பம்.

கருக்கலைப்பு உரிமையைப் பாதுகாக்கும் மைல்கல் வழக்கு Roe v Wade தலைகீழாக மாறியது பெண்கள் மற்றும் மனித உரிமைகளுக்கு பெரும் அடியாகும், இது உலகம் முழுவதும் குறிப்பிடத்தக்க தாக்கத்தை ஏற்படுத்தும். இந்த முடிவு கருக்கலைப்புக்கான கூட்டாட்சி அரசியலமைப்புப் பாதுகாப்பை வெளிப்படையாக முடிவுக்குக் கொண்டுவந்தது, இது பாதுகாப்பான மற்றும் சட்டப்பூர்வ கருக்கலைப்புகளை அணுகுவதற்கான பெண்களின் திறனைக் குறைக்கிறது. இந்தத் தீர்ப்பு பெண்கள் தங்கள் உடலைப் பற்றித் தேர்வு செய்வதைத் தடைசெய்தது, அந்தத் தேர்வை முழுவதுமாக ஆண் சட்டமியற்றுபவர்களின் கைகளில் விட்டுவிடுகிறது.

இருப்பினும், பாலின சமத்துவம் மற்றும் பெண்களின் உரிமைகளின் நவீன யுகத்தில், பெண்கள் தங்கள் சொந்த உடல்களைப் பற்றி முடிவெடுக்கும் உரிமையை இன்னும் தெளிவுபடுத்த வேண்டிய அவசியம் ஏன் உள்ளது என்பது கேள்விக்குரியது. ஒருவரின் உடலைப் பற்றி, குறிப்பாக ஒருவரின் இனப்பெருக்கத் ஆற்றலை பற்றி ஒருவர் எடுக்கும் முடிவுகள் அந்த நபரின் விருப்பங்களுக்கு ஏற்ப எடுக்கப்பட வேண்டும். ஒரு கர்ப்பிணிப் பெண்ணுக்கு மட்டுமே அவள் குழந்தை பெறத் தயாரா என்பது தெரியும், அவளுக்காக அந்த முடிவை எடுப்பதில் அரசாங்கங்கள் எந்தப் பங்கையும் வகிக்கக்கூடாது.

கருக்கலைப்பு குறித்து Alan K.Simpson கூறுகையில்,

“கருக்கலைப்பு என்பது பெண்களுக்கான ஆழ்ந்த தனிப்பட்ட மற்றும் நெருக்கமான பிரச்சினையாக நான் கருதுகிறேன், மேலும் ஆண் சட்டமன்ற உறுப்பினர்கள் இந்த விஷயத்தில் வாக்களிக்க வேண்டும் என்று நான் நம்பவில்லை.”

என்றார். உலகளவில் ஒவ்வொரு ஆண்டும் சுமார் 121 மில்லியன் திட்டமிடப்படாத கர்ப்பங்கள் ஏற்படுகிறது. பெண்களின் ஆரோக்கியம் போன்ற காரணிகள்,குடும்ப உறவுகள், பொருளாதார வளங்கள் மற்றும் மருத்துவ வசதிகள் ஆகியவை கர்ப்பம் தரிக்க அல்லது கருக்கலைப்பு செய்ய பெண்களின் முடிவை தீர்மானிக்கிறது. சூழ்நிலையின் சிக்கலான தன்மையைக் கருத்தில் கொண்டு,முடிவெடுக்கக்கூடிய ஒரே நபர் கர்ப்பிணிப் பெண் மட்டுமே. பெண்கள் மற்றும் சிறுமிகளுக்கு பாதுகாப்பான மற்றும் சட்டப்பூர்வமான கருக்கலைப்புக்கான அணுகலை மறுப்பது, வாழ்க்கை, ஆரோக்கியம், கொடூரமான, மனிதாபிமானமற்ற மற்றும் இழிவான சிகிச்சையிலிருந்து சுதந்திரம் மற்றும் தனியுரிமை மற்றும் சமத்துவத்திற்கான உரிமையை பாதிக்கிறது. கருக்கலைப்பைக் கட்டுப்படுத்துவது பெண்களுக்கு அவர்களின் ஆரோக்கியத்திற்கான உரிமையை அனுபவிப்பதற்கு அவசியமான ஒரு செயல்முறையை அணுகுவதை மறுப்பதன் விளைவைக் கொண்டுள்ளது. தேவையற்ற கர்ப்பத்தின் உடல் மற்றும் உணர்ச்சி விளைவுகளுடன் பெண்கள் மட்டுமே வாழ வேண்டும். சில பெண்கள் மகப்பேறு தொடர்பான காயங்களுக்கு உள்ளாகிறார்கள், அதாவது ரத்தக்கசிவு அல்லது பிரசவம் தடைபடுகிறது. இதன் விளைவாக ஆண்கள் அனுபவிக்காத உடல்நல அபாயங்களுக்கு பெண்கள் ஆளாகின்றனர். பெண்களின் உடலைப் பற்றி பொறுப்பான முடிவுகளை எடுக்கும் திறனை இது தெளிவாகக் குறைந்தமதிப்பிற்கு உட்படுத்துகிறது. இருப்பினும், பெண்களின் பாலியல் மற்றும் இனப்பெருக்க சுயாட்சியை அங்கீகரிப்பது நீண்டகால சமூக மற்றும் கலாச்சார நெறிமுறைகளுக்கு முரணானது, இது அவர்களின் குடும்பங்கள் மற்றும் சமூகங்களில் ஆண்களுக்கு பெண்களின் கீழ்படிந்த நிலையை நிரூபிக்கிறது. பெண்கள் தங்கள் உடலைப் பற்றி முடிவெடுக்க அனுமதிக்க விரும்பாதது, அரசியல், பொருளாதாரம், சமூகம் மற்றும் கலாச்சார விவகாரங்களில் பெண்கள் முடிவெடுக்கும் பாத்திரங்களை மறுக்கும் போக்குடன் ஒத்துப்போகிறது என்பதில் ஆச்சரியமில்லை.

இலங்கைச் சூழலில், 1883 ஆம் ஆண்டின் தண்டனைச் சட்டத்தின் கீழ் கருக்கலைப்பைக் குற்றமாக்கும் ஒரு கொடூரமான சட்ட அமைப்பு உள்ளது, அது தாயின் உயிருக்கு ஆபத்து இல்லை என்ற பட்சத்தில் குற்றவாளிகளுக்கு மூன்று முதல் பத்து ஆண்டுகள் வரை சிறைத்தண்டனை வழங்கபடுகிறது. சட்டப்பூர்வ கருக்கலைப்புக்கான அணுகலைத் தடுக்கும் சட்டங்கள் பாரபட்சமானவை மற்றும் அவர்களின் உடல்கள் மற்றும் இனப்பெருக்க அமைப்பு பற்றி பொறுப்பான முடிவுகளை எடுப்பதற்கான பெண்களின் உரிமையை தெளிவாகக் குறைந்த மதிப்பிற்கு உட்படுத்துகின்றன. சமத்துவத்தை அங்கீகரிக்கும் சர்வதேச ஒப்பந்தங்கள் மற்றும் தரங்களுக்கு தொழில்நுட்ப ரீதியாக அரசாங்கங்கள் கட்டுப்பட்டாலும் பாலினம், மதம், வர்க்கம் மற்றும் இனம் ஆகியவற்றின் அடிப்படையில், தேசிய சட்டங்கள் சமத்துவம் மற்றும் பாரபட்சமற்ற கொள்கைகளை பிரதிபலிக்கவில்லை. ஒரு குழந்தைக்குத் தயாராகும் போது பெண் உடல் என்னவாகும் என்பதை அனுபவித்திராத ஆண்களால் இந்தச் சட்டங்கள் இயற்றப்படுகின்றன என்பது பிரச்சனைக்குரியது.

பெண்களுக்கு எதிரான அனைத்து வகையான பாகுபாடுகளையும் நீக்குவதற்கான உடன்படிக்கைக்கு (CEDAR) இலங்கை ஒப்புதல் அளித்துள்ள போதிலும், கருக்கலைப்புச் சட்டங்களைத் திருத்துவதற்கான முயற்சிகள் தோல்வியடைந்துள்ளன. 2015 இல் நடத்தப்பட்ட ஆய்வில், 10%-13% தாய்வழி இறப்புகள் பாதுகாப்பற்ற கருக்கலைப்புகளால் ஏற்படுகின்றன, இது கர்ப்ப காலத்தில் இறப்புக்கான மூன்றாவது பொதுவான காரணியாக அமைகிறது. 2021 ஆம் ஆண்டில், குடும்ப உறுப்பினர் ஒருவரால் கற்பழிக்கப்பட்டதாகக் கூறப்படும் சட்டவிரோத உள்நாட்டு கருக்கலைப்பின் விளைவாக 13 வயது சிறுமி இறந்தது, கருக்கலைப்பு தொடர்பாக தேவையான சட்டத் திருத்தங்களை இலங்கை செய்ய வேண்டிய நேரம் இது என்பதைத் தெளிவாகக் காட்டுகிறது. 2022 ஆம் ஆண்டில், நீதி அமைச்சர், அலி சப்ரி, கருக்கலைப்பு சட்டத்தில் திருத்தம் செய்ய வேண்டியதன் அவசியத்தை ஒப்புக்கொண்டார் மற்றும் கற்பழிப்பு பாதிக்கப்பட்டவர்களுக்காக கருக்கலைப்பை சட்டப்பூர்வமாக்கினார்.இருப்பினும், அந்த செயல்முறை இன்னும் செயல்படுத்தப்படவில்லை. இந்த சட்டப்பூர்வ நடைமுறைகள் பயனுள்ளதாக இருப்பதற்கு பெண்களின் நுண்ணறிவும் அவர்களின் ஈடுபாடும் தேவை.

ஆயினும்கூட, சட்ட கட்டமைப்பில் கருக்கலைப்பு ஒரு சர்ச்சைக்குரிய தலைப்பாக தொடர்கிறது. பொது மற்றும் தனியார் துறைகளுக்கு வெவ்வேறு சட்ட நியமங்களைப் பயன்படுத்தும் முறை இலங்கையில் வழக்கமாகிவிட்டது. கருக்கலைப்பு என்பது மிகவும் தனியார்மயமாக்கப்பட்ட விஷயமாகும், இது ஒழுக்கக்கேடான மற்றும் பொது பார்வைக்கு கொண்டு வருவது வெட்கக்கேடானது. இலங்கை நாடாளுமன்ற உறுப்பினர்கள் கருக்கலைப்புக்கு தங்கள் எதிர்ப்பை நியாயப்படுத்தவும், பெண்கள் தொடர்பான பிற பாரபட்சமான நடைமுறைகளை ஆதரிக்கவும் கலாச்சார, மத அல்லது பாரம்பரிய வேறுபாடுகளை அடிப்படையாகக் கொண்ட வாதங்களை நாடியுள்ளனர். M.P.Azwar,

“எங்களிடம் ஒரு கலாச்சாரம் உள்ளது. கண்ணியமான வளர்ப்பு என்று ஒன்று உள்ளது. எங்கள் கிராமங்களில் இதுபோன்ற ஏதாவது நடந்தால் நாங்கள் அவர்களை அநாகரீகமான பெண்கள், அநாகரீகமான பெண்கள் என்று அழைக்கிறோம். அந்த அநாகரீகத்திற்கு நீங்கள் பாதுகாப்பு கொடுக்கக்கூடாது. அது எங்கள் பாரம்பரியங்களுக்கும் எதிரானது. எங்கள் கலாச்சாரம்.”

என்றார். இந்த பாரம்பரிய மத மற்றும் கலாச்சார கருத்துக்கள் பெண்களின் உரிமைகள் மற்றும் சுதந்திரங்களுக்கு எதிராக செயல்படுகின்றன, பாலின சமத்துவத்தை பாகுபடுத்தி மற்றும் குறைமதிப்பிற்கு உட்படுத்துகின்றன. எனவே, சட்டக் கட்டமைப்பானது இந்த இரண்டு நலன்களையும் சமநிலைப்படுத்தி, கருக்கலைப்பை மனித உரிமையாகக் கையாளக்கூடிய பயனுள்ள சட்டப்பூர்வ விளைவை உருவாக்க வேண்டும். எனவே, பெண்களின் இனப்பெருக்கத் திறன்களில் முடிவெடுக்கும் உரிமை, பொதுத் துறையில், பெண்கள் தங்கள் வாழ்க்கையைத் தீர்மானிக்கும் உரிமையாக ஒப்புக் கொள்ளப்பட வேண்டும். உடல்நலம், உடல் மற்றும் பாலுணர்வைப் பற்றி முடிவெடுப்பது அடிப்படை மனித உரிமை ஆகும். பெண்களின் உடல் தன்னாட்சி மற்றும் உடல் ஒருமைப்பாடு பொதுத் துறையில் அங்கீகரிக்கப்பட வேண்டும், மேலும் மத மற்றும் கலாச்சார அமைப்புகளின் காரணமாக அவர்கள் தனிப்பட்ட கோளத்துடன் கட்டுப்படுத்தப்படக்கூடாது. எனவே, இலங்கையும் பிற நாடுகளும் கருக்கலைப்பு அல்லது பெண்களின் கைகளில் உள்ளது என்பதை உணர்ந்து கொள்ள வேண்டும் மற்றும் முடிவெடுப்பது ஆண் சட்டமன்ற உறுப்பினர்களால் அல்ல. மேலும், நாடுகள் படிப்படியாக செயல்பட்டு கருக்கலைப்பை சட்டப்பூர்வமாக்குவது குறித்து பரிசீலிக்க வேண்டும்.


Penned by : Rtr. Nethumini Vihanga

Translated to Sinhala by: Rtr. Rashiprabha Sandeepani

Translated to Tamil by: Rtr. Thivesha Kirubanandan

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: