Legal Policies that brought New Zealand to the forefront of the World during the Pandemic

With the first case reported from the Wuhan area of China in December 2019, the world was gripped by the fears of a virus known Covid-19 or corona. New Zealand is currently one of the first countries in the world to have successfully controlled the corona virus.

The first Covid infection case was reported in New Zealand on the 26th of February 2020, after which about 100 cases of corona virus were reported from around the country within a month. However New Zealand adopted various strategies in response to the pandemic. On the instructions of Prime Minister, New Zealand went into a complete Lock down on the 26th of March 2020. However this step was a surpass of the level 4 response recommended by the World Health Organization. The absence of any death at the time came as a surprise to many. Moreover, the New Zealand government has taken a number of other initiatives that have greatly aided in reducing the spread of corona disease in the country. They reportedly have also used measures taken to control influenzas in order to reduce the spread of the pandemic. New Zealand had also taken steps to forcefully close down its borders and its domestic economy at the very early stages of the pandemic hitting the country. All non-essential businesses were shut down and internal travel was restricted.

The government had also decided to operate public transport only for people traveling for essential services. As a result of these expeditious measures taken in the early stages of the virus outbreak number of Covid-19 cases reported within the country by the 20th of April 2020 was less than a thousand. The New Zealand Prime Minister also issued a statement saying that the spread of the virus was under control within her country, adding that the pandemic hadn’t spread socially and that they had won the fight. Upon this statement the government took steps to reopen the country for economic activities which also enabled them to speedily recover their economy again. However, the citizens of the country were allowed to carry out their daily activities only subject to certain restrictions. People who were at a minimum risk were given the opportunity to engage in their hobbies while maintaining social distance. People were also allowed to hold weddings and funerals at the participation of a maximum of 10 people. However, people were advised to always work from home and public places remained to be closed. With the country only partially open to the public, New Zealand reached the second outbreak of the corona virus in August 2020, with a relatively increased number of reported cases and thereby an increased number of deaths. In order to combat the pandemic in this situation, the country resorted to organizing themselves using an overall State approach under the leader of the overall State as well as the contribution of the Ministry of Health and other government agencies. Moreover, New Zealand also focused in a number of other measures as a result of which the total number of reported cases of corona infections as on January 15th 2020 was only 2246. This rate was as low as 0.04% of the total population.

Let us take a look at some of the other measures taken by the New Zealand to control the spread of this corona in its own country. They strengthened the institutions, infrastructure as well as the trained public health workforce dedicated to controlling the epidemic. It also took measures for the coordination and planning of strict eradication measures for the pandemic management. Moreover, travel border management, identifying and quarantining active covid cases and isolating high risk areas were some of the other measures taken by the New Zealand government. This enabled them to suppress the deadly outbreak of the virus. It also expanded its research into the identification of viral infections, as well as high volume laboratory research, centigal observations and disease monitoring. About 8000 researches were conducted per day, which enable the rapid identification and operation of events. Measures were taken to restrict physical proximity and movement at various levels, thereby suppressing the community transmission and outbreak of the virus, as well as providing a strong counter to it. The public was aware of the importance of washing hands, following coughing etiquette, wearing masks and maintaining physical distance. Measures were also taken to increase the capacity of primary care and to increase the capacity of hospitals (Eg: Intensive Care Units). Following the introduction of immunization against the corona virus, arrangements were made to establish a highly effective vaccination process in the country. Moreover, they strengthened their vaccination process by using immunizations such as BioNTech, Pfizer, Johnson and Johnson, Novavax, Oxford and Astrazeneca. As of the 31st of March,2022, 10,965,958 people were reported to have been vaccinated in the country.

New Zealand has taken a number of legal steps to control the corona virus. All of the above measures taken to minimize corona proliferations were used within a legal framework. On the 9th of March, 2020, New Zealand declared the Coronavirus (Covid-19) as a qualified infectious disease. At the same time, a number of Health orders had been issued and a network of regulatory and other emergency powers were used in response to the virus. Health or else Covid-19 orders issued under the powers enabled by specific emergency declarations were widely used to impose various restrictions across the country. A National Emergency was also declared in New Zealand on the 25th of March 2020 under the Civil Defence Emergency Management Act of 2002. It was renewed six times until its expiration on the 13th of March 2020. Following the outbreak of the corona virus in late March 2020, an order was issued under the Epidemic Preparedness Act No.24 of 2006, which was renewed twice with effect from December 15th 2020. Apart from the 2020 Covid-19 Public Health Response Act been passed in May 2020, the new regime planned to override its special powers in order to fight these infectious diseases. The main mechanism under this Act is the issuance of Covid-19 regulations, in compliance with public health restrictions and actions. The 2020 Covid-19 Public Health Response Act was built on a more appropriate, broader range of powers as well as a more modern and robust negotiation framework. In this way, the New Zealand government took a number of legal steps to control the corona virus, which greatly aided the controlling of the pandemic within the country.

The austerity of the measures taken by the New Zealand government mentioned above show that it has been able to reduce the spread of the corona virus in the country and successfully reduce the number of deaths thereof. However, as of early April 2022, the total number of corona virus cases reported in the country had exceeded 700 and only 445 deaths reported. New Zealand thus seems to have succeeded in controlling this global pandemic within its own country.


වසංගතය අතරතුර නවසීලන්තය ලෝකය ඉදිරියට ගෙන ආ නීතිමය ප්‍රතිපත්ති

2019 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී චීනයේ වූහාන් ප්‍රදේශයෙන් වාර්තා වූ ප්‍රථම රෝගියාත් සමග ලොවම කොරෝනා හෙවත් කොවිඩ් – 19 නම් වෛරස රෝගය පිලිබඳ බියෙන් ඇළලී ගියේය. මේ වන විට මෙලෙස කොරෝනා වෛරසය සාර්ථකව පාලනය කරනු ලැබූ රටවල් අතුරින් ප්‍රමුඛ ස්ථානයක් නවසීලන්තයට හිමි වේ.

2020 වර්ෂයේ පෙබරවාරි මස 26 වන දින නවසීලන්තය තුළ ප්‍රථම කොරෝනා වෛරස් ආසාදිත රෝගියා වාර්තා වූ අතර එම සිද්ධිය වාර්තා වී මාසයක පමණ කාලයක් ඇතුළත දී එරටින් වාර්තා වූයේ කොරෝනා ආසාධිත රෝගීන් සියයක පමණ ප්‍රමාණයකි. කෙසේ වෙතත් එහිදී වසංගතයට ප්‍රතිචාර වශයෙන් එය තුරන් කිරීමේ උපාය මාර්ග අනුගමනය කිරීමට නවසීලන්තය කටයුතු කරන ලදි. නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් ගේ උපදෙස් පරිදි 2020 මාර්තු 26 වන දින සිට එරට දැඩි ලෙස අගුලු දැමීම සිදුකරන ලදි. කෙසේ වෙතත් එය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර තිබූ 4 වන මට්ටමේ ප්‍රතිචාරද ඉක්මවා යාමකි. කෙසේ වෙතත් ඒ වන විට කිසිදු මරණයක් හෝ වාර්තා වී නොතිබුණු නිසා මෙය බොහෝ දෙනා පුදුමයට පත්කරනු ලැබූ ක්‍රියාමාර්ගයක් බවට පත්විය.

ඊට අමතරව නවසීලන්ත රජය විසින් තවත් ක්‍රියාමාර්ග ගණනාවක් අනුගමනය කරනු ලැබූ අතර ඒ සියල්ල එරට තුළ කොරෝනා රෝග ව්‍යාප්තිය අවම කිරීම උදෙසා බොහෝ සෙයින් උපකාරී විය. විශේෂයෙන් ම තම රට තුළ මෙම වසංගත රෝග ව්‍යාප්තිය අවම කරගැනීම උදෙසා ඔවුන් ඉන්ෆ්ලුවන්සා රෝග මර්ධනය උදෙසා ගනු ලැබූ ක්‍රියාමර්ගද භාවිතා කරන ලද බව වාර්තා වේ. එසේම නවසීලන්තය විසින් තම දේශසීමා සහ එහි දේශීය ආර්ථිකය කුරිරු ලෙස වසා දැමීමට මුල් අවදියේදී ම කටටුතු කරන ලදි. අත්‍යවශ්‍ය නොවන සියළුම ව්‍යාපාර වසා දැමූ අතර අභ්‍යන්තර සංචාර සීමා කිරීමට ද කටයුතු කරන ලදි. එසේම අත්‍යවශ්‍ය සේවා සදහා ගමන් කරන පුද්ගලයන් සදහා පමණක් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට එරට රජය කටයුතු කරන ලදි.

වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ මුල් අවදියේදීම මෙලෙස දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කිරීම තුළින් එරට තුළ 2020 වර්ෂයේ අප්‍රේල් 20 වනදා වන විට කොරෝනා ආසාදිත රෝගීන් වාර්තා වූයේ දහයකටත් වඩා අඩු ප්‍රමාණයකි. එනිසා තම රට තුළ වෛරස ව්‍යාප්තිය පාලනය වී ඇති බව පවසමින් නවසීලන්ත අගමැතිනිය ප්‍රකාශයක් ද නිකුත් කරනු ලැබූ අතර එහි සදහන් වූයේ එරට තුළ කොතැනකවත් වෛරසය සමාජ මට්ටමේ පැතිර යාමක් දැකගත නොහැකි බවත් ඔවුන් සටන ජයගනු ලැබූ බවත් ය. ඒ අනුව නැවතත් රට ආර්ථික කටයුතු සදහා විවෘත කිරීමට එරට රජය කටයුතු කරනු ලැබීය. එමගින් නැවතත් සිය ආර්ථිකය වේගයෙන් වර්ධනය කරගැනීමට ද ඔවුන් සමත් විය. එහි දී ඔවුන් යම් යම් සීමාවන්ට යටත්ව එරට පුරවැසියන්ට තම එදිනෙදා කටයුතු කරගැනීමට අවස්ථාව සලසා දෙන ලදි. අවදානමක් නොපවතින පුද්ගලයින් උදෙසා සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් තම විනෝදාංශවල නිරත වීමට ඉඩකඩ විවර කරදෙනු ලැබීය. එසේම විවාහ හා අවමංගල්‍ය උත්සව පැවැත්වීමටද අවස්තාව හිමිවුණු අතර එහි දී සහභාගී විය හැකි වූයේ උපරිම පුද්ගලයන් 10 දෙනෙකුට පමණි. කෙසේ වුවද සෑම විටම නිවසේ සිට රැකියා සිදුකරන ලෙස ජනතාවට උපදෙස් ලබාදෙනු ලැබූ අතර පොදු ස්ථාන තව දුරටත් වසා දැමීමට කටයුතු කරන ලදි.

මෙලෙස රට අඩක් දුරට ජනතාවට විවෘතව පවතින විටදී 2020 වර්ෂයේ අගොඉස්තු මාසයේදී නවසීලන්තයේ කොරෝනා ව්‍යාප්තියේ දෙවන පුපුරා යාම වාර්තා වූ අතර එහි දී වාර්තා වන රොගීන් සංඛ්‍යාවේ හා ඒ හේතුවෙන් සිදුවන මරණ ප්‍රමාණයේ සාපේක්ෂ වර්ධනයක් දැකගැනීමට හැකියාව ලැබුණි. මෙහි දී ඔවුන් රට තුළ වෛරසය පැතිරීමට එරෙහිව සටන් කිරීම උදෙසා සමස්ත රාජ්‍ය ප්‍රවේශයක් භාවිතා කරමින් සංවිධානය විය. සමස්ත රාජ්‍ය පාලකයෙකුගේ නායකත්වයෙන් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය හා රාජ්‍ය ආයතන ඇතුළත් සම්බන්ධීකරණ රාජ්‍ය ප්‍රයත්නයක් ඇති කිරීමට කටයුතු කරන ලදි. ඊට අමතරව නවසීලන්තය විසින් තවත් ක්‍රියාමාර්ග ගණනාවක් කෙරෙහි ද සිය අවධානය යොමු කරන ලදි. කෙසේ වෙතත් මෙම සියළු ක්‍රියාමාර්ග හේතුවෙන් එරට ට්ගුළ 2021 ජනවාරි මස 15 වන දින වන විට වාර්තා වී තිබූ මුළු කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව වූයේ 2246 දෙනෙකි. එය මුළු ජනගහනයේ ප්‍රතිෂතයක් ලෙස ගත් විට 0.04% ක තරම් අවම ප්‍රමාණයක පැවතුණි.

නවසීලන්තය විසින් සිය රට තුළ මෙම කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම උදෙසා ගනු ලැබූ තවත් ක්‍රියාමාර්ග කිහිපයක් දෙස අවදානය යොමු කරමු. ඒ අනුව ඔවුන් වසංගත පාලනය කිරීම උදෙසා ඒ සදහා කැප වූ ආයතන, යටිතල පහසුකම් මෙන්ම පුහුණු මහජන සෞඛ්‍ය ශ්‍රම බලකාය ශක්තිමත් කරන ලදි. එසේම වසංගත කළමණාකරණය උදෙසා දැඩි තුරන් කිරීමේ ක්‍රියාමාර්ග සැලසුම් කිරීම මෙන්ම සම්බන්ධීකරණය ද සිදු කිරීමට කටයුතු කරනු ලැබීය. ඊට අමතරව දේශසීමා කළමණාකරණය ද සජීවී සිද්ධි හදුනාගනිමින් නිරෝධායනයට ලක්කිරීම ද වැඩි වශයෙන් වෛරස ව්‍යාප්තියට නතුවන ප්‍රදේශ හුදකලා කිරීමටද කටයුතු කරන ලදි. එමගින් වෛරස ව්‍යාප්තියේ පුපුරායාම් කළමණාකරණය කිරීමට හැකියාව ලැබුණි. තවද වෛරස් ආසාදිතයින් හදුනාගැනීම උදෙසා සිදුකරනු ලබන පර්යේෂණ පුළුල් කිරීමටද අධි පරිමා රසායනාගාර පර්යේෂණ සෙන්ටිගල් නිරීක්ෂණ ඇතුළු රෝග නිරීක්ෂණයට ද කටයුතු කරනු ලැබීය. දිනකට පර්යේෂණ 8000 ක් පමණ සිදුකරනු ලැබූ අතර මෙමඟින් වේගව්ත්ව සිද්ධීන් හදුනා ගැනීමට මෙන්ම ඒ උදෙසා කටයුතු කිරීමටද හැකියාව ලැබුණි.

විවිධ මට්ටම්වල භෞතික දුරස්ථභාවය හා චලනය සීමා කිරීමට ක්‍රියමාර්ග ගනු ලැබූ අතර එමගින් වෛරසයේ ප්‍රජා සම්ප්‍රේෂණය සහ පිපිරීම් මැඩපැවැත්වීමට මෙන්ම ඒ උදෙසා දැඩි ලෙස මුහුණ දීමට අවස්ථාව උදා විය. අත් සේදීම, කැස්සේ දී පිළිපැදිය යුතු ආචාර විධි අනුගමනය කිරීම, මුව ආවරණ පැළදීම, ශාරීරික දුරස්ථභාවය වැඩි කිරීම් උදෙසා මහජනයා දැනුම්වත් කොට කටයුතු සම්පාදනය කරනු ලැබීය. එසේම ප්‍රාථමික සත්කාර ධාරිතාව වැඩි කිරීමටද රෝහල් ධාරිතාව (උදා:- දැඩි සත්කාර ඒකක) වැඩි කිරීමටද කටයුතු කරන ලදි. කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ එන්නත් හදුන්වා දීමෙන් අනතුරුව ඉතා කාර්යක්ශම එන්නත්කරණ ක්‍රියාවලියක් එරට තුළ ඇති කිරීමට කටයුතු සම්පදනය විය. ඒ අනුව ඔවුන් BioNTech, Pfizer, Johnson & Johnson, Novavax, Oxford, Astrazeneca වැනි ප්‍රතිශක්තිකරණ එන්නත් භාවිතා කරමින් තම එන්නත්කරණ ක්‍රියාවලිය ශක්තිමත් කරන ලදි. 2022 වර්ෂයේ මාර්තු මස 31 වන දින වන විට 10,965,958 පිරිසක් එරට තුළ එන්නත්කරණ ක්‍රියාවලියට භාජනය වී ඇති බව වාර්තා වේ.

කොරෝනා වෛරස පාලනය සදහා නවසීලන්තය නීතිමය පියවර ගණනාවක් ගෙන ඇති අයුරු දැකගත හැකිය. කොරෝනා ව්‍යාප්තිය අවම කිරීම උදෙසා ක්‍රියාත්මක කරන ලද ඉහතින් සදහන් කරන ලද සියලු ක්‍රියාමාර්ගයන් නීතිමය රාමුවකට යටත්ව භාවිතා කරන ලදි. නවසීලන්තය විසින් කොරෝනා වෛරස (Covid-19) රෝගය 2020 මාර්තු මස 9 වන දින සුදුසුකම් ලත් බෝවන රෝගයක් බවට ප්‍රකාශයට පත්කඩ තිබේ. ඒ හා සමග සෞඛ්‍ය නියෝග රාශියක් ද නිකුත් කර තිබේ. වෛරසයට ප්‍රතිචාර වශයෙන් නියාමන හා වෙනත් හදිසි බලතල ජාලයක් භාවිතා කර ඇති ආකාරයක් දැකගත හැකිය. එහි දී විශේෂිත හදිසි ප්‍රකාශයන් මගින් සක්‍රිය කරන ලද බලතල යටතේ නිකුත් කරන ලද සෞඛ්‍ය හෝ Covid-19 නියෝග රට පුරා විවිධ සීමාවන් පැනවීමට බොහෝ සෙයින් භාවිතා කරන ලදි. 2002 සිවිල් ආරක්ෂක හදිසි කළමණාකරණ පනත යටතේ 2020 මාර්තු 25 වන දින ජාතික හදිසි තත්ත්වයක් නවසීලන්තය තුළ ප්‍රකාශයට පත්කරන ලදි. අවසානයේ දී එය 2020 මැයි 13 වන දින කල් ඉකුත් වන තුරුම හය වතාවක් අලුත් කර තිබේ. එසේම 2020 වර්ෂයේ මාර්තු මස අගදී සිදු වූ කොරෝනා වෛරස පුපුරා යාමත් සමග 2006 අංක 24 දරණ වසංගත සූදානම පනත යටතේ වසංගත නියෝගයක් නිකුත් කර තිබෙන අතර එය 2020 දෙසැම්බර් 15 වනදා වන විට දෙවරක් අලුත්කර බලාත්මකව පවතී. එසේම 2020 Covid-19 මහජන සෞඛ්‍ය ප්‍රතිචාර පනත 2020මැයි මස දී සම්මත කරන ලද අතර එහි බෝවන රෝගවලට එරෙහිව සටන් කිරීමට ඇති විශේෂ බලතල අභිබවා යාමට නව පාලන තන්ත්‍රයක් සැලසුම් කර තිබේ. මෙම පනත යටතේ ඇති ප්‍රධාන යාන්ත්‍රණය වන්නේ Covid-19 නියෝග නිකුත් කිරීම, මහජන සෞඛ්‍ය සීමා කිරීම් සහ ක්‍රියාමාර්ගවලට අනුගත වීමයි. එසේම මෙම 2020 Civid-19 මහජන සෞඛ්‍ය ප්‍රතිචාර පනත වඩාත් සුදුසු, පුළුල් පරාසයක බලතල අඩංගු මෙන්ම වඩාත් නවීන සහ ශක්තිමත් සාකච්ඡා රාමුවක් මත ගොඩනගා තිබේ. ඊට අමතරව මෙම පනත සෑම දින 90 කට වරක් පාර්ලිමේන්තු යෝජනාවක් මගින් අලුත් කළ යුතු අතර අවසානයේ වසර දෙකක් ඇතුළත අවලංගු විය යුතුය. මේ ආකාරයට නවසීලන්ත රජය විසින් කොරෝනා වෛරස පාලනය උදෙසා නීතිමය ක්‍රියමාර්ග ගණනාවක් ගනු ලැබූ අතර එය එරට වෛරස පාලනයට බොහෝ සෙයින් උපකාරී විය.

ඉහත දක්වන ලද නවසීලන්ත රජය විසින් ගනු ලැබූ දැඩි මෙන අවස්ථානෝචිත ක්‍රියාමාර්ග තුළින් එරට තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය අවම කිරීමටද ඒ හේතුවෙන් සිදුවන මරණ ප්‍රමාණය අවම කරගැනීමටද එරටට හැකියාව ලැබී ඇති බව පෙනී යයි. කෙසේ වෙතත් 2022 අප්‍රේල් මස මුල වන විට එරටින් වාර්තා වී ඇති මුළු කොරෝනා වෛරස ආසාදිතයින් ගණන හත්සිය දහස ඉක්මවා ගියද මරණ වාර්තා වී ඇත්තේ 445 ක් පමණි. ඒ අනුව නවසීලන්තය ඉතාමත් සාර්ථක අන්දමින් මෙම ගෝලීය වසංගතය තම රට තුළ පාලනය කිරීමට සමත්ව ඇති බව පෙනී යයි.


கொள்ளைநோய்க்காலப்பகுதியில்நியூசிலாந்தைஉலகின்முன்னணிக்குநகர்த்தியசட்டரீதியானகொள்கைகள்

2019 டிசம்பர் மாதத்தில், சீனாவின் வூஹான் பகுதியில் முதலாவதாக பதிவுசெய்யப்பட்ட  தொற்று தொடக்கம், உலகம் முழுவதும் கோவிட் 19 அல்லது கொரோனா என அறியப்படும் வைரஸைப் பற்றிய பீதியின் பிடிக்குள் சிக்கிக்கொண்டது. தற்போது, உலகிலேயே கொரோனாவை வெற்றிகரமாகக் கட்டுப்படுத்திய நாடுகளில் ஒன்றாக நியூசிலாந்து உள்ளது.

2020 பெப்ரவரி 26ம் திகதி அன்று பதிவுசெய்யப்பட்ட முதல் தொற்றினைத் தொடர்ந்து ஒரு மாதத்திற்குள் சுமார் 100 தொற்றுக்கள் பதிவாகின. ஆயினும், நியூசிலாந்து இப்பேரிடரின் நிமித்தம் பல்வேறு உத்திகளைக் கைக்கொண்டது. பிரதமரின் அறிவுறுத்தல்களுக்கு இணங்க, 2020 மார்ச் 26ம் திகதி, நியூசிலாந்து ஒரு முழுமையான முடக்கத்திற்குள் சென்றது. இது உலக சுகாதார நிறுவகத்தினால் பரிந்துரை செய்யப்பட்ட 4ம் கட்ட எதிர்வினையைக் கடந்த ஒரு நடவடிக்கை ஆகும். இந்நிலையில் மரணங்கள் ஏதும் ஏற்படாத நிலை பலருக்கு ஆச்சரியத்தைத் தந்தது. அத்துடன்,  நாட்டினுள் கொரோனா நோய்ப் பரவலைக் குறைக்க வேறுபல முயற்சிகளையும் எடுத்தது. சாதாரண காய்ச்சல் பரவலையும் கட்டுப்படுத்த நடவடிக்கை எடுத்ததாகவும் தெரியவருகிறது. பேரிடரின் தொடக்க காலங்களிலேயே, தனது எல்லைகளையும், உள்நாட்டு பொருளாதாரத்தையும் முடக்கியது. அத்தியாவசியமற்ற அனைத்து வியாபார நடவடிக்கைகளும் இடைநிறுத்தப்பட்டதுடன், உள்நாட்டுப் போக்குவரத்து கட்டுப்படுத்தப்பட்டது.

அத்தியாவசிய தேவைகளுக்காக பயணிப்போருக்கு மட்டுமே பொதுப் போக்குவரத்தை இயக்குவதாக அரசு முடிவு செய்தது. ஆரம்பத்திலேயே முன்னெடுக்கப்பட்ட இவ்வாறான நடவடிக்கைகள் காரணமாக 2020 ஏப்ரல் 20ம் திகதிளவில், நியூசிலாந்தில் பதிவாகிய கோவிட் தொற்றுக்களின் எண்ணிக்கை ஆயிரத்திற்கும் குறைவாகவே காணப்பட்டது. தமது நாட்டினுள் கொரோனாத்தொற்றின் பரவல் கட்டுப்பாட்டிற்குள் உள்ளதாகவும், அது சமூகத்தொற்றாக பரிணமிக்கவில்லை எனவும், கொரோனாவிற்கெதிரான போராட்டத்தில் தாம் வென்றுவிட்டதாகவும் தெரிவித்து நியூசிலாந்து பிரதமர் ஓர் அறிக்கை வெளியிட்டார். இதனைத் தொடரந்து பாெருளாதாரத்தை மீளக்கட்டியெழுப்பும் நோக்கில், பொருளாதார நடவடிக்கைகளை மீளத் தொடங்கும் நடவடிக்கைகளை அரசு மேற்கொண்டது. இருந்தபோதும், சில கட்டுப்பாடுகளுடனேயே மக்கள் தமது அன்றாட நடவடிக்கைகளை முன்னெடுக்க வேண்டியிருந்தது. அதிக அபாயத்திற்குள்ளானோருக்கு, சமூக இடைவெளியுடன் தமது பொழுதுபோக்குகளைத் தொடரும் சந்தர்ப்பம் கொடுக்கப்பட்டது. கூடியது 10பேருடன் திருமணங்களையும், இறுதிச் சடங்குகளையும்  நடத்த அனுமதி வழங்கப்பட்டது. மக்கள் வீட்டிலிருந்தே தமது பணியைத் தொடர அறிவுறுத்தப்பட்டதுடன், பொது இடங்கள் தொடர்ந்தும் மூடப்பட்டிருந்தன. இவ்வாறு நாடு பகுதியளவில் திறந்திருந்த போதே, 2020 ஆகஸ்ட் மாதத்தில், முன்னையதை விட கூடியளவான தொற்றுக்களுடனும், இறப்புக்களுடனும் நியூசிலாந்தில் கொரோனாவின் இரண்டாவது தொற்றுப்பரவல்  ஏற்பட்டது. இந்த நிலைமைகளுக்கு ஈடுகொடுக்க சுகாதார அமைச்சு மற்றும் பிற அரச நிறுவனங்களின் பங்களிப்புடன் முழுநாட்டிற்குமான ஒரு தலைமையின் கீழ் முழுநாட்டிற்குமான ஒரு அணுகுமுறையைக் கைக்கொண்டது. இது போன்ற இன்னும் சில செயற்பாடுகள் காரணமாக2021 ஜனவரி 15ம் திகதியின் போது ஏற்பட்ட தொற்றுக்களின் எண்ணிக்கை 2246 ஆகவே இருந்தது. இது மொத்த சனத்தொகையின் 0.04 வீதம் மாத்திரமே ஆகும்.

கொரோனா பரவலைக் கட்டுப்படுத்த நியூசிலாந்தினால் மேற்கொள்ளப்பட்ட மற்றைய நடவடிக்கைகளை நோக்கலாம். இப்பேரிடரைக் கைக்கொள்ளும் முகமாக தனது நிறுவனங்கள், உட்கட்டமைப்புக்கள், பயிற்றுவிக்கப்பட்ட பொதுச்சுகாதாரப் படையணி ஆகியவற்றை பலப்படுத்தியது. ஒருங்கிணைவு, பேரிடர் முகாமைத்துவத்தில் தொற்றழிப்பதற்கான கண்டிப்பான நடவடிக்கைகள் போன்றவற்றையும் வலியுறுத்தியது. மேலும், போக்குவரத்து எல்லை முகாமைத்துவம், கொரோனாத் தொற்றாளர்களை அடையாளப்படுத்தலும் தனிமைப்படுத்தலும், அதிக அபாயமுள்ள இடங்களைத் தனிமைப்படுத்தல் போன்றவை நியூசிலாந்து அரசினால் முன்னெடுக்கப்பட்ட ஏனைய நடவடிக்கைகள் ஆகும். இதனால் அவர்களுக்கு வைரஸின் மோசமான தாக்கங்களை ஒடுக்க முடிந்தது. வைரஸ் தொற்றுக்களை இனங்காண்பதற்கான ஆய்வுகள், அதிகளவிலான ஆய்வுகூட ஆராய்ச்சி, அவதானிப்புகள், நோய்க் கண்காணிப்பு ஆகியன தொடர்பான ஆராய்ச்சிகளை முன்னெடுத்தது. நாளுக்கு 8000 அளவிலான ஆய்வுகள் முன்னெடுக்கப்பட்டதன் காரணமாக இனங்காணுதல் மற்றும் பிற செயற்பாடுகள் துரித கதியில் மேற்கொள்ளப்பட்டன. பௌதிக ரீதியான அருகாமையை மட்டுப்படுத்த வேறுபட்ட நிலைகளில் நடவடிக்கை எடுக்கப்பட்டதால் சமூகத்தொற்றாக உருவாகும் அபாயம் குறைந்தது. கைகளை கழுவுதல், தகுந்த முறையில் இருமுதல், முகக்கவசங்களை அணிதல், சமூக இடைவெளி பேணல் போன்றவற்றின் முக்கியத்துவம் பற்றி மக்கள் விழிப்புணர்வுடன் இருந்தனர். முதன்மைப் பராமரிப்பு மற்றும் வைத்தியசாலைகளின் கொள்திறனை அதிகரிக்கவும் நடவடிக்கைகள் எடுக்கப்பட்டன. நோய்த்தடுப்பின் அறிமுகத்தின் பின், அதிக வினைத்திறனுள்ள முறையின் தடுப்பூசி வழங்கும் திட்டங்கள் உருவாக்கப்பட்டன. தமது தடுப்பூசி வழங்கும் திட்டங்களை, BioNTech, Pfizer, Johnson and Johnson, Novavax, Oxford மற்றும் Astrazeneca போன்ற தடுப்பூசிகளின் பாவனையால் வலுப்படுத்தினர். 2022 மார்ச் 31ம் திகதியளவில் 10,965,958 எண்ணிக்கையானோர் அந்நாட்டில் தடுப்பூசி பெற்றுள்ளதாகத் தெரியவருகிறது.

நியூசிலாந்து கொரோனாவைக் கட்டுப்படுத்த சில சட்டரீதியான நடவடிக்கைகளையும் பின்பற்றியது. மேற்குறிப்பிடப்பட்ட அனைத்து செயற்பாடுகளும் சட்ட கட்டமைப்புக்குள்ளேயே நடைமுறைப்படுத்தப்பட்டது. 2020 மார்ச் 9ம் திகதி கோவிட் 19ஐ தகுதியான ஒரு தொற்றுநோயாக அறிவித்தது. அதே வேளை, சுகாதார கட்டளைகள் வழங்கப்பட்டதுடன், இதன்பொருட்டு ஒழுங்குமுறை மற்றும் அவசரகால அதிகாரங்கள் பயன்படுத்தப்பட்டன. சுகாதாரம், அல்லது கோவிட் 19 தொடர்பான கட்டளைகள் பிரத்தியேக அவசரகால அறிவித்தல்களாக வெளிவந்ததுடன் இவை பல கட்டுப்பாடுகளை நாடளாவிய ரீதியில் விதிப்பதற்குப் பயன்படுத்தப்பட்டன. 2020 மார்ச் 25ம் திகதி, மக்கள் பாதுகாப்பு அவசரகால முகாமைத்துவச் சட்டத்தின் கீழ் (Civil Defence Emergency Management Act of 2002 ) ஒரு தேசிய அவசரநிலை அறிவிக்கப்பட்டது. இது 2021 மார்ச் 13ம் திகதி வரை 6 தடவைகள் புதுப்பிக்கப்பட்டது.  2021 மார்ச் இறுதியில் ஏற்பட்ட கொரோனா பரவலின் விளைவாக, கொள்ளைநோய் தயார்நிலைச் சட்டத்தின் (Epidemic Preparedness Act No.24 of 2006 ) கீழ் கட்டளை பிறப்பிக்கப்பட்டதுடன் டிசம்பர் 15இல் இருந்து இரண்டு தடவைகள் புதுப்பிக்கப்பட்டது.  அப்பால்,   தொற்றுநோய்ப் பரவலை கட்டுப்படுத்த, தமது விசேட அதிகாரங்களை ரத்து செய்யும் வகையில் 2020 கோவிட் 19  பொதுச்சுகாதார எதிர்வினைச் சட்டம், (2020 Covid 19 Public Health Response Act ) 2020 மே மாதத்தில் நடைமுறைப்படுத்தப்பட்டது. பொதுச்சுகாதார கட்டுப்பாடுகள் மற்றும் செயற்பாடுகளுக்கிணக்கமான முறையில் கோவிட் 19 விதிமுறைகளை வழங்குவதே இதன் கீழுள்ள முக்கிய உபாயமாகும்.  2020 கோவிட் 19  பொதுச்சுகாதார எதிர்வினைச் சட்டமானது, தகுந்த, பரந்தளவிலான அதிகாரங்கள் மற்றும் நவீன, வலுவான சொல்லாடல் கட்டமைப்பின் மீது உருப்பெற்றுள்ளது. இவ்வாறாக, நியூசிலாந்து அரசு, இவ் வைரஸைக் கட்டுப்படுத்த குறிப்பிடத்தக்க அளவு சட்ட நடவடிக்கைகளைப் பின்பற்றியுள்ளது.

மேற்குறிப்பிடப்பட்டது போன்ற, நியூசிலாந்து அரசினால் முன்னெடுக்கப்பட்ட, கண்டிப்பான நடவடிக்கைகள் வைரஸ் பரவலையும், அதன் மூலம் ஏற்படும் இறப்புக்களையும் குறைத்துள்ளன. 2022 ஏப்ரல் முற்பகுதியில் கொரோனாத் தொற்றாளர்களின் எண்ணிக்கை 700 பேரைத் தாண்டியதுடன், 445 இறப்புகள் மாத்திரமே பதிவுசெய்யப்பட்டிருந்தன. இதை நோக்கும் போது, நியூசிலாந்து உள்நாட்டில் இத்தொற்றுநோய்ப் பரவலைக் கட்டுப்படுத்துவதில் வெற்றியடைந்துள்ளது எனக் கூறலாம்.


Penned by Rtr. J.M.R. Sandeepanee Jayasinghe

Translated to English by Rtr. Sanduni Kawya Mallawaarachchi

Translated to Tamil by Rtr. M.C.Kanula

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: